The Leader News
BREAKING
Top Ad
Opinion

පිස්සු බල්ලන් කූඩු කළ යුතුය - සම්පත් සමරකෝන්

T

The Leader Desk

May 16, 2019 • 6:09 AM

පිස්සු බල්ලන් කූඩු කළ යුතුය - සම්පත් සමරකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‍ෙමීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි නැත. හදවත් පුපුරු ගසන වේදනාවන් කිතුන්වන්ගේත්, මුසල්වමානුවාගේත්, සිංහලයාගෙත් සිත් තුළින් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත.
  • මේ සියල්ලෝද ඇතුළුව දැන් ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදයට නොදෙවෙනිව සිංහල අන්තවාදීන් විසින් මුසල්මානුවන්ගේ දේපල විනාශ කොට තිබේ.
  • නමුත් වාර්තා වෙන පරිදි ඊයේ(13) ත් අදත් තැන් තැන් වල මුස්ලම්වරුන්ගේ කඩ හා දේපල සිංහල ජාතිවාදී උම්මත්තකයින් විසින් ගිනි තබද්දී හා ඒවාට හානි කරද්දි ඒ කාර් එක පැත්ත පලාතක අවේ නැත.
  • ලෝකයේ තියන හොදම නීති ලංකාව තුළ සම්මත කලත්, හමුදාපතිට කාර් එකක් නොව ජෙට් එකක් දුන්නත්, ජාතිවාදීන් හමුවේ ඒ සියල්ල ‘සිංහලකරණය’ වන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සියලු වේදනාවන් අතරතුර, අලුත්ගම ගිනි තැබූ, දිගන ගිනි තැබූ මාරාවේශ දඩබල්ලන් නැවතත් වයඹ පළාතේත්, මිනුවන්ගොඩ ආශ්‍රීත ප්‍රදේශවලත් මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර ස්ථාන සොයා පැමිණියහ. කුඩා කෙහෙල් කැන් කඩයේ සිට විශාල ව්‍යාපාරික ස්ථානයන් ඒ දඩබලල්ලන්ගේ මාරාවේශ දෑත්වලින් කුඩු පට්ටම් විය.

පිස්සු බල්ලන් මෙහෙයවන මහසොන් බලකාය නම් මුග්ද රෑනේ නායකයා ද, ජනාධිපති ඝාතනයක් ගැන කියමින් රටම අවුලුවා වූ නාමල් කුමාරද සිද්ධීන් සම්බන්ධව මේ මොහොත වන විට අත්තඩංගුවට ගෙන ඇති බව කියවෙතත් , ගම් වල කුඩා රැස්වීම් අමතමින් ‘සිංහල පමණයි’ වැනි ගෝත්‍රික වචන තෙපරබාමින් යන ගායකයෙකු වන මධු මාධව අරවින්ද සිද්ධිය සිදු වූ අවස්ථාවේ එහි සිටි බවට බොහෝ සාක්ෂි ඇතත් ඒ සම්බන්ධව ගත් පියවරක් නැත. මේ සියල්ලෝද ඇතුළුව දැන් ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදයට නොදෙවෙනිව සිංහල අන්තවාදීන් විසින් මුසල්මානුවන්ගේ දේපල විනාශ කොට තිබේ.

මේ සියල්ල සිදු කළේ රටේ හදිසි නීතියක් පවතින තත්ත්වයක දීය. හදිසි නීතියක් යටතේ පොලු මුගුරු රැගෙන කඩ සාප්පු වනසද්දී පොලීසිය දිගන දී මෙන් බලා සිටියේ ය. එපමණක් නොව මේ මැර ක්‍රියාවලට සම්බන්ධ තරුණයන් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගත්තේය. නමුත් පැය කිහිපයකට පසු පාර්ලිමේන්තු දයාසිරි දයාසේකර පැමිණ අත්අඩංගුවට ගත් තරුණයින් වෙනත් පොලීසියකට කැදවා ගෙන ගොස් පොලිස් ඇප මත මුදාගෙන ගියේ මහ දවල්ය.

දැන් මේ සිදුකල ව්‍යසනයට අත්අඩංගුවට ගත් නාමල් කුමාර, අමිත් වීරසිංහ සේම පාර්ල්මෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද, මධුමාධව අරවින්දත් සම්බන්ධ නැතැයි කියන්නට හැක්කේ කාටද?

‘ඉල්ලුවේ මෝටර් බයිසිකලයක්, දුන්නේ කාර් එකක්’ යැයි හමුදාපති පසුගිය දවසක් කීවෙය. ඒ අත්අඩංගුවට ගැනීමේ බලය ආදී පොලිස් බලතල හමුදාවටත්, ජනාධිපතිවරයා විසින් පැවරීම මුල් කර ගෙනය. නමුත් වාර්තා වෙන පරිදි ඊයේ(13) ත් අදත් තැන් තැන් වල මුස්ලම්වරුන්ගේ කඩ හා දේපල සිංහල ජාතිවාදී උම්මත්තකයින් විසින් ගිනි තබද්දී හා ඒවාට හානි කරද්දි ඒ කාර් එක පැත්ත පලාතක අවේ නැත.

ඉන් එක් දෙයක් පැහැදිලිය. ලෝකයේ තියන හොදම නීති ලංකාව තුළ සම්මත කලත්, හමුදාපතිට කාර් එකක් නොව ජෙට් එකක් දුන්නත්, ජාතිවාදීන් හමුවේ ඒ සියල්ල ‘සිංහලකරණය’ වන්නේය.

එය 1983දීත් සිදුවිය. 2014 අලුත්ගමදීත්, 2017 ගිංතොටදීත්, 2018 අම්පාර සහ දිගනදීත් දැන්(2019) වයඹ, මිනුවන්ගොඩ අතුලු ප්‍රදේශවලත් සිදුවෙයි. මෙ සෑම වසරකම ආණ්ඩු බලය හොබවන ලදදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. එයත් ලංකාවේ පුරවැසියන් අමතක නොකල යුතු තත්ත්වයක්.

පාස්කු ප්‍රහාරයෙන් සතු 3කට පසු ඇති වූ මේ ම්ලේච්ඡ තත්ත්වයට ජාතිවාදී පිස්සු බල්ලන් සේම ආරක්ෂක අංශත් සෘජුවම වගකිව යුතුය. දුකට පත්වී සිටි කිතුනුවා ද, කම්පනයට පත්ව සිටි මුසල්මානුවා ද බියට පත්ව සිටි සිංහල මිනිසා ද මේ තුච්ඡ ජාතිවාදී පිස්සු බල්ලන් විසින් නැවතත් සපා කෑහ.

ඉන් නැවතත් තුවාල වූයේ ලංකාවේ සාම්ප්‍රදායික මුසල්මානුවාගේ හදවතය. ඒ තුවාල කරන ලද්දේ සුවපත්කිරීම අත්‍යවශ්‍ය වූ මොහොතකය. එබැවින් මේ පිටුපස ම්ලේච්ඡ සිංහල අන්තවාදය සේම, මිනී මතින් හෝ බලය ට ඒමට උත්සහ කරන නරුම (අ)දේශපාලන ශරීරත් සිටින බව රහසක් නොවේ.

එබැවින් මේ සියලු ව්‍යාකූත්වයන් තුළ මෙම සිංහල අන්තවාදී පිස්සු බල්ලන් සියලු දෙනා බැද තබා, කූඩු කිරීමට ආරක්ෂ අංශ යොමු කිරීම පවතින ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එබැවින් එම ඛේදජනක ඉරණම වෙනස් කිරීම සදහා ජන වහරක එන අදහසකින් කියන්නේ නම් ‘ලෙඩේ අනිත් බල්ලන්ටත් බෝවන්නට කලින් පිස්සු බල්ලන් දැන්වත් බැඳ තැබිය යුතුමය’.

(සම්පත් සමරකෝන් - vikalpa.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...