තැචර්ගෙන් පස්සේ ලෝකය වෙනස්ම එකක්. තැචර්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පස්සේ

වාමාංශික ලෝකය මෙලන්කොලියාවකට ගමන්කරා කියල වෙන්ඩි බ්‍රවුන් කියනවා. මෙතෙක් පැවති කුසීත ලෝකය තැචරියනු ප්‍රතිසංස්කරණ එක්ක උඩු යටිකුරු වෙනහැටි හනිෆ් කුරේෂි දැක්ක.

විශේෂයෙන් අධ්‍යාපනය කියන එක මේ ආර්ථික මොඩලය එක්ක වෙනස් වෙනවා.

මෙච්චර කල් සම්භාව්‍ය දැනීම ''දැනුම'' සඳහාම පවතිනවා වෙනුවට දැනුම එක්ක තවත් දේවල් ටිකක් මිනිස්සුන්ට ඉගෙන ගන්න මේ ක්‍රමය විසින් බලකළා.

භාෂා දැනුම, තාක්ෂණ දැනුම, කළමනාකරණ හැකියාව, ව්‍යාපාර හැකියාව, කතා බහ කරන හැටි, හැසිරෙන හැටි වගේ ගොඩක් කුසලතා මේ ඔස්සේ ඉගෙනගන්න බලකලා.

මේ ලෝකේ පවතින්න ඕනි නම් ඒ හැකියාවල් තියෙන්න ඕනි කියල අනීටා දේසායි උනත් කියනවා එයාගේ A Village by the Sea පොතේ.

වැඩ කරන්න. ඒ වැඩ කිරීම එක්ක ඔබ වෙත යම් සතුටක් එන්න පුළුවන්. වැඩ එක්ක ඔබට නිර්මාණශීලි වෙන්න පුළුවන්. ඔබ වගේම සමාජයත් එකතැන පල්වෙන එක වලක්වන්න පුළුවන් වැඩ වලට.

ඔබ තුල ඔබත් දන්නේ නැති හැකියාවක් තියන්න පුළුවන්. ඒ හැකියාවෙන් ඔබට ලෝකය දිනන්න පුළුවන්. ඒ වගේම ලෝකයට අලුත්ම දෙයක් දෙන්නත් පුළුවන් වෙයි.

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක්....''

සමාජ හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය මහේෂ් හපුගොඩ එබව කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (26) පැවති එක්සත් මහජන පක්ෂයේ (UPP)
අධ්‍යාපනික වැඩමුළුවක සම්පත් දායකයකු ලෙස සහභාගී වෙමිනි.

එක්සත් මහජන පක්ෂයේ (UPP) නායක, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ද සහභාගිත්වයෙන් පැවති එම වැඩමුළුවට එම පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියේය.

වැඩමුළුවේදී මහේෂ හපුගොඩ කළ දේශපාලන විග්‍රහය පහත විඩියෝවෙන් බලන්න



සබැඳි පුවත් :

පොලිස් ඇමතිගේ පක්ෂය (UPP) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අතගසයි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්