වරකාපොළ තුල්හිරිය MAS රෙදිපිළි උද්‍යානයේ සාර්ථකත්වය සියැසින් දැකබලා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක් නිරත විය.
ආසියානු සංවර්ධන බැංකු නියෝජිත පිරිස මෙහිදී මහත් හරසරින් පිළිගත් අතර අර්ථවත් හවුල්කාරිත්වයන් සහ ආයෝජන හරහා පෞද්ගලික අංශයට සහාය වීමට ADB දරන උත්සාහය අගය කර තිබේ .
මෙම සංචාරයේ දි ADB කණ්ඩායමට MAS හි මෙහෙයුම් අත්විඳීමට සහ නිෂ්පාදන විශිෂ්ටත්වය සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා සමාගමේ කැපවීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.
තිරසාර වර්ධනයක් සහ ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම සඳහා MAS වැනි ප්‍රමුඛ පෞද්ගලික අංශයේ සමාගම් සමඟ හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය වන බවත් ADB හි සංවර්ධන ප්‍රමුඛතා සමඟ දැඩි ලෙස පෙළ ගැසෙන නවෝත්පාදන සහ පාරිසරික භාරකාරත්වය සඳහා සමාගමේ කැපවීමෙන් අපි දිරිමත් වන බවත් ශ්‍රී ලංකාව සඳහා ADB හි නේවාසික අධ්‍යක්ෂ ටකෆුමිකඩෝනෝ පැවසීය.
මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් MAS ආයතනික කටයුතු අධ්‍යක්ෂ රජිත ජයසූරිය මෙසේ පැවසීය,
"MAS Fabric Park හි දී ටකෆුමි කඩෝනෝ සහ ADB නියෝජිත පිරිසට සත්කාරකත්වය සැපයීමට ලැබීම වරප්‍රසාදයක්. ඔවුන්ගේ සංචාරය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ විකාශනය වන ගතිකතාවයන් අවබෝධ කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල වර්ධනය වන වැදගත්කම පිළිබිඹු කිරීමක්.''
“MAS හෝල්ඩින්ග්ස් හි දී, අපගේ කාර්යභාරය රැකියා උත්පාදනයට වඩා බොහෝ සෙයින් විහිදේනවා. ජීවිත නංවාලීම, ප්‍රජාවන් බලගැන්වීම සහ අපගේ ගෝලීය පියසටහන පුරා නවෝත්පාදනය සහ තිරසාරභාවය මෙහෙයවීම සඳහා අපි කැපවී සිටිනවා.
මෙවැනි අර්ථවත් මැදිහත්වීමක් කර්මාන්ත සහ සංවර්ධන හවුල්කරුවන් අතර පාලම් ගොඩනැගීමට, ඇතුළත් වර්ධනය සහ දිගුකාලීන බලපෑම සඳහා නව මාර්ග විවෘත කිරීමට උපකාරී වේ" රජිත ජයසූරිය තවදුරටත් පැවසීය.
''රැකියා, අපනයන ආදායම සහ කාර්මික සංවර්ධනයේ ප්‍රධාන ධාවකයෙකු ලෙස දිගටම පවතින ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා මෙම සම්බන්ධතාවය තීරණාත්මක අවස්ථාවකට පැමිණිමක්.
ADB වැනි ප්‍රමුඛ සංවර්ධන ආයතනයක් සමඟ සම්බන්ධ වීමෙන්, MAS සමස්ත අංශයම ශක්තිමත් කළ හැකි විශේෂිත ආයෝජන, දැනුම බෙදාගැනීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් සඳහා ඇති හැකියාව ඉස්මතු වු බව ද රජිත ජයසූරිය කීය.
(සටහන | ජේ. මුණසිංහ)




