'LGBTQ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්' ගැන නිකුත් කළ ලිපිය: වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයි නියෝග
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 14 පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.
