BREAKING
Top Ad
පුවත්

විදුලිසැර වැදී දීඝජන්තු 1 හස්තියා මරුට

T

The Leader

November 28, 2024 • 10:28 PM

විදුලිසැර වැදී දීඝජන්තු 1 හස්තියා මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් ඊයේ ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
  • මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.
  •   දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බව පරිසරවේදීන් පවසති.
  •  රේවත, බරණ දීඝදන්තු 1, දීඝදන්තු 2 මේ හතර දෙනා කලා වැව් රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය නිජ බිම බවට පත් කර ගනිමින් ජීවත් වූ බවත්, එයින් දීඝ දන්තු 2 හස්තියා වෙනත් ඇතෙකුගෙ පහර දීමකින් මිය ගිය බවට විශ්වාස කරන බව ද පරිසරවේදීහු කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරු වැව  ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කලේය.

මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.

කහල්ල පල්ල කැලේ අභය භූමියේ  සියබලන්ගමුව, කලා වැව සහ බළලූ වැව් රක්ෂිත තුල කාලයක සිට සැරි සරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදීද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව  ප්‍රතිකාර ලැබූ බව වන ජීවි දෙපාර්තමේන්තුව සදහන් කලේය.  

දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බව පරිසරවේදීන් පවසති.

 රේවත, බරණ දීඝදන්තු 1, දීඝදන්තු 2 මේ හතර දෙනා කලා වැව් රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය නිජ බිම බවට පත් කර ගනිමින් ජීවත් වූ බවත්, එයින් දීඝ දන්තු 2 හස්තියා වෙනත් ඇතෙකුගෙ පහර දීමකින් මිය ගිය බවට විශ්වාස කරන බව ද පරිසරවේදීහු කියා සිටිති.

රේවත, බරණ, දීඝදන්තු 1 අකාලයේ ජීවිතක්ෂයට පත්වූයේ අනවසර විදුලි රැහැන්වල පැටලි  බවත්, කලා වැව, කහල්ල පල්ල කැලේ සැරි සැරූ පිරිපුන් දළ යුගලකින් සමන් විත සද්ධන්ත ඇත්තු  තිදෙනා එකම ආකාරයෙන් අනවසර විදුලි රැහැන් වල පැටලි ජීවිතක්ෂයට වන තෙක් අදාල අංශ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බව පරිසරවේදීහු අප කල විමසීමකදී පැවසූහ.  

කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා ලෙසට දීඝදන්තු 1 හස්තියා සැලකිණ.

විදෙස් සංචාරකයින් එම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවයි.

(අනුරාධපුර චතුරංග)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...