The Leader News
BREAKING
මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය ●ගෝලීය අර්බුද හමුවේ චිලී බැංකු සුරැකීමේ සැලසුම නොවෙනස්ව●අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාරයට●2026 බදු ආදායම් ඉලක්කය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කලින්ම පසුකරයි●රාජ්‍ය අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට විශේෂ පුහුණුවක්●ලෝක බොරතෙල් මිල පහළට: ශ්‍රී ලංකාවටත් සහනයක් ලැබේවිද? | Janath C Perera●ප්‍රාග්ධන වියදම් ඇණහිටීම සහ රටේ ආර්ථිකය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචනයක්●සෞඛ්‍ය ලේකම් කෙනඩිගේ ප්‍රතිපත්ති හමුවේ අමෙරිකාවට ‘සරම්ප-නිදහස්’ තත්ත්වය අහිමි වෙයි●ක්‍රිමියා පාලමට යළි ප්‍රහාරයක්: යුක්රේනයෙන් දැවැන්තම ඩ්‍රෝන මෙහෙයුම?●ටෙක් දැවැන්තයන්ගේ විරෝධය මැද චීන දත්ත උපාංග තහනම ඉදිරියට●
Top Ad
Opinion

මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය

Pasan

Pasan

November 17, 2026 • 11:00 PM

මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීමුරේ ගල්ගුහාවේ සිදුවීම ප්‍රේමයක පලහිලව්වක් නොව ලිංගික අපයෝජනයක් සහ ලිංගික වහල්බවක රඳවා තබා ගැනීමක් විදිහට කරුණු හෙළිවෙමින් තියෙනවා.
  • ඇය ජීවත් වූ සමාජ පරිසරය අතිශය අවදානම්කාරී එකක් බවයි මෙතනදී පැහැදිලි වෙන්නේ.
  • මේ දරුවන් ජීවත් වන පවුල් පසුබිම්වල අවදානම්කාරී බව සැලකිල්ලට ගත යුතු නොවේද?
  • මෙය බරපතළ කාන්තා අපයෝජනයක් බව හෙළිවීමෙන් පිනා ගිය පිරිසක් එය ප්‍රේම කතාවක් ලෙස වර්ණනා කළ පිරිසකට විහිළුතහළු කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මීමුරේ ගල්ගුහාවේ සිදුවීම ප්‍රේමයක පලහිලව්වක් නොව ලිංගික අපයෝජනයක් සහ ලිංගික වහල්බවක රඳවා තබා ගැනීමක් විදිහට කරුණු හෙළිවෙමින් තියෙනවා. මේ කිසි දෙයක් ගැන නිශ්චිතව අපිට කියන්න බෑ අධිකරණයක් ඉදිරියේ කරුණු සනාථ වෙන තුරු. (හෙට වෙද්දී තව කතාවක් එන්න පුළුවන්)

කෙසේ නමුත් සිදුවීම එපරිදි නම් මෙය අටමස්ථානාධිපති විසින් කරන ලද බරපතළ අපරාධය ගණයටම ලා සලකන්න සිද්ධ වෙනවා. මේ අපයෝජකයන්ටත්, අටමස්ථානයේ අපයෝජකයාටත් සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතු වෙනවා.

පාසල සහ පවුල තුළ ගිලිහී ගිය දරුවන්ගේ ආරක්ෂාව

කොහොම වුණත් කරුණු දැන් වාර්තා වෙන අන්දමට මේ දැරිය පාසල් යන අතරේම අපයෝජනයට ලක්වෙනවා. ඇයට මේ ගැන කියාගන්න කෙනෙක් නැති වෙනවා. ඇය සමඟ ඇගේ පවුලේ අයගේ තිබුණු සම්බන්ධය කෙබඳුද? ඇගේ පාසලේ ගුරුවරුන් හෝ මිතුරියන්වත් මේ සිදුවීම ගැන ඇයට කිව හැකි තරමේ සමීපත්වයක් නොතිබුණේ ඇයි?

ඇය ජීවත් වූ සමාජ පරිසරය අතිශය අවදානම්කාරී එකක් බවයි මෙතනදී පැහැදිලි වෙන්නේ. එය එබඳු නම් මේ අවදානමට මුහුණ දෙන්නේ ඇය පමණක් නෙමෙයි. තවත් බොහෝ පාසල් වියේ පසුවන්නියන් මේ අවදානම තුළ ජීවත් වෙනවා විය හැකියි.

මෙවන් දුෂ්කර පළාත්වල මේ දැරියන් මුහුණ දෙන ගැටලු වගකිව යුතු කෙනෙකුට කියා ගත හැකි පරිසරයක් පාසල තුළ හෝ නිර්මාණය විය යුතු නොවේද? මේ දරුවන් ජීවත් වන පවුල් පසුබිම්වල අවදානම්කාරී බව සැලකිල්ලට ගත යුතු නොවේද?

දඬුවමට එහා ගිය සැබෑ ළමාරක්ෂාව කුමක්ද?

ළමාරක්ෂාව යනු වරදක් වූ පසු ඒ වරදකරුවන්ට දඬුවම් කිරීම පමණක් නොවේ. එවන් සිදුවීම් සිදුවිය හැකි සමාජ සහ පවුල් පසුබිම් හඳුනාගනිමින් නැවත මෙවන් සිදුවීම් නොවන්නට මේ අයට ආරක්ෂිත පසුබිමක් නිර්මාණය කිරීමට මැදිහත්වීමයි වැදගත්.

තවදුරටත් කිව්වොත්, පවුලක් හැටියටත්, පාසලක් හැටියටත්, සමාජයක් හැටියටත් අසමත්වීමක් හැටියෙන් මේ සිදුවීමේ වගකීම බාරගන්න වෙනවා.

ආදරය වෙනුවට අපයෝජනයෙන් උදම් ඇනීම

නමුත් ඒ වෙනුවට දැන් අපි සමාජ මාධ්‍යවල දකිමින් තියෙන්නේ මොකක්ද? මෙය බරපතළ කාන්තා අපයෝජනයක් බව හෙළිවීමෙන් පිනා ගිය පිරිසක් එය ප්‍රේම කතාවක් ලෙස වර්ණනා කළ පිරිසකට විහිළුතහළු කරමින් ඉන්නවා. වෙන විදිහකට කිව්වොත් මෙය ප්‍රේම කතාවක් නොවී අපයෝජනයක් වීම ගැන ඔවුන් ජයග්‍රාහී සතුටක් භුක්ති විඳිනවා. ඇත්තටම එය කොයිතරම් හිරිකිතද?

මෙය අපයෝජනයක් නොවී ආදර කතාවක් ලෙස කෙළවර වුණා නම් ඇත්තටම හොඳය. නමුත් මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සලකමින් පුරසාරම් දොඩන පිරිසක් සිටින බව දැකීම භයානකය. ඔවුන් ආදරය වෙනුවට අපයෝජනයෙන් උදම් අනන්නෝය.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්)

චින්තන ධර්මදාස

දේශපාලන හා සමාජ විශ්ලේෂක

අධ්‍යක්ෂ - facultyofsex, vyadhadeva@gmail.com

View all stories by චින්තන ධර්මදාස
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...