BREAKING
Top Ad
පුවත්

'ජනපතිගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා.''- උදය ගම්මන්පිල

T

The Leader

June 9, 2020 • 1:52 AM

'ජනපතිගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා.''- උදය ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණේ මාස 60කට බවත්, දැන් ඔහුගේ ධූර කාලයෙන් 10%ක් අවසන්ව ඇති බවත්,
  • ඔහු එබව සඳහන් කලේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
  • ''ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට.
  • දැන් එතුමාගේ ධූර කාලයෙන් 10%ක් ඉවරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණ කල් දැමීම හේතුවෙන් ඔහුට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වු බවත් පිවිතුරු හෙල උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු එබව සඳහන් කලේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට. දැන් එතුමාගේ ධූර කාලයෙන් 10%ක් ඉවරයි. මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා. රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.

ඒ නිසා ජනාධිපතිතුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකල යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.''

 

''MCC අත්සන් කළානම් 'ෆ්ලොයිඩ්' බෙල්ල පාගලා මරපු අමරිකානුවේ ලංකාවට එනවා''

ඇමරිකාවේ කළු ජාතික හතළිස් හය හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල කියා සිටියේ, MCC ගිවිසුම අත්සන් කරන්නට ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් වන බවයි.

''අද ඇමෙරිකාව එකම මළ ගෙයක්. “මට හුස්ම ගන්න බෑ” කියමින් කෙඳිරි ගාපු ජෝජ් ෆ්ලොයිඩ්ගේ හඬ ඇමෙරිකානු ජනතාවගේ හඬ බවට පත් වෙලා සමස්ත ඇමෙරිකාව පුරා ලතෝනි දෙනවා. පසුගිය ආණ්ඩුවට ඇමෙරිකානු එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කරන්නට එම්සීසී ගිවිසුම අත්සන් කරන්නට අපි ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් නේද?

එම්සීසී ගිවිසුමේ 6.8 වගන්තිය අනුව එහි නිලධාරින් ශ්‍රී ලංකාව තුල කරන කිසිම අපරාධයකට එරෙහිව නඩු පවරන්න දඬුවම් කරන්න බෑ. ඒ වගේම සෝෆා ගිවිසුමේ තුන් වන වගන්තිය අනුව ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාව රට තුල කුමන අපරාධ කළත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බෑ.

''MCC ගිවිසුම් අත්සන් කළා නම් රටට ගොඩ බහින්නේ ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කරපු සාමකාමි උද්ඝෝෂකයින් තල්ලු කරලා බිමට ඇද දාපු සාමකාමි උද්ඝෝෂණ මැදට වාහන ධාවනය කරපු ඇමෙරිකානුවන්. ''

මේ ගිවිසුම් අත්සන් කළා නම් රටට ගොඩ බහින්නේ ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කරපු සාමකාමි උද්ඝෝෂකයින් තල්ලු කරලා බිමට ඇද දාපු සාමකාමි උද්ඝෝෂණ මැදට වාහන ධාවනය කරපු ඇමෙරිකානුවන්. මේ ගිවිසුම් මගින් ඇමෙරිකානුවන් කරන අපරාධ වලට මුක්තියේ රැකවරණය ලබා ගෙන තිබෙන්නේ ඇයි? ඇමෙරිකානුවන් ලංකාවේ දී අපරාධ කිරීමට ඉඩ ඇති බවට ඔවුන් දන්නා නිසා.

ජපානයේ පිලිපීනයේ දකුණු කොරියාවේ දැනටමත් අපරාධ කරමින් සිටින නිසා. මේ ගිවිසුම් නතර කිරීමට අප කටයුතු කිරීම නිවැරදි බව ඇමෙරිකානු නිලධාරින් ඇමෙරිකානු පුරවැසියන්ට කරන ම්ලේච්ඡ ප්‍රහාර වලින් ඔප්පු වී තිබෙනවා. ඇමෙරිකානු නිලධාරියෙකු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වෙලා ගුවන් තොටුපලේ දී පීසීආර් පරීක්ෂණයකට ලක් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කර තියෙනවා.

අර ගිවිසුම් අත්සන් තැබුවා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්නේ මෙවැනි උද්ධච්ඡ නිලධාරින් නේද කියන එක මෙම ගිවිසුම් කළයුතුයැයි විපක්ෂයේ සිට හඬ නගන මංගල සමරවීර මැතිතුමාට අපි සිහිපත් කරනවා.''

 

රාජපක්ෂ පවුලේ ඥාතීන් තවමත් ඇමරිකානුවන් !

br

රාජපක්ෂ පවුලේ සමීපතම ආධාරකරුවකු වන උදය ගම්මන්පිල මෙසේ ඇමරිකානු විරෝධයක් මතුකරමින් සිටින්නේ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සමීප ඥාතින් විශාල පිරිසක් ඇමරිකානු පුරවැසියන් බවත්, පොලිස් භටයෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ගෙල දණහිසට හිර කරනු ලැබීමෙන් සිදු වූ මරණයට එරෙහිව පෙරට යමින් පවතින මහජන විරෝධයට ඇමරිකාවේ අති බහුතරයක් ජනතාව එක්ව සිටින බවත් මෙරට ජනතාවගෙන් වසන් කරමිනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...