ලංකා පොලීසිය පවසයි.
නිහඩ කාලය ආරම්භ වු අගෝස්තු 2 ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා අපරාධ පිලිබඳ පැමිණිලි කිසිවක් වාර්තා වී නැතත් මැතිවරණ නීති උල්ලංඝන 19 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසන්නේ.
අත්අඩංගුවට ගත් අපේක්ෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ අගෝස්තු 4 අගහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
දහවල් දොළහ වන විට වාහන හතක්ද පොලීසිය භාරගට ගෙන තිබෙන බව ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේය.
ගත වු දින එක හමාරක කාලය තුලදී වාර්තා වු මැතිවරණ නීති උල්ලංඝන කිරීම් 19 අතර පෝස්ටර් සහ අත් පත්‍රිකා ඇලවීමේ සම්බන්ධ වැරදි 09 ක්, කටවුට්, ධජ, බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ වැරදි 04ක්, යතුරු පැදි පෙළපාලි වැරදි 01ක්, ඡන්ද පත්‍රිකා ආකෘති ලග තබා ගැනීම සම්බන්ධ වැරදි 02 ක්, බෙදා දීම සදහා ආහාර ද්‍රව්‍ය ලග තබා ගැනීම සම්බන්ධ වැරදි 01 ක් සහ පහර දීම සම්බන්ධයෙන් වැරදි 02ක් පවතින පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා අපරාධමය පැමිණිලි 93 ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තා වී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අවධාරණය කරන්නේ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් 283 ක් ද පොලීසියට වාර්තා වී ඇති බවයි.
එම පැමිණිලි පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ශ්‍රී ලංකා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනු ලබන පැමිණිලි යටතට අයත් බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න එහිදී වැඩි දුරටත් සදහන් කළේ එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අපේක්ෂකයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
එමෙන්ම ආධාරකරුවන් 455 කු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුනට එරෙහිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු එහිදී අනාවරණය කළේය.
ඡන්ද කොලයක් පන්දාහයි
ඡන්දදායකයන්ගේ නිල ඡන්ද දැක්වීම් පත්‍රිකා රුපියල් 5000 ක මුදලකට මිලදී ගැනීමට කටයුතු කරමින් සිටි බේරුවල ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සදහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තමන්ට වාර්තා වී ඇති සමස්ත ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) අගොස්තු පළමු වනදා වාර්තා කර තිබුනි.
එම වාර්තාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්රචණ්ඩ ක්‍රියා ගණන 1006 කි.
එයින් 547 ක්ම සම්බන්ධයෙන් පොහොට්ටුවට විරුද්ධව පැමිණිලි ලැබී ඇති අතර ප්රචණ්ඩ ක්‍රියා 173 ක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් දෙවැනි තැනට පැමිණ තිබුනේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි.
වෙන්න මන්ත්‍රීලා 22ක් 'නිහඬ කාලයේ' සද්දේ දමා පොලිසියට කොටුවෙති
T
The Leader
August 4, 2020 • 12:41 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මහ මැතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදු කිරීම සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීතී උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී
- අත්අඩංගුවට ගත් අපේක්ෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ අගෝස්තු 4 අගහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
- දහවල් දොළහ වන විට වාහන හතක්ද පොලීසිය භාරගට ගෙන තිබෙන බව ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේය.
- මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා අපරාධමය පැමිණිලි 93 ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තා වී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අවධාරණය කරන්නේ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් 283 ක් ද පොලීසියට වාර්තා වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


