The Leader News
BREAKING
Top Ad
Opinion

සිංහල බෞද්ධ රාජ්‍ය යනු KGB රාජ්‍යයයි - කුසල්ගේ විග්‍රහයක්

T

The Leader Desk

May 18, 2019 • 3:30 AM

සිංහල බෞද්ධ රාජ්‍ය යනු KGB රාජ්‍යයයි - කුසල්ගේ විග්‍රහයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනවල කතානායකත් අගමැතිත් මල්වතු අස්ගිරි මහ නායක වහන්සේලා බැහැ දැකීමට මහනුවරට ගොසින් තිබූණි. මෙ කලක් තිස්සේ මේ රටේ සිදුවන දේශපාලන සවාරියකි. හැම ජනාධිපතිවරයෙකුම, හැම
  • එවැනි පාදඩකම් සමගින් මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි කියනවිට මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගෙන් කෙරෙන්නේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යයට නිල මුද්‍රාව තබා පිළිගැනුමක් ලබාදීමය.
  •  පහත රට කවුරුන් ජනාධිපතිකම් අගමැතිකම් කළත් කන්ද උඩරට ශ්‍යාමෝපාලි සියම් නිකායේ මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය කැමැත්ත නැතිව රට කරවන්නට තවමත් නොහැකි පෞරාණික සංස්කෘතිමය බැඳීමක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අගමැතිවරයෙකුම, අමීර්තලිංගම් හා සම්පන්තන් හැර හැම විපක්ෂ නායකයෙකුම, පරණ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් හැර හැම දේශපාලන පක්ෂ නායකයෙකුම, රජයේ ඉහළම තනතුරුවල ඉන්නා නිලධාරීන්ද වරක් දෙවරක් හෝ මල්වතු අස්ගිරි මහනායකවරුන් බැහැ දැකීමට මහනුවරට යති. රට පාලනය කිරීමට උන්වහන්සේලාගෙන් ඇප උපස්ථාන ලබති. ඒ හැම විටම ඔවුන් එළෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්නට ගිය බැව් රටට වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ද ඡායාරූප ශිල්පීන්ද කැඳව ගනිති.  

 එහෙත් ඔවුන් කිසිවකු එළෙසින් අමරපුර හෝ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරුන්ගෙන් ඇප උපස්තාන ලබන්නට මාධ්‍යවේදීන් පිරිවරා  නොයති. අහම්බෙන් හෝ ගියද ඒවා මාධ්‍යයන්හි වාර්තා කෙරෙන්නේද නැත. කොළඹ පවා හා කීර්තිමත් බෞද්ධ භික්ෂුන් වැඩ විසූ ඉතා පැරණි වජිරාරාමයට වඩා කවුරුත් කැමැත්තෙන් යන්නේ කෝට්ටේ සියම් නිකායේ පන්සලක් වන නාගවිහාරයට ය. එය පහත රට හෙයින් එයට මල්වතු අස්ගිරි පාර්ශවය සතු ගාම්භීර පූජනියත්වය නැත.

  මෙහි උත්ප්‍රාසය වන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය හැදීමට මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් සහභාගි නොවීමෙහි පමණක් නොව, ඒ වෙනුවෙන් සංවිධාන හදා ගන්නේ, පාරට බැස කැගසන්නේ, ආණ්ඩු වලට බලපෑම් කරන්නේ, අහිංසක මුස්ලිම් හා දෙමළ මිනිසුන්ට හිරිහැර කරන්නේ, ඔවුන්ගේ කෝවිල් පල්ලිවලට පහර දෙන්නේ, ගෙවල් වලට කඩ සාප්පු වලට ගිනි තියන්නේ වෙනත් කුල භික්ෂුන් හා ඔවුන් සමගින් හවුල්වන ත්‍රාඩ පිරිස් වීමය. එවැනි පාදඩකම් සමගින් මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි කියනවිට මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගෙන් කෙරෙන්නේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යයට නිල මුද්‍රාව තබා පිළිගැනුමක් ලබාදීමය.

 පහත රට කවුරුන් ජනාධිපතිකම් අගමැතිකම් කළත් කන්ද උඩරට ශ්‍යාමෝපාලි සියම් නිකායේ මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය කැමැත්ත නැතිව රට කරවන්නට තවමත් නොහැකි පෞරාණික සංස්කෘතිමය බැඳීමක් ඇත. එය බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ හැඳින්වුනේ කේ.ජී.බි (KGB) බලය යනුවෙනි. ඒ “කේ.ජී.බි” කියූවේ සෝවියට් රුසියාවේ තිබූ ඔවුන්ගේ ඔත්තු සේවාවට නොවේ. 

එදා කේ.ජී.බි කියුවේ “Kandyan, Govigama, Buddhist” (උඩරට,ගොවිගම, බෞද්ධ) යන්නටය. අදත් අවසානයේ සිංහල බෞද්ධ රාජ්‍ය යනු ඒ “කේ.ජී.බි” රාජ්‍යයම වේ. අවසානයේ දේශප්‍රේමීන් හැමෝම එකතුවෙලා හදා දෙන්නේ “උඩරට ගොවිගම බෞද්ධ” රාජ්‍යයක් ය. උඩරට ශ්‍යාමෝපාලි සියම් නිකායේ මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය අවශ්‍ය වන්නේ එනිසාය.

 කුසල් පෙරේරා ( දේශපාලන විචාරක -ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

Kusal

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංහල බෞද්ධ රාජ්‍ය යනු KGB රාජ්‍යයයි - කුසල්ගේ විග්‍රහයක් | The Leader