BREAKING
Top Ad
පුවත්

AKD ත් ජනපති සටනට ! - පක්ෂ රැසක අභ්‍යන්තර ගැටුම්

T

The Leader

July 16, 2022 • 2:50 AM

AKD ත් ජනපති සටනට ! - පක්ෂ රැසක අභ්‍යන්තර ගැටුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ධුරය සඳහා වන ඡන්දයට ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක (AKD ) ඉදිරිපත් වන බව එම පක්ෂය අද නිවේදනය කර සිටියි.
  • රටේ සහ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේ අභිලාෂයෙන් තම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය බලාපොරොත්තු වන බවත් පක්ෂය දන්වා සිටියේය.
  • මේ වන විට ජනාධිපතිවරණය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් වීමට නියමිත බව ප්‍රකාශයට පත්ව තිබේ.
  • නව ජනාධිපතිරවයෙක් තෝරා පත්කරගැනීමට ක්‍රියා කිරිමේ දී ඒ සම්බන්ධව ජාතික ජන බලවේගයේ හැර අනෙක් සෑම පක්ෂයකම අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී ඇතැයි  lankasara.com  වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා නිවේදනය කළේය.

මෙවැනි අවස්ථාවකට නොගොස් ව්‍යවස්ථාමය රාමුව තුළ හිඳිමින් ජනතාව ඉල්ලූ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීම සඳහා කථානායකවරයා  ඒකමතික සම්මුතියෙන් අන්තර්කාලීන රජයේ ජනාධිපති කර සම්මුතිකයින් අගමැතිවරයෙක් පත් කරගෙන ඉදිරියට යෑම සඳහා කළ සෑම උත්සාහයක්ම අසාර්ථක වන නිසා මේ පියවර ගත් බව ප්‍රචාරක ලේකම්වරයා කීවේය.

රටේ සහ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේ අභිලාෂයෙන් තම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය බලාපොරොත්තු වන බවත් පක්ෂය දන්වා සිටියේය.
 


පක්ෂ රැසක් දෙකඩ වීමේ තත්ත්වයක් !


මේ වන විට ජනාධිපතිවරණය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් වීමට නියමිත බව ප්‍රකාශයට පත්ව තිබේ.

නව ජනාධිපතිරවයෙක් තෝරා පත්කරගැනීමට ක්‍රියා කිරිමේ දී ඒ සම්බන්ධව ජාතික ජන බලවේගයේ හැර අනෙක් සෑම පක්ෂයකම අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී ඇතැයි lankasara.com වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සංධානය යන පක්ෂවල මතුව ඇති අභ්‍යන්තර අර්බුද නිසා ලබන 20 දා වනවිට එම පක්ෂ දෙකඩ වීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියි.

Sagara 123ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය පල කරන බව එහි මහලේකම් ප්‍රකාශ කරද්දී සභාපති ප්‍රකාශ කර ඇතතේ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන බවය.



මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙපිලකට බෙදී ඇති තත්ත්වය මත එහි මන්ත්‍රීවරු කීපදෙනෙක් ඩලස් සහ රනිල් යන දෙදෙනාටම සහයෝගය නොදිය යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කිරීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීමට ගෙන ඇති තීරණයට පටහැනිව යමින් එහි මන්ත්‍රීවරු පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.



ජනාධිපති සටනට එනබව සජිත් තහවුරු කරන්න



පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධුරය සඳහා තමන් තරඟ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනය කර ඇත.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියද සත්‍ය ජය ගනු ඇති බවට තමා විශ්වාස කරන බව  විපක්ෂනායකවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Screenshot 2022 07 16 at 1.49.34 PM


මේ අතර සමගි ජන බලවේගයේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහට ඡන්දය පාවිච්චි කිරීමට එකඟතාවය පල කර ඇත. එම එකඟතාවය පල කර ඇත්තේ සමගි ජනබලවේගය සමග එක්ව සිටින දේශපාලන පක්ෂ කීපයක මන්ත්‍රීවරු කීප දෙනෙකි. ඔවුන් රනිල් වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

දෙමළ ජාතික සංධානයේ සහාය සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට සාකච්ඡා ආරම්භ වී ඇත. එම සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට අවශ්‍ය බටව විසංවාදයක් ගොඩනගා ඇත.


ඒ අතර සජිත් ප්‍රේමදාස අවසන් මෙහොතේ ජනාධිපති තරගයෙන් ඉවත්ව ඔහුගේ සහයෝගය ඩලස් අලහප්පෙරුමට ලබා දීමට සැලැස්මක් ඇති බවත් lankasara.com වාර්තා කර තිබේ. කෙසේ වෙතත් උද්ගතවී ඇති තත්ත්වය මත ලබන 20 වැනිදා වනවිට පක්ෂ අතර අභ්‍යන්තර අර්බුද තීව්‍ර වී පක්ෂ බිඳී යෑමේ අවදානමක් බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දේ


ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම යෝජනා දුන්නොත් ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට පැවසීය.


ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැති සබයට


ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසර වසර වල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට රජයට සිදු වු බව එම ලිපියේ සඳහන් වෙයි.

ඒ තුළින් වූ අස්ථාවරත්වයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරමින්  සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැම උත්සාහයක්ම ගනු ලැබූ බවද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය.

පොදු ජනතාවගේ සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව ජනාධිපති ධුරයෙන් ජුලි 14 සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවද උපන් මව්බිමට මේ දක්වා උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ අයුරින් ම ඉදිරියේදීත් දායක වන බවද ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරයි.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...