BREAKING
Top Ad
පුවත්

බහුජාතික සමාගමක් රුපියල් කෝටි 150ක රේගු බදු වංචාවක !

T

The Leader

February 17, 2021 • 3:56 AM

බහුජාතික සමාගමක් රුපියල් කෝටි 150ක රේගු බදු වංචාවක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රේගුව බහුජාතික සමාගමකින් අය කරගත යුතු රුපියල් කෝටි 150ක් වූ බදු මුදලක් අය කර නොගෙන
  •   මේ කෝටි 150න් රුපියල් කෝටි 50ක් ඒ සමාගම විසින් රේගුවට නොගෙවා පැහැර හරිනු ලැබ තිබෙන බදු මුදල් වන අතර ඉතිරි රුපියල් කෝටි 100 නොගෙවූ බදු වෙනුවෙන් පැනවූ දඩ මුදල බව ද ඒ වෘත්තීය සමාගම් අනාවරණය කරයි.
  • චාල්ස් ට ලිඛිතව පැමිණිලි කර තිබෙන බව ද අනාවරණය කරයි.
  •   කෙසේවුවද මෙරට ක්‍රියාත්මක අදාල බහුජාතික සමාගමේ නම ප්‍රකාශ නොකිරීමට වගබලා ගෙන ඇති 'ඉරිදා ලංකාදීප'ය, රේගු අධිකාරි ඩී.කේ.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):
මගහරින පිළිවෙතක් අනුගමනය කරන බවට රේගුවේ වෘත්තීය සමිති චෝදනා කරති.
 
මේ කෝටි 150න් රුපියල් කෝටි 50ක් ඒ සමාගම විසින් රේගුවට නොගෙවා පැහැර හරිනු ලැබ තිබෙන බදු මුදල් වන අතර ඉතිරි රුපියල් කෝටි 100 නොගෙවූ බදු වෙනුවෙන් පැනවූ දඩ මුදල බව ද ඒ වෘත්තීය සමාගම් අනාවරණය කරයි.  
 
අදාළ බහුජාතික සමාගම අමුද්‍රව්‍යයේ නම වෙනස් කරමින් 'පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස්' (Palm Oil Fatty Acid) ආනයනය කර තිබෙන බව හෙළි කරන රේගු වෘත්තීය සංගම්, මේ වංචාව පිළිබඳව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය 2019 පෙබරවාරි 12 වැනිදා එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එච්. චාල්ස් ට ලිඛිතව පැමිණිලි කර තිබෙන බව ද අනාවරණය කරයි.  
 

lanka3lanka4සංගමයේ සභාපති මහාචාර්ය නිමල් පුණ්‍යසිරි ගේ අත්සනින් යොමුකර තිබු ලිපිය. 

 
ඒ පිළිබඳ ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයෙන් කළ විමසීමක දී එහි ප්‍රධානියකු සඳහන් කළේ මෙම වංචාව පිළිබඳව තමන් වර්තමාන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හමුවී සිය ලිඛිත පැමිණිල්ල පිළිබඳව යළි සිහි කැඳවීමක් කළත් මෙතෙක් ශ්‍රී ලංකා රේගුව අදාළ බහුජාතික සමාගමෙන් අදාළ දඩ මුදල කෙසේ වෙතත් බදු මුදලවත් අයකරගෙන නොමැති බවය. 
 
 ශ්‍රී ලංකා රූපලාවන්‍ය  නිෂ්පාදකයන්ගේ සංගමයේ පැමිණිල්ල මත හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර ගෙන් 'ඉරිදා ලංකාදීප' පුවත්පත කළ විමසීමේ දී හෙතෙම සඳහන් කර ඇත්තේ,  ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට තමන්ට බලයක් නොමැති බවය. 
 
'බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා' යන සිරස්තලයෙන් යුතුව 2021 පෙබරවාරි මස 14 වන ඉරිදා 'ඉරිදා ලංකාදීප' පුවත්පතේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පලවී තිබිණ.
 
කෙසේවුවද මෙරට ක්‍රියාත්මක අදාල බහුජාතික සමාගමේ නම ප්‍රකාශ නොකිරීමට වගබලා ගෙන ඇති 'ඉරිදා ලංකාදීප'ය, රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර සමග සිදුකල ලිපි ගනුදෙනු ද අනාවරණය කර නොමැත.
 
 
කෙසේවුවද රේගු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තා වුයේ මෙවැනි චෝදනාවට ලක්ව ඇත්තේ බහුජාතික 'යුනිලීවර් ශ්‍රී ලංකා' සමාගම බවයි.
 
 
 
රේගුවට යොමුකළ ලිපි සහ ප්‍රතිචාරය !
 
ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නිමල් පුණ්‍යසිරි විසින් 2019 මැයි මස 06 දා හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට යොමුකර තිබු ලිපියත්, 2019 ඔක්තෝම්බර් 15 දා රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර වෙත යොමුකර ඇති ලිපියේ පිටපත් හා රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර විසින් 2020 ජනවාරි 09 දා ලබාදී ඇති ප්‍රතිචාරයට අදාල ලිපියේ පිටපත් පහත පළවේ.
 

lanka5

lanka6

lanka7

 
 
 
පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් -PALM OIL FATTY ACID ?
 GettyImages 483563566 
සබන් සහ බේදින් බාර් නිපදවීම සඳහා භාවිතා කරන ප්‍රධානතම අමුද්‍රව්‍යක් වන්නේ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ය. එය ආනයනික අමුද්‍රව්‍යකි. 2000 වසරේ සිට 2018 ඔක්තෝබර් 08 වනදා තෙක් යුනිලීවර් සමාගම ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ සහන මත පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයන කර ඇති අතර ඒ තීරුබදු රහිතවය.
 
 
 
ඒ අනුව ගණනය කළහොත් යුනිලීවර් ලබා ඇති බදු සහනය වසරකට මිලියන 650 සිට 800ක් පමණ දක්වා වෙයි. එකී වසර 18 තුළ මෙම බදු සහනය නිසාවෙන්ම යුනිලීවර් ලැබූ අමතර ලාභය ද රුපියල් බිලියන 12ක් පමණ ලෙස තක්සේරු කළ හැකිය.
 
යුනිලීවර් සමාගම එතරම් විශාල බදු සහනයකට හිමිකම් කියන අතරේ තමන්ට එකී බදු සහනය හිමිව නැති බවත්, එබැවින් තමන් තම අමුද්‍රව්‍ය සඳහා 30%ක බද්දක් ගෙවමින් සිටින බවත් දේශීය සබන් නිෂ්පාදකයන් මැසිවිලි නගති.
 
 
 
2018 අලුත් බද්ද !
 
කෙසේවුවත් 2018 ඔක්තෝබර් 08 වනදා එවකට ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය විසින් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) ආනයනයේදී 25%ක රේගු බද්දක් පනවා ඇත. එය 2018 ඔක්තෝබර් 09 වනදා සිට බලාත්මක විය.
 
වාර්තාවන අන්දමට මෙහිදී ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වී ඇති යුනිලීවර් සමාගම නව බද්ද නොගෙවීමට අපුරු උපායක් යොදා ගෙන ඇතැයි චෝදනා එල්ලවේ.
 
ඒ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) යන නිවැරදි ඛාණ්ඩය යටතේ සුපුරුදු ආනයනය සිදුකරනු වෙනුවට බදු පනවා නැති HS අංක 3823.19.90 යන ඛණ්ඩය යටතේ ආනයන සිදුකරමින්ය. 
 
ඒ අනුව බලනවිට මෙහි පැහැදිලි බදු වංචාවක් සිදුව ඇති අතර ඒ තුළ රුපියල් මිලියන 570 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැරහැර ඇත.
 
 
 
රේගුවට පැමිණිල්ලක් !
 
මේ හමුවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මේ සම්බන්ධව එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් වෙත 2019 පෙබරවාරි 12 වනදා යොමුකර තිබු ඉහත පළකර ඇති ලිපියේ යුනිලීවර් බදු වංචාවට අමතරව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම සංගමයේ සාමාජිකයන් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) සඳහා 25% ක රේගු බද්ද නිවැරදිව ගෙවමින් ආනයන සිදුකරන බවය.  
 
එම පැමිණිල්ලෙන් පසුවද යුනිලීවර් නියමිත ආකාරයෙන් බදු ගෙවීමට කටයුතු කර නොමැත.
 
 2019 මාර්තු 18 වනදා යළිත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවී පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය කටයුතු කර ඇත්තේ ඒ අනුවය. 
 
එදින සාකච්ඡාව සඳහා රේගුවේ ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගීවී ඇති අතර එහිදී යුනිලීවර් වංචාව සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවට සහතිකවී තිබේ.
  
 
ඒ අනුව ආරම්භ වී ඇති පරීක්ෂණ වලදී යුනිලීවර් සමාගම පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් (HS අංක 3823.19.20) වෙනුවට වංචනික ලෙස  (HS අංක 3823.19.90 ) ඛාණ්ඩය යටතේ ආනයනය කර ඇති බව අනාවරණය කරගෙන ඇති අතර 2019 අප්‍රේල් වන විට මිලියන 570ක පමණ බදු වංචාවක් සිදුව ඇති බවත් හෙළිදරව් කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
 
 
 
මේ අතර ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ඉහත පලවී ඇති  2019 මැයි 06 වනදා ලිපිය මගින් දන්වා ඇත්තේ වංචා කළ බදු මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙසයි.
 
'ඉරිදා ලංකාදීප' පුවතේ සඳහන් වන්නේ පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයනයේ මේ බදු වංචාව රුපියල් මිලියන 1500කට වඩා වැඩි බවය. නමුත් රේගු ආරංචිමාර්ග පවසන්නේ එකී මුදල රුපියල් මිලියන 2200කට වඩා වැඩි විය යුතු බවය.
 
 
කෙසේ වුවත් මෙකි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම වැඩි බදු අයකර ගැනීම වලක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ අංක  19/2021 යටතේ රේගුවට එරෙහිව නඩු පවරා තිබේ.
 

පිළිතුරුදීමේ අයිතිය :


theleader.lkහි පලවී ඇති පුවතකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. 

සංස්කාරකවිද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com


 

 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...