The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

ලලිත් පිංතු ඝාතනය නීතියේ ආධිපත්‍ය බිදවැටීමේ සංකේතයක් !

T

The Leader Desk

July 19, 2021 • 5:30 AM

ලලිත් පිංතු ඝාතනය නීතියේ ආධිපත්‍ය බිදවැටීමේ සංකේතයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මනුෂ්‍ය ඝාතනය මෙයට පෙර සිදුවූ අපරාධ සැකකරුවන් අනීතිකව ඝාතනය කිරීමේ තවත් පුරුකක් යැයි සැකයක් ඇතිවීම සාධරණ බව කියන නීතිඥ සේනක පෙරේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සීසීටීවී යනාදිය පරීක්ෂා කර බැලීම අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.
  • නීතිඥ සේනක පෙරේරා එමෙන්ම වාර්තා වී ඇති අන්දමට වාහනයේ ගමන්ගත් අනෙක් දෙදෙනාට පොලිස් වෙඩි තැබීමෙන් තුවාල සිදුවූ බවත් හෝ සදහන් කර නැති බවත් දැනට වාර්තා වී ඇත්තේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවෙහි සිටින බව පමණක් බවත් නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.
  • තවද පොලිසිය ඔහුට වෙඩි තබා ඇත්තේ ඔහු ගමන්ගත් වාහනය හඹා ගොස් එය නතර කර ගැනීමෙන් පසුය.
  • මෙළෙස ඝාතනය කරන ලද ලලිත් පිංතු පතාලයට සම්බන්ධ අපරාධකරුවකු බව පෙන්නුම් කිරිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණූ ඉදිරිපත් කරන නමුත් මෙයට පෙර සිදුවූ අනීතික මනුෂ්‍ය ඝාතන සාධාරණ කිරීමටද ඔහු මෙලෙස කරුණූ ඉදිරිපත් කළ බව නීතිඥ සේනක පෙරේරා සදහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගරගතව සිට ඇප පිට නිදහස් කරන ලද ලලිත් පිංතු නම් පුද්ගලයාට ජූලි 17වනදා පොලීසිය විසින් වෙඩි තබා මරා දැමීම ගැන පරීක්ෂනය සීදුව පොලීසියෙන් ඉවත් කොට රහස් පොලීසියට බාර දිය යුතු යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.
 
මෙම මනුෂ්‍ය ඝාතනය මෙයට පෙර සිදුවූ අපරාධ සැකකරුවන් අනීතිකව ඝාතනය කිරීමේ තවත් පුරුකක් යැයි සැකයක් ඇතිවීම සාධරණ බව කියන නීතිඥ සේනක පෙරේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සීසීටීවී යනාදිය පරීක්ෂා කර බැලීම අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.
 
මිනිස් ඝාතන හයක්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු සීදුව බේස්ලයින් පාරේදී විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ. 
 
  
පොලිසිය විසින් වාහනයක ගමන් ගනිමින් සිටි ලලිත් පිංතුට පොලිසිය වෙඩි තැබුවේ ආත්මාරක්ෂාවට යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර ඇතත් එම පුද්ගලයා විසින් පොලිසියට වෙඩි තැබු බවක් එක එල්ලේ කියා නැත. වෙඩි වැදුණු කිසිදු පොලිස් නිලධාරියකු ගැනද වාර්තාවක් නැත.
 
 
Senaka perera 2 
නීතිඥ සේනක පෙරේරා
 
 
එමෙන්ම වාර්තා වී ඇති අන්දමට වාහනයේ ගමන්ගත් අනෙක් දෙදෙනාට පොලිස් වෙඩි තැබීමෙන් තුවාල සිදුවූ බවත් හෝ සදහන් කර නැති බවත් දැනට වාර්තා වී ඇත්තේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවෙහි සිටින බව පමණක් බවත් නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.
 
තවද පොලිසිය ඔහුට වෙඩි තබා ඇත්තේ ඔහු ගමන්ගත් වාහනය හඹා ගොස් එය නතර කර ගැනීමෙන් පසුය.
 
මෙළෙස ඝාතනය කරන ලද ලලිත් පිංතු පතාලයට සම්බන්ධ අපරාධකරුවකු බව පෙන්නුම් කිරිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණූ ඉදිරිපත් කරන නමුත් මෙයට පෙර සිදුවූ අනීතික මනුෂ්‍ය ඝාතන සාධාරණ කිරීමටද ඔහු මෙලෙස කරුණූ ඉදිරිපත් කළ බව නීතිඥ සේනක පෙරේරා සදහන් කරයි.
 
මෙරට ඉහළම අධිකරණයෙන් මිනීමරුවකු බව තහවුරු කල දුමින්ද සිල්වාට මහජන මුදල් මගින් වැටුප් ලබා දෙන  රාජ්‍ය ආයතනයක් සභාපතිකම් පිරිනමන ආණ්ඩුවක් ලලිත් පිංතුලාට කිසිදු නීතියක් නැතිවම මරණය අත්කර දීමෙන් පෙනී යන්නේ  පාතාල භුමිකාව වෙනස්  කිරීමේ නාමයෙන් නීතියේ ආධිපත්‍යයට පයින් ගසා කටයුතු කරන බව යැයිද සේනක පෙරේරා සඳහන් කරයි.
 
වසර තුනකට ඉහතදී  ලලිත් පිංතු විසින් සිරගෙදරදී  “රට කරවන්ට නම්” පොතක් ද  ලියා පළ කරන ලදී.
 
මෙම ඝාතනය රාජ්‍ය ත්‍රස්තවාදයේම කොටසක් ලෙස සැළකිය යුතු යැයි  'ජනබල පවුර' සංවිධානයේ ක්‍රියාධරයකු වන සුදේශ් නන්දිමාල් පවසයි.
 
 ජනබල පවුර සංවිධානයේ සභාපතිනිය වන අශීලා දන්දෙණිය සදහන් කරන්නේ මෙම ඝාතනය විසින් රටේ නීතියේ අධිපත්‍ය බිදවැටීම පෙන්නුම් කරන බවයි. ඇය තවදුරටත් සඳහන් කරන්නේ අපරාධකරුවක්ට දඩුවම් දීමට අධිකරණය තිබියදී එවැනි සැකකරුවන් මහමඟ ඝාතනය කිරීමද අපරාධයක් බවයි.
 
 
(Sri Lanka Brief -srilankabrief.org)
 
 
සබැඳි පුවත් :
 

 
THE LEADER TV 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...