BREAKING
Top Ad
පුවත්

මැතිල්ඩා කාල්සන් : කෝටි 140 ක අශ්වයෙක් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඔලිම්පික් තරඟ බිමට

T

The Leader

August 2, 2021 • 11:24 PM

මැතිල්ඩා කාල්සන් : කෝටි 140 ක අශ්වයෙක් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඔලිම්පික් තරඟ බිමට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිල්ඩා කාල්සන් (MATHILDA KARLSSON/FACEBOOK)
  •   කාන්තා කේවල අංශයේ ශෝ ජම්පින් ඉසව්වෙන් 35 හැවිදිරි මැතිල්ඩා කාල්සන්ය තරග වදීයි.
  •   ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතය.
  •   ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පළමු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාස ගත වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අද තරග බිමට පිවිසේ.
 
කාන්තා කේවල අංශයේ ශෝ ජම්පින් ඉසව්වෙන් 35 හැවිදිරි මැතිල්ඩා කාල්සන්ය තරග වදීයි.
 
ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතය.
 
ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පළමු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාස ගත වෙයි.
 
ඇය තරගයට සහභාගී වනු ඇත්තේ 'චොපින්' නම් අශ්වයා සමගය.  ඇය සිය තරග ඉසව්ව සදහා එක් කර ගන්නා එම අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142 කට අධික වන බව විදෙස් වාර්තා පවසයි.
 
 
Mathilda Karlsson 1 
 
මැතිල්ඩා කාල්සන් ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අතර වයස මාස 3ක් වනවිට ඇයගේ භාරකාරත්වය ස්වීඩන පවුලකට ලබා දී තිබේ.
 
ස්වීඩනයේ ජීවිතයට හුරුවීමෙන් අනතුරුව ඇය සිය විනෝදාංශය ලෙස තෝරාගත්තේ, අශ්වයින් හා පෝනියන් සමග ගත කිරීමයි.
 
මැතිල්ඩා පසුව කාලයත් සමග වෘත්තීය මට්ටමට පැමිණියේ ඇය සතු නොපසුබට උත්සාහය හේතුවෙනි. 
 
ස්විඩනය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ හැකියාව පැවතියද ඇය 2018 වසරේ ද ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම මාතෘ භූමිය නියෝජනය කරමින් ලොව පුරා තරග කිරීමට ය.
 
2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට අයත් තරග අංශ 3ක් නියෝජනය කරමින් තරග කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ තරගකරුවන් 200 දෙනෙකුට පමණි.
 
එහිදී කණ්ඩායමකට ඇතුළත් නොවී කේවල තරග සඳහා ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩිකාවන් 15කට අවස්ථාව හිමිවන අතර ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් තෝරා ගනු ගෙන තිබේ.
 
ගිනිකොණ දිග ආසියානු හා ශ්‍රී ලංකාව ඇතුළු හා ඕෂනියා කලාපීය රටවල් සඳහා හිමිවූයේ ස්ථාන 2ක් පමණි. මැතිල්ඩා ජාත්‍යන්තරයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට එක් ස්ථානයක් හිමිව තිබේ.
 
60761880 10156465535662712 1336912500498628608 n 
 
"ස්වීඩනයට මම බොහොම ආදරය කරනවා. ඒ රටේ මෙය ක්‍රීඩාවකට වඩා සමාජයේම කොටසක් හැටියටයි තිබෙන්නේ. අශ්වාරෝහකයෙකු වෙන්න ඉගෙන ගන්නවාට වඩා, එකිනෙකා එක්වෙලා හඳුනාගන්නා ස්ථාන හැටියටයි ඒ පාසල් සලකන්නේ.
 
මාව ස්වීඩනයට අරගෙන ගියාට පස්සේ පළමු වතාවට මම ලංකාවට ආවා. එතකොට දැක්කා මේ රටේ සහ මිනිසුන්ගේ සුන්දරත්වය. නමුත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම මානසිකව පහසු කටයුත්තක් වුණේ නැහැ," මැතිල්ඩා පැවසීය.
 
ශ්‍රී ලංකාවට පැමිණි මැතිල්ඩාට පුරවැසිභාවය ලබා දී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ අරමුණින්ය. 
 
මේ, අද දිනයේ ඔලිම්පික් තරග බිමට පිවිසෙන මැතිල්ඩා කාල්සන් පිළිබද 'නෙත් ස්පෝර්ට්ස්මන්' තබන සටහනක්.
 
 
 
 
THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...