The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
Opinion

අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස

මේ ලියමන මම මනෝවිශ්ලේෂණයේ දැනුමැත්තෙක් බව කියන්නට ලියූවක් නෙමෙයි. (මොකද මං එහෙම එකෙක් නෙමෙයි)

Pasan

Pasan

November 16, 2026 • 8:35 PM

අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ දේ ගැන කතා කරද්දී අපේ මිතුරන් ෆ්‍රොයිඩ් සහ ලකාන්ගේ මානයන්ගෙන් මම කියන දේවල් තේරුම් ගන්න හදනවා.
  • "පියාගේ නීතියෙන් පමණක් නොව, ඕනෑම නීතියකින් ඔබ්බට ගොස් ජීවත් වීමේ හැකියාව, ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය අපට විවෘත කර දෙන වැදගත්ම හැකියාව විය හැකිය." – ගිල්ස් දෙලූස් (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් – The Ego and the Id (1923) ඇසුරෙන්) 1.
  • ඔහු පෙන්වා දුන්නේ මිනිසාගේ මනස තුළ සිදුවන සියල්ල අපේ දැනුවත් සිතුවිලිවලින් හෝ කැමැත්තෙන් පාලනය නොවන බවයි.
  • ෆ්‍රොයිඩ් එය හඳුන්වන්නේ 'Id' ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බොහෝ දේ ගැන කතා කරද්දී අපේ මිතුරන් ෆ්‍රොයිඩ් සහ ලකාන්ගේ මානයන්ගෙන් මම කියන දේවල් තේරුම් ගන්න හදනවා. ඒත් මම ගොඩක් ආසක්ත වෙන්නේ දෙලුස් (ඩෙලුස්) සහ ගුවත්තාරි (ගටාරි) ගේ අදහස්වලටයි. මෙය ඒ භාෂාව වැටහෙන අයට පමණක් තේරෙන එකක් වෙයි.

"පියාගේ නීතියෙන් පමණක් නොව, ඕනෑම නීතියකින් ඔබ්බට ගොස් ජීවත් වීමේ හැකියාව, ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය අපට විවෘත කර දෙන වැදගත්ම හැකියාව විය හැකිය."
– ගිල්ස් දෙලූස් (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් – The Ego and the Id (1923) ඇසුරෙන්)

1. ෆ්‍රොයිඩ්ගේ සොයාගැනීම: අපි අපේම මනසෙහි ස්වාමියා නොවෙමු

ෆ්‍රොයිඩ්ට ස්තූතිවන්ත වෙන්න මිනිසාගේ මනස ගැන අපේ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ඔහු පෙන්වා දුන්නේ මිනිසාගේ මනස තුළ සිදුවන සියල්ල අපේ දැනුවත් සිතුවිලිවලින් හෝ කැමැත්තෙන් පාලනය නොවන බවයි. අපේ මනස තුළ අපට නොදැනෙන, නමුත් අපේ හැසිරීම්වලට සහ ආශාවන්ට බලපාන තවත් බලවේගයක් තිබෙනවා. ෆ්‍රොයිඩ් එය හඳුන්වන්නේ 'Id' ලෙසයි.

ඒ කියන්නේ අපි අපිවම සම්පූර්ණයෙන් දන්නෙත් නැහැ. අපේ ඇතුළත අපටම නොතේරෙන ආශාවන්, හැඟීම් සහ ගැටුම් ක්‍රියාත්මක වෙනවා.

2. ලකාන්ගේ අදහස: අවිඥානය භාෂාවක් වගේ ක්‍රියා කරනවා

ජැක් ලකාන්, ෆ්‍රොයිඩ්ගේ අදහස් තවත් ඉදිරියට ගෙන ගියා. ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් තමයි:
"අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත."

සරලව කිව්වොත්, අපේ අවිඥානය තුළ තිබෙන දේවල් අහඹු සිතුවිලි ගොඩක් පමණක් නොවෙයි. ඒවා භාෂාවක වචන එකිනෙකට සම්බන්ධ වන ආකාරයටම සංකේත, වචන සහ ඒවා අතර ඇති සම්බන්ධතා හරහා ක්‍රියාත්මක වෙනවා.

ලකාන්ට අනුව අපේ අනන්‍යතාව පවා අපි හිතන තරම් ස්ථිර දෙයක් නොවෙයි. අපි භාවිත කරන භාෂාව, සමාජය ලබා දෙන අර්ථ සහ අප තුළ පවතින අඩුවක් හෙවත් අසම්පූර්ණත්වයක් මත අපේ අනන්‍යතාව ගොඩනැගෙනවා.

ඒ නිසා අපි කවදාවත් අපිව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවත්, අපි ගැන සම්පූර්ණ තෘප්තියකට පත්වෙන්නවත් බැහැ.

3. දෙලූස් සහ ගුවත්තාරි: නිර්මාණශීලී බලවේගයක් වූ ආශාව

දෙලූස්, ෆ්‍රොයිඩ්ගේ සොයාගැනීමේ වැදගත්කම පිළිගන්නවා. ලකාන්ගේ අදහස්වල ශක්තියත් හඳුනාගන්නවා. නමුත් ඔවුන් දෙදෙනාම ආශාව (Desire) පිළිබඳව ගොඩනඟන ඇතැම් අදහස් ඔහු ප්‍රශ්න කරනවා.

දෙලූස් සහ ගුවත්තාරි ඔවුන්ගේ Anti-Oedipus කෘතියෙන් ආශාව පිළිබඳ සම්පූර්ණයෙන් වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා.

ඔවුන්ට අනුව ආශාව කියන්නේ අප තුළ තිබෙන යම් අඩුවක් පුරවා ගැනීමට ඇති උත්සාහයක් පමණක් නොවෙයි. ආශාව කියන්නේ නිර්මාණය කරන, අලුත් දේවල් බිහි කරන, සම්බන්ධතා ගොඩනඟන ක්‍රියාකාරී බලවේගයක්.

ආශාව විසින්ම අප අවට යථාර්ථය නිර්මාණය කිරීමට දායක වෙනවා. අපේ සම්බන්ධතා, සමාජය, අත්දැකීම් සහ අලුත් හැකියාවන් බිහිවීමට එය බලපානවා.

4. පවුලෙන් ඔබ්බට ගිය 'කර්මාන්තශාලාවක්' බඳු අවිඥානය

දෙලූස් සහ ගුවත්තාරි ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයේ තවත් වැදගත් අදහසක් විවේචනය කරනවා. ඒ තමයි Oedipus Complex එක.

මෙහිදී දරුවාගේ මානසික ආශාවන් සහ ගැටුම් පියා, මව සහ දරුවා අතර තිබෙන පවුල් සම්බන්ධතාවලට සීමා කරලා විග්‍රහ කිරීමේ ප්‍රවණතාව ඔවුන් ප්‍රශ්න කරනවා.

ඔවුන්ට අනුව අවිඥානය ක්‍රියාත්මක වෙන්නේ පවුල ඇතුළේ පමණක් නොවෙයි. එය දේශපාලනය, ඉතිහාසය, සමාජය, සංස්කෘතිය සහ ශරීරය සමඟත් සම්බන්ධයි.

ඔවුන් අවිඥානය හඳුන්වන්නේ කර්මාන්තශාලාවක් (Factory) ලෙසයි. එනම් අවිඥානය කියන්නේ අතීතයේ යටපත් කරපු මතකයන් තැන්පත් කරගෙන තිබෙන ගබඩාවක් විතරක් නොවෙයි. එය නිරන්තරයෙන් අලුත් ආශාවන්, සම්බන්ධතා සහ අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක්.

5. අවයව රහිත ශරීරය සහ නව ජීවිත රටා

ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ ශරීරය තුළ මානසික ගැටුම් ප්‍රකාශ වන බවයි. යටපත් කළ ආශාවන් සහ ගැටුම් ඇතැම්විට ශාරීරික රෝග ලක්ෂණ ලෙසත් මතුවිය හැකියි.

ලකාන් මේ අදහස තවත් ඉදිරියට ගෙන ගියා. ඔහු පෙන්වා දුන්නේ භාෂාවට සහ වචනවලට පවා අපේ ශරීරයට බලපෑම් කරන්න පුළුවන් බවයි.

නමුත් දෙලූස්ට අනුව ශරීරය කියන්නේ ජීව විද්‍යාත්මක අවයව එකතුවක් හෝ අපේ මනසේ මැවෙන රූපයක් පමණක් නොවෙයි. එය විවිධ ශක්තීන්, හැඟීම් සහ හැකියාවන් ගලා යන ක්ෂේත්‍රයක්.

මෙහිදී ඔවුන් හඳුන්වා දෙන වැදගත් සංකල්පයක් තමයි Body Without Organs (අවයව රහිත ශරීරය).

දෙලූස් සහ ගුවත්තාරි ඊට තවත් ප්‍රශ්නයක් එකතු කරනවා. ඒ තමයි, අපේ ආශාවන් ජීවත් විය යුත්තේ සමාජය, පවුල සහ සංස්කෘතිය විසින් අපට සකස් කර දී ඇති සීමිත ලෝකය ඇතුළේ පමණක්ද?

එසේ නැත්නම් ඒ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් අලුත් ජීවිතයක්, අලුත් සම්බන්ධතා සහ අලුත් අනන්‍යතාවන් නිර්මාණය කරගන්න අපට පුළුවන්ද?

ෆ්‍රොයිඩ් මිනිසා තමන්ගේම මනසෙහි ස්වාමියා නොවන බව පෙන්වා දුන්නා. ලකාන් මිනිසාගේ අනන්‍යතාව භාෂාව සහ සංකේත හරහා ගොඩනැගෙන ආකාරය පැහැදිලි කළා. දෙලූස් සහ ගුවත්තාරි ඊට තවත් ඉදිරියට ගොස්, කලින් නියම කර ඇති අනන්‍යතාවන්ගෙන් සහ ජීවිත රටාවන්ගෙන් මිදී වෙනත් ආකාරයකින් ජීවත් වීමට ඇති හැකියාව ප්‍රශ්න කළා.


(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්)

කර්තෘ සටහන් සහ මූලාශ්‍ර:

මුල් සටහන (Facebook)

වැඩිදුර පසුබිම් තොරතුරු (Gilles Deleuze & Félix Guattari - Anti-Oedipus)

චින්තන ධර්මදාස

දේශපාලන හා සමාජ විශ්ලේෂක

අධ්‍යක්ෂ - facultyofsex, vyadhadeva@gmail.com

View all stories by චින්තන ධර්මදාස
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...