BREAKING
Top Ad
පුවත්

මුලතිව් වට්ටුවාකල් : අවුරුදු 4ක් පරණ නඩුවක් ආයෙත් කල් යයි

T

The Leader

February 12, 2022 • 2:30 AM

මුලතිව් වට්ටුවාකල් : අවුරුදු 4ක් පරණ නඩුවක් ආයෙත් කල් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුර පුළුල් කිර්රීම සඳහා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීමට විරුද්ධවුවන්ට එරෙහිව සිව් වසරක් විභාග වන නඩුවක් තව දුරටත් කල් දමා තිබේ.
  • සිතාසි නිකුත් කළොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස චුදිතයන්ට දැන්වූ මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නඩු විභාගය ජුලි 26 වැනිදා දක්වා කල් තැබීය.
  •  ''මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 627,917 ක්.
  • යුද්ධයට කලින් අක්කර 21,017 ක ඉඩම් ප්‍රමාණයක් මුලතිව් ජනයා සතුව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


 දෙමළ ජනයාට අයත් මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 617 ක්  බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට 2018 පෙබරවාරි මාසයේදී මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරුවන්ට බාධා කරමින්, ඔවුන් පැමිණි වාහනයට අලාභානි කළ බවට හා ගෝඨාභය නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණය චෝදනා යටතේ දේශපාලනඥයන් ඇතුළු බහුජන සංවිධාන ක්‍රියාධරයන් සිව් දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුව ඇප මත මුදාහැරිනි.

 දෙමළ ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්.කේ.සිවාජිලිංගම්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිකරන්, ඉලංගෙයි
තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික, එම පක්ෂයේ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලන්චේලියන් සහ මුලතිව් දිසා ධීවර සමිති සම්මේලනයේ  ක්‍රියාකාරී නායකයකු වන අන්නලිංගම් ෂන්මුගලිංගම්ට එරෙහිව පවරා ඇති නඩුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිව් වසරක් පුරාවට කල් දමමින් පැවතිණි.

ඉකුත් පෙබරවාරි 8 වැනිදා මුලතිව් දිසා අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී උසාවියේ සියළුම නීතිඥවරුන් ඉල්ලා සිටියේ දිගින් දිගටම නඩුව කැඳවීමට වඩා ඒ ගැන නීතිපති ගෙන් විසදුමක් අපේක්‍ෂා කරන බවයි.

සිතාසි නිකුත් කළොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස චුදිතයන්ට දැන්වූ මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නඩු විභාගය ජුලි 26 වැනිදා දක්වා කල් තැබීය.




 ගෝඨාභය නාවික හමුදා කඳවුරට බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීමට 2021 අගෝස්තුවේ දී යළිත් ආණ්ඩුව සුදානම් වීමේදී උතුරේ දේශපාලඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන් හා ඉඩම් අහිමිකර ඇති ප්‍රදේශවාසින් එකතුව මුලතිව් පරන්තන් මාර්ගය හරස් කරමින්, ගෝඨාභය නාවික කඳවුර ඉදිරිපිට වාඩි ලා දැක්වූ විරෝධය හේතුවෙන් එය හකුලා ගැනීමට සිදුවිණි.



 මුලින් අක්කර 617 ක් ගෝඨාභය නාවික හමුදා කඳවුර වෙත පවරා ගෙන තිබුන ද අද වන විට එම කඳවුර විසින් අත්පත් කරගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 670 යි රූඩ් 3 යි පර්චස් 10 ක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

 ''මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 627,917 ක්. යුද්ධයට කලින් අක්කර 21,017 ක ඉඩම් ප්‍රමාණයක් මුලතිව් ජනයා සතුව තිබුණා. දැන් ඒ ප්‍රමාණය අක්කර 16,025 ක් දක්වා අඩුවෙලා තියෙනවා. කැළෑ ප්‍රදේශ ලෙස වෙන්කරලා තියෙන අක්කර 420,300 ක් හැරුණම ඉතිරි සියල්ලම මේ වෙනකොටආණ්ඩුව  විසින් අත්පත් කරගත් ඉඩම්,'' යැයි පෙන්වා දෙන ඔහු පවසන්නේ රජයේ ආරක්ෂක හමුදාවලට අමතරව පුරාවිද්‍යා, වන ජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හා මහවැලි අධිකාරිය ඇතුළු ආයතන රැසක් බලහත්කාරී ගැසට් නිවේදන මගින් ඉඩම් අත්පත් කරගැනීම් සිදුකරන බවය.

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...