BREAKING
Top Ad
පුවත්

මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි !

T

The Leader

June 25, 2022 • 11:08 PM

මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) අද (26) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
  • ඉන්ධනහල් 70%කට වඩා තෙල් නැතිව වැසෙයි !
  • කෙසේ වුවද ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට රට පුරා පවතින ඉන්ධනහල්වලින් සියයට 70ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවයි.
  •  බලශක්ති අමාත්‍යවරයා ද ඉන්ධන සැපයීමේ අපහසුතාව පිළිබඳව දැනුම් දී ඇති අතර රටේ සියලුම කටයුතු ඉදිරි දින කිහිපය තුළ අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, රුපියල් 450 කට පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ද, රුපියල් 400 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටර් එක මිල රුපියල් 60 කින් ද, රුපියල් 445 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ද, මිල ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 460 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

PHOTO 2022 06 26 09 35 30

ඉන්ධනහල් 70%කට වඩා තෙල් නැතිව වැසෙයි !


කෙසේ වුවද ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට රට පුරා පවතින ඉන්ධනහල්වලින් සියයට 70ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවයි.

 බලශක්ති අමාත්‍යවරයා ද ඉන්ධන සැපයීමේ අපහසුතාව පිළිබඳව දැනුම් දී ඇති අතර රටේ සියලුම කටයුතු ඉදිරි දින කිහිපය තුළ අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව තිබේ.

බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින 92 පෙටුල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති බවත්, එය බවුසර 20කටවත් පුමාණවත් නොවන බවත් ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

 සාමාන්‍ය දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල සිදු කරන ලද සීමා කිරීම් සමඟ දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3200ක් පමණ සැපයුමක් සිදු කළ ද මෙම තත්ත්වය තුළ ඉදිරියේදි පෙට්‍රල් සැපයුම දැඩි ලෙස සිමා කිරීමට සිදුව ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් එකක ලීටර 122,000ක් පමණ පවතින අතර සාමාන්‍යෙයන් මේ දිනවල  පෙට්‍රල් ඉන්ධන හල් වෙත බෙදා හැරෙනුයේ ලීටර 6600 ධාරිතාව සහිත බවුසරවලය.

මේ වනවිට පවතින  සංචිතවලින් එවැනි  බවුසර 20කට ආසන්න පුමාණයක් බෙදිය හැකි වන එම තොගයද සංචිත ලෙස රඳවා අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බෙදා හැරීමට මේ වනවිට අවධානය යොමුව ඇත.

පෙරේදා පැමිණීමට තිබූ ඉන්ධන නැවද විදේශීය බැංකුවකින් අදාළ ණයවර ලබි මුදා හැරීම පුමාද වීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත නොහැකි විය.  

ඊයේ (25) සවස බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

 
මේ අතර ඉන්ධන බෙදීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට බලවත් විරෝධයක් එල්ලවී ඇත.  පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී ශාම් නුවන් ගනේවත්ත සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති ට්විට් පණිවිඩයකි.


twats


සබැඳි පුවත් :

බලශක්ති ඇමති 'සොරි' කියයි : තෙල්-ගෑස් අර්බුදයේ ඉදිරි සතිය !



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...