The Leader News
BREAKING
Top Ad
පුවත්

ක්‍රිෂාන්තගේ වීඩියෝව වැඩකරයි !- පාසල් රැසක වැසිකිලි නැතිබව ඇමති පිළිගනී

T

The Leader Desk

October 21, 2021 • 5:21 AM

ක්‍රිෂාන්තගේ වීඩියෝව වැඩකරයි !- පාසල් රැසක වැසිකිලි නැතිබව ඇමති පිළිගනී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මූලික ප්‍රශ්න නොවිසඳා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම ප්‍රායෝගික නැතැයිද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ට අමතරව පළාත් සභා පාසල් 244 ක් තිබෙනවා .
  • දරුවන් 90000 වඩා අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 5000කට වඩා එහි සේවය කරන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • කිසිම දිනක පාසල් නොගිය 15000කට ආසන්න පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත්වන බවත් තාමත් පාසල් යා යුතු වයසේ සිටින එහෙත් පාසල් නොගිය දරුවන් 500කට වැඩි පිරිසක් නිවෙස්වලට වී සිටින බවද, රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
යහපාලන ආණ්ඩුව පාසල් දරුවන්ට ටැබ් දෙන්න කතා කල කාලේ වැසිකිලි නැති පාසල්වල වැසිකිළි ටික හදා දුන්නා නම් කොච්චර හොඳ දැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියි. 
 
ඔහු එබව කියා සිටියේ, දිඹුලාගල වැලිකන්ද රුහුණුකෙත කනිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි. 
 
වැලිකන්ද රුහුණුකෙත කණිෂ්ඨ විද් යාලය 3.Mahesh Docuවැලිකන්ද රුහුණුකෙත කණිෂ්ඨ විද් යාලය 1.Mahesh Docu 
 
''ග්‍රාමීය පාසල්වල වැසිකිළි පහසුකම් අඩුයි. බීමට ජලය පහසුකම් අඩුයි. ඒ මූලික ප්‍රශ්න නොවිසඳා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම ප්‍රායෝගික නැතැයිද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
 
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ට අමතරව පළාත් සභා පාසල් 244 ක් තිබෙනවා . දරුවන් 90000 වඩා අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 5000කට වඩා එහි සේවය කරන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
කිසිම දිනක පාසල් නොගිය 15000කට ආසන්න පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත්වන බවත් තාමත් පාසල් යා යුතු වයසේ සිටින එහෙත් පාසල් නොගිය දරුවන් 500කට වැඩි පිරිසක් නිවෙස්වලට වී සිටින බවද, රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
 
මෙම ගැටළු වලට අදාල වගකිවයුතු රජයේ නිලධාරීන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි ද  එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
 
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය පරිපූර්ණ ද ? 
 
 
පාසල් තුල වැකිසිලි පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ ද පසුගිය ද සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර තිබු අතර අනතුරුව ප්‍රකට ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් අනුග්‍රහය දැක්වීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තොරතුරු විමසා තිබිණ. 
 
 

THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිෂාන්තගේ වීඩියෝව වැඩකරයි !- පාසල් රැසක වැසිකිලි නැතිබව ඇමති පිළිගනී | The Leader