The Leader News
BREAKING
ඩිජිටල් අභියෝග මැද විද්‍යුත් මාධ්‍යයේ පැවැත්ම තීරණය වන 'විශ්වසනීයත්වය'●කෘත්‍රිම බුද්ධිය අපේ හොඳම මිතුරා වූ දවස | ආචාර්ය නදී දිසානායක●2027 අයවැය: පාසල් ඩිජිටල්කරණයට සහ ගුරු දීමනාවලට විශේෂ ප්‍රමුඛතාවක්●කඩුවෙල නගරාධිපතිගේ ප්‍රකාශයට හඳුන්නෙත්ති සහ ලාල්කාන්තගෙන් දැඩි ප්‍රතිචාරයක්●වාස භූමියෙන් පිටමං කළ උතුරේ අම්මාගේ දේහයට අරගල භූමියේ දී උපහාර●2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්●මේ ඉලක්කම් සෙල්ලමට කොටුවී කළ හැක්කක් නැත මිත්‍රයා - කුසල් පෙරේරා●අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි●රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්●මේ දිනවල දක්නට ලැබෙන කහ සමනලුන්ගේ සිරිපා වන්දනාව●
Top Ad
Opinion

හොරුන්ට සහ හෙරන්ට රැවටීමේ කලාව

Nethmini

Nethmini

November 12, 2026 • 12:30 PM

හොරුන්ට සහ හෙරන්ට රැවටීමේ කලාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැලේ වැල් නැතිව වේළි වේළී සිටිනා, රඟපාන්න උගන්නවා යැයි කියනා බොරු සෑර්ලා ගේ , මිස්ලා ගේ මැඩම්ලා ගේ: රංගන වේදිකා සිනමා වැඩමුළු පාඨමාලා කඳවුරු පාසැල් , දැන් දැන් රටපුරා දුවෝන , විනෝදාත්මක වහුකුණු මෙන්ම එමට වැහි වැහැලා ය.
  • මොළවල එපමණටම පිරී ඇත්තේ අශුචි ය.
  • මහා නිළියක බවට පත්වීමේ සිහිනය අර සර්ගෙ මේ වැඩ මුළුවෙන් අර මැඩම්ගෙ, අර මිස්ගෙ මේ වැඩ මුළුවට.
  • සම්මානයක් මිස්ලා ගෙ සර්ලාගෙ අතින්ම රාජ්‍යය නාට්‍යය උලෙළක ලබාගෙන හැකි ඉක්මනට මහා නිළියක බවට පත්වීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වැලේ වැල් නැතිව වේළි වේළී සිටිනා, රඟපාන්න උගන්නවා යැයි කියනා බොරු සෑර්ලා ගේ, මිස්ලා ගේ මැඩම්ලා ගේ: රංගන වේදිකා සිනමා වැඩමුළු පාඨමාලා කඳවුරු පාසැල්, දැන් දැන් රටපුරා දුවෝන, විනෝදාත්මක වහුකුණු මෙන්ම එමට වැහි වැහැලා ය.

ඇගපත තළා ගැනීමේ උම්මාදය

රඟපාන්න උගන්වන තරුණ සර්ලා නෝනලා ද, මිස්ලා සහ එම සර්ලා ගේ පට්ටපල් සිහිනවලට බොරුවලට රැවටෙන්නට කැමති තරුණ කෙල්ලො කොල්ලෝ ද රට පුරා එමට ය. අවාසනාවකට, හරිහමන් වැඩකට ගත්ත විට, උන් බහුතරයකට රඟපාන්න තියා වේදිකාවක හිටගන්නටවත්, හරියට දෙබසක් කියන්න තියා කට ඇර ගන්නවත් බැරි ය. මොළවල එපමණටම පිරී ඇත්තේ අශුචි ය. වෙලාවකට පිළිවෙළකට වැඩක් කරන්නත් උන්ට බැරි ය. පෝන් ඔබන්නට පමණක් පුළුවන් ය. එක සර් කෙනෙක් මැඩම් කෙනෙක් ලියපු පතක් පොතක්, ලියපු කියපු පෝස්ටුවක්වත් රංගකලාව ගැන, අදහසක් උදහසක්, මතවාදයක් අඩුගානෙ කොතනවත් නැති ය. බහුතරයක් බලන් යනවිට කැමති ද අතින් වියදම් දරාගෙන මේ වැඩ මුළුවලට රිංගා ඇගපත තළා ගන්න ම ය.

මහා නිළියක බවට පත්වීමේ සිහිනය

අර සර්ගෙ මේ වැඩ මුළුවෙන් අර මැඩම්ගෙ, අර මිස්ගෙ මේ වැඩ මුළුවට. හැමෝගෙම සිහිනය ඉක්මනින් යමෙකු වීම ය. සම්මානයක් මිස්ලා ගෙ සර්ලාගෙ අතින්ම රාජ්‍යය නාට්‍යය උලෙළක ලබාගෙන හැකි ඉක්මනට මහා නිළියක බවට පත්වීම ය. සර්ලත් හීනියට ඉල්ලුමට සැපයුම ලබාදෙති. දැන් ඉන්න තරුණ කෙල්ලන්ව කොල්ලන්ව ගොනාට අන්දන එක කිරි කජු වගේ බව ඔය සර්ලා මැඩම්ලා ද හොඳට දන්නේය. සර්ලාව, මිස්ලාව උන් ආයෙ ජීවිතේකට ප්‍රස්න කරන් නැති බව ද, එහෙම කළොත් බඩුම තමා බවත් උන් හොදටම දන්නේ ය. ටෙලි සිනමා නාලිකා, youtube මියුසික් වීඩියෝ මෙගා වහුකුණු එමට ඇත. නිර්මාණ කලා කෘති හිඟ ය.

මෙගා චරිත රගපෑමේ බලු පොරය

ගෝල බාලයෝ ද ජීවිත කාලයක් බලන් ඉන්නට, ජීවිතයට හෙමිහිට යමක් එක් කර ගැනීමට කවුරුවත් සූදානම් නැත. හැමෝම කැමති ඉක්මනින් වේදිකාව අතහැර ටෙලි මෙගා චරිත රගපෑමේ බලු පොරයට එක්වන්නට ය. ගුරුන් මෙන්ම ගෝලයෝ ද බලන්නේ ගාණක් යහමට කපා ගන්නට විදියක් ය. අන්තිමටම බැලුව ම උන් ඉගෙන ගත්ත කිසිවක්ද නැත. උගන්නන එකාලා දන්න බම්බුවකුත් නැත .ගුරුවරු ඉගෙන ගන්නට අදකාලෙ ලැහැස්ති ද නැත. උන් සියල්ල ම දන්නේ යැයි සිතාගෙන සිටිති. දන්න එකාලට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක්ද නැත. එකෙක් බරපතළෙට කරපු නිර්මාණ මගුලක් ද නැත. කැමැත්තෙන් ම රැවටෙන්නට මෙන්ම මහා දවල් සිහින දකින්නට ආස කරන, නිතරම මොකාට හරි, තඩි හොරකුට හෙරකට රැවටෙන්නට, බලන් සිටිනා බහුතරයක්, කෙල්ලො කොල්ලන් ඉවසන රටවල වෙන කුමක් පවසම්ද...?

උපුටා ගත්තේ වේදිකාවේ ජිවිතය face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...