BREAKING
Top Ad
පුවත්

බැසිල්ට ඇමරිකානු සහය ! : ඩොලර් බිලියන 4ක ආයෝජන !!

T

The Leader

July 17, 2021 • 8:36 AM

බැසිල්ට ඇමරිකානු සහය ! : ඩොලර් බිලියන 4ක ආයෝජන !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආයෝජන සඳහා ඇමරිකානු රජයේ එකඟතාවය පලවී ඇතයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
  • දැන් තියන පිහිපහදුවේ කරන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 25යි.
  • එනිසා එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ සියයට 25ක් බොරතෙල් ගෙනත් ඉතුරු සියයට 75 පිරිපහදු කළ තෙල් ආනයනය කරනවා.
  •   බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු ඇමරිකානු ආයෝජන කිහිපයක් සඳහාම එකඟතාවයන් ඇතිකර ගැනීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එහිදී විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියනයක් ද ලංකාවට ගෙනෙන බොරතෙල් පිරිපහදු කිරීමේ 
 
බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව පැවසේ. 
 
 බොරතෙල් ගෙනවිත් පිහිපහදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් ලංකාවේ නොමැති තත්ත්වයක් තුල බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇත.
 
'' අපි වසර 52කින් රිෆයිනර් එකක් හදලා නැහැ. දැන් තියන පිහිපහදුවේ කරන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 25යි. එනිසා එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ සියයට 25ක් බොරතෙල් ගෙනත් ඉතුරු සියයට 75 පිරිපහදු කළ තෙල් ආනයනය කරනවා. '' යයි බලශක්ති අමාත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
 
 
බැසිල්, ඇමරිකානු තානාපතිනිය හමුවේ 
 
 
Screenshot 2021 07 17 at 19.29.40
 
 
ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට නියමිත,  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජුලි 14 රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. 
 
මෙසේ හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ඇමරිකාව, චීනය,  ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල හා රාජ්‍ය සමූහවල තානාපතිවරු ඇතුළත් විය. 
 
ඇමරිකානු තානාපතිනිය සමග පැවති සාකච්ජාවේ දී කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද කතාබහක් සිදුවූ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු ඇමරිකානු ආයෝජන කිහිපයක් සඳහාම එකඟතාවයන් ඇතිකර ගැනීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කර තිබේ.
 
කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජුලි 13 දා පැවති මාධ්‍ය හමුවක දී පැවසිය.
 
 
 

 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...