BREAKING
Top Ad
පුවත්

ශ්‍රීපති සූරියආරච්චිගේ 'අභිරහස් මරණයට' අදට වසර 13යි

T

The Leader

February 8, 2021 • 10:16 PM

ශ්‍රීපති සූරියආරච්චිගේ 'අභිරහස් මරණයට' අදට වසර 13යි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත ශ්‍රීපති සූරියආරච්චිගේ දහතුන් වැනි ගුණානුස්මරණය අදට (09) යෙදී ඇත.
  •    2008 පෙබරවාරි 09 වැනිදා ඔහු රිය අනතුරකින් මිය ගියේ, රැස්වීමක් අවසන් කර අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටියදීය.
  •   එම රථයේ තිරිංග රියදුරුට පාලනය කර ගත නොහැකි වන සේ යම් විද්‍යුත් උපකරණයක් සවි කර තිබූ බවට එවකට පැවති රජයට චෝදනා එල්ල විය.
  •   1995 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දුන් අතර 1998 සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වූ අතර පක්ෂයේ සිටි දක්ෂතම සංවිධායකයෙකු ලෙසද නමක් දිනා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ශ්‍රීපති සූරියආරච්චි ශ්‍රී ලාංකීය දේශපාලනයේ කෙටි කලක් තුල දිලිසි දිලිසී නිවී ගිය තරුවකි.
 
 2008 පෙබරවාරි 09 වැනිදා ඔහු රිය අනතුරකින් මිය ගියේ, රැස්වීමක් අවසන් කර අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටියදීය.
 
එම අනතුර ඒ සමයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළේ එය ඉතා සැකසහිත අනතුරක් බවට ප්‍රචාරය වීම  නිසාය. 
 
රථය පාලනය කර ගැනීමට රියදුරු අපොහොසත් වීම නිසා ඇතිවුණු මරණයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් බොහෝදෙනා ඒ පිළිබඳව සැක පහළ කළේ, එකල ඔහු රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල භූමිකාවක් සිදුකරමින් සිටී අයකුවීම නිසාය.
 
එම රථයේ තිරිංග රියදුරුට පාලනය කර ගත නොහැකි වන සේ යම් විද්‍යුත් උපකරණයක් සවි කර තිබූ බවට එවකට පැවති රජයට චෝදනා එල්ල විය.
 

Car Sripathiමහින්ද රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ සටනේදී මෙන්ම ඔහුව ජනාධිපති කරලීම් මෙහෙයුමේදී පෙරමුණ ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතරින් ශ්‍රීපතිට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. 

 
1962 සැප්තැම්බර් 08 වැනි දින උපන් සූරියආරච්චි මහතා වත්තල ශාන්ත අන්තෝනි විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබූ අතර පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්වීමට සමත් විය.
 
1995 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දුන් අතර 1998 සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වූ අතර පක්ෂයේ සිටි දක්ෂතම සංවිධායකයෙකු ලෙසද නමක් දිනා සිටියේය.
 
2001 දී පරිවාස ආණ්ඩුව බිඳවැටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව එය නැවත ලබාගැනීම සඳහා පුරෝගාමී වූ අතලොස්සක් දෙනා අතර ශ්‍රීපති සූරියආරච්චිකැපී පෙනෙන චරිතයක් විය. 
 
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැඟීමේ පුරෝගාමි වැඩ කොටසක් ඉටුකළ ඔහු  2004 දී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට රාජ්‍ය බලය නැවත ලබාගැනීම සඳහා ගෙන ගිය අරගලයේද ප්‍රබල චරිතයකි.
 
2004 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඔහු  2005 පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමක් සිදුකළ අයෙකු විය.
 
අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්වූ අතර කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන්ද කටයුතු කළේය.
 
මාස කිහිපයකට පසු එම නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු, අමාත්‍ය මංගල සමරවීර සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය පිහිටුවා ගත් අතර එහි ජාතික සංවිධායක ලෙසද කටයුතු කළේය.
 

Sripathi Mangala

 
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය රහසිගත මෙහෙයුමක් කළ බවට ඔහු විසින් හෙළිදරව් කිරීමත් සමග ඔහු  රාජපක්ෂ ආණ්ඩුවේ දරුණු දේශපාලන පළිගැනීමට ලක්විය.
 
ඒ අනුව,  2007 මාර්තු මාසයේ රජයේ වාහන අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහුව රිමාන්ඩ් කෙරුණු අතර අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම වසරේ අප්‍රේල් මාසයේ දී ඔහුව ඇපමත මුදාහරින තුරුම රෝහල් ගත නොවී බන්ධනාගාර රැඳවිකුව සිටීමට තරම් ධෛර්යක් තිබූ දේශපාලනඥයකු විය.
 
එසේම බන්ධනාගාරයෙන් පිටවනතුරුම ඔහු තමාට එල්ල කර ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය. 
 
මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර සමග පමණක් නොව, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංග, බැසිල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, විමල් විරවංශ  ඇතුළු දේශපාලනඥයින් රැසක් සමග සමීප ඇසුරක් පවත්වමින් මොහු මෙරට දේශපාලනයේ සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ ද ඔහුගෙන් පලප්‍රයෝජන ගත් බොහෝ දේශපාලනඥයින් ඔහුගේ  මරණින් පසු ඔහුගේ පවුලේ දුක සැප සොයා බැලීමට වචනයකින් හෝ  ඉදිරිපත් නොවීම මෙරට දේශපාලනයේ කැතකම පෙන්වන තවත් එක් නිදර්ශනයකි.

  

 

 (අවුරුදු තුනකට පෙර ශ්‍රීපති සුරියආරච්චිගේ බිරිඳ දිල්රුක්ෂි සුරියආරච්චි සහ දියනිය ගේ අදහස් දැක්වීමකි)

 

 
 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...