BREAKING
Top Ad
Life

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනේ

T

The Leader

October 25, 2021 • 1:48 AM

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
  • චිත්‍රපට නොවැම්බර් 10 වැනිදාට පෙර යොමු කළ යුතු ය.
  • ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා සම්මාන 11ක් පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
  • වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් අයදුම්කරුවෙක්ට චිත්‍රපට 3ක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒවා උපරිම මිනිත්තු 30 කාලයකට යටත්ව, 2019 දෙසැම්බර් 1 වැනිදාට පෙර නිෂ්පාදනය කළ චිත්‍රපට විය යුතු ය.

මින්පෙර සමාජ මාධ්‍යයේ පළ කළ චිත්‍රපට උලෙළට බාර නොගැනේ.

චිත්‍රපට නොවැම්බර් 10 වැනිදාට පෙර යොමු කළ යුතු ය.

ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා සම්මාන 11ක් පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.

ඒ අනුව, හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදාත්මක කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය, හොඳම තිර පිටපත, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය සහ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) යන සම්මාන එහිදී පිරිනැමෙනු ඇත.

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ දෙසැම්බර් 9 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත යි.

වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

අයදුම්පත මෙතනින් බාගත කරගන්න.

245804856 3395929997214020 101154050094223559 n


 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...