The Leader News
BREAKING
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජාතික ගී පැටලැවිල්ල: නගෝයා පුරපතිගෙන් සමාව●මක්කම ගිය බංග්ලාදේශ තරුණ විවාහක යුවළගේ හිස් ගසා දැම්මේ ඇයි?●යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය●අජන්ත සෙනෙවිරත්නගේ 'පරපුරක ජීවක' ප්‍රශස්තම බෞද්ධ නවකතාව වෙයි●ඩොලර් අර්බුදයෙන් මලාවිය අඩපණ වෙයි: තෙල් පෝලිම් නිවහන කරගත් රියදුරන්ගේ කතාව●බටහිර ඉවුරේ ඔලිව් අස්වැන්න ලෙයින් තෙත්වෙයි●සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●කොළඹ වරාය සැපයුම් කේන්ද්‍රය අවලංගු වීම: පටිපාටිමය ගැටලුවක්ද? ආර්ථික අහිමිවීමක්ද?●
Top Ad
පුවත්

වසංගතය මුවාවෙන් කරන ගුරු දඩයමක් ගැන පොලිස්පතිට ලියුමක්

T

The Leader Desk

August 9, 2021 • 4:05 PM

වසංගතය මුවාවෙන් කරන ගුරු දඩයමක් ගැන පොලිස්පතිට ලියුමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නතර කරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි.
  • මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ?
අකුරු ප්‍රමාණය (Font Size):
නතර කරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. 
 
පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ හා විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්’’ බවයි.
 
 අධ්‍යාපන මිලටරිකරණය හා පෞද්ගලිකරණයට පාර සකසන කොතලාවල පනත අහෝසි කිරීම, වසර විසි හතරක් පුරා නොවිසිදුනු ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුම් ලබා ගැනීමට  ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා  පාසල්වල ගුරු- විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි. 
 
ගුරු වෘත්තීය සංගම් පවසන්නේ රටේ විවිධ ප්‍රදේශවල තම ඉල්ලීම් වලට විසදුම් ඉල්ලා ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණ පවත්වන බවයි. 
 
 
# 2021 අගෝස්තු 04 වැනිදා අගනුවර සිව් කොනින් ඇරඹි විරෝධතා රථ පෙළපාළියක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි ඒ ඉදිරියේ උද්ඝෝෂණයේ නිරතව ආපසු යමින් සිටි ගුරුවරියන් 16 ක් ඇතුළු 44 දෙනෙක් පොලිසිය මගින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රැයක් පුරා කොළඹ වරාය පොලිසියේ රඳවා තබා ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කරමින් ඇප මත මුදා හැරීම, 
 
 
# 2021 අගෝස්තු 01 සහ 2021 අගෝස්තු  04 දින වල මහනුවර පැවති ගුරු උද්ඝෝෂණයට පැමිණි ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් පිරිසකට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව 2021 අගෝස්තු 11 වැනිදා ඔවුන් අධිකරණයට කැඳවීම,    
 
 
# 2021 ජුලි 20 වැනිදා මාතර පැවති ගුරු උද්ඝෝෂණයට එක් වූ දෙදෙනෙක් ඊයේ [08] දිනයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර අද[09] ගුරුවරියක් මෙන්ම දේශපාලන ක්‍රියාකාරිණියක් වූ සාවිත්‍රි පෝල්රාජ් අත්අඩංගුවට ගෙන  ඇප මත මුදා හැරීම, 
 
 
# එමෙන්ම අද [09] යාපනයේ ගුරු - විදුහල්පතිවරු පැවැත්වූ රථ පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කළ වාහනයේ රියදුරුට හෙට  [10] දින පස්වරු 5 ට පොලීසියට කැඳවීම,  ආදිය මගින් ගුරු - විදුහල්පති වරුන්ගේ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට පොලිසිය  මැදිහත් වී ඇති අයුරු ගුරු වෘත්තීය සමිති විසින් පොලිස්පතිට දන්වා තිබේ.
 
 
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවාව,ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධින අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යා පිඨ හා උපාධිධාරි ගුරු සංගමය, ශ්‍රීලංකා ඉස්ලාම් ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, ශ්‍රීලංකා ජාතික ගුරු සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, වතු ගුරු සංගමය ඇතුළු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති විසිපහක් එක්ව මෙම ලිපිය පොලිස්පති වෙත යොමු කොට ඇත. 

 

 

 


THE LEADER

 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...