BREAKING
Top Ad
පුවත්

රාජ්‍ය ඇමතියෙක් බිමත්ව අනුරපුර පුද බිමේ යකා නටයි

T

The Leader

December 7, 2020 • 6:13 AM

 රාජ්‍ය ඇමතියෙක් බිමත්ව අනුරපුර පුද බිමේ යකා නටයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධික ලෙස බිමත්ව රුවන්වැලිමහාසෑය වන්දනා කිරීම සඳහා පසුගිය 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරින් සමග පැමිණ ඇති මහනුවර
  •   අවේලාවේ එම පුජා භූමියට ඇතුළුවීමට අවසර දිය නොහැකිබවට ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමත් සමග කුපිත වූ  රාජ්‍ය ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට බැනවැදීපුජා භුමියේ යකා නටා ඇත.
  •   එසේ තිබියදී මෙම අමාත්‍යවරයා එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිය පවුලේ ඥාතින් සහ ආරක්ෂක නිලධාරින් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග රුවන්වැලිමහා සෑය වන්දනා කිරීමට පැමිණ ඇත.
  • ඇමති වරයෙකුට  රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැති නම් කවුද යකෝ වඳින්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):
දිස්ත්‍රීක්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.
 
අවේලාවේ එම පුජා භූමියට ඇතුළුවීමට අවසර දිය නොහැකිබවට ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමත් සමග කුපිත වූ  රාජ්‍ය ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට බැනවැදීපුජා භුමියේ යකා නටා ඇත.
 
රුවන්වැලිමහාසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10.00 වනතෙක් අවස්ථාව ලබා දෙන අතර ඉන්පසු එහි කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකිවන ලෙස පොලිසිය විසින් ප්‍රධාන පිවිසුම් දොරටුවල ඉබි යතුරු දමා වසා දමා එම යතුරු සිය භාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබන්නකි.
 
එසේ තිබියදී මෙම අමාත්‍යවරයා එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිය පවුලේ ඥාතින් සහ ආරක්ෂක නිලධාරින් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග රුවන්වැලිමහා සෑය වන්දනා කිරීමට පැමිණ ඇත.
 
''මෙම අමාත්‍යවරයා එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිය පවුලේ ඥාතින් සහ ආරක්ෂක නිලධාරින් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග රුවන්වැලිමහා සෑය වන්දනා කිරීමට පැමිණ ඇත.''
 
 
රුවන්වැලිමහා සෑ පුදබිමට ඇතුළුවීමට සංඝමිත්තා මාවත දෙසින් ඉදි කොට තිබෙන තොරණ සහිත පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි රාජ්‍ය ඇමතිවරයා එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන්ට තමන්ව හඳුන්වා දී තමන් ඇතුළු පිරිසට රුවන්වැලිමහසෑය වන්දනා කිරීමට යාමට අවශ්‍ය බව පවසා තිබේ. 
 
එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් සෑම දිනකම රාත්‍රී 10.00 න් පසු මහසෑ භූමියට වසා දමන බැවින් ඊට අවසර දිය නොහැකි බව ඇමතිවරයාට පවසා තිබේ.
 
ඉන් ප්‍රකෝප වූ රාජ්‍ය ඇමතිවරයා "යකෝ මම ඇමතිවරයෙක්. ඇමති වරයෙකුට  රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැති නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට (පොලිස් ස්ථානාධිපතිවරයාට)". යයි කියමින් ඝෝෂා කර තිබේ.
 
''ප්‍රකෝප වූ රාජ්‍ය ඇමතිවරයා "යකෝ මම ඇමතිවරයෙක්. ඇමති වරයෙකුට  රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැති නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට (පොලිස් ස්ථානාධිපතිවරයාට)". යයි කියමින් ඝෝෂා කර තිබේ.''
 
පැවති වර්ෂාව නිසා කළු පැහැති වැහි කබාවලින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට "කළු ඇඳගෙන ගෙන ඉන්නෙ තොපි මොක්කුද".තොපිට ජරාව දුන්න නම් අපට යන්න දෙයි. ජරාව කන එවුන්නෙ පොලිසියේ ඉන්නෙ" යනුවෙන් බැන වැදී ඇති ඇමතිවරයාව සන්සුන් කිරීමට ඔහුගේ ආරක්ෂක නිලධාරින් සහ පවුලේ සාමාජිකයින් උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථවී ඇත.
 
එම අවස්ථාවේ ඔවුන්ගේ කිමවත් නොඅසා රාජ්‍ය ඇමතිවරයා බලහත්කාරයෙන් ස්වර්ණමාලි මහසෑ විහාරස්ථානයේ ආවාස ගෙය දෙසින් මහසෑ ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර ආරක්ෂක නිලධාරින්ද ඇමතිවරයාගේ ආරක්ෂාවට ඔහු පසුපසින් ගොස් ඇතත් ස්වර්ණමාලිමහසෑ භූමියට ඇතුළුවීමට හැකියාවක් ලැබී නොමැත.
 
එම අවස්ථාවේ අධික ලෙස බිමත්ව සිටි රාජ්‍ය ඇමතිවරයා වාරු නොමැතිව වරක් බිම ඇද වැටී ඇතැයිද පැවසේ.
 
පසුව එහි මුරපොලේ සේවයෙහි නිරත පොලිස් නිලධාරින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කොට ඇති අතර මේ බව පොලිස් නිලධාරින් විසින් පසුදින ස්වර්ණමාලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලෙගම් හේමරතන නාහිමිපාණන් වහන්සේටද සැල කොට ඇත.
 
 
මුරපොලේ සේවයෙහි නිරත පොලිස් නිලධාරින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කොට ඇති අතර මේ බව පොලිස් නිලධාරින් විසින් පසුදින ස්වර්ණමාලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලෙගම් හේමරතන නාහිමිපාණන් වහන්සේටද සැල කොට ඇත.
 
රුවන්වැලිසෑ පින්බිමේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු පොලිසියට බලපෑම් සිදු කර බිමත්ව යකා නැටු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් වහන්සේට රුවන්වැලිසෑය පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පෙරේදා (06) පෙරවරුවේ දැනුම්වත් කළ බව රුවන්වැලිමහසෑ විහාරාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ. 
 
රාජ්‍ය ඇමතිවරයෙකු එම පින්බිමේදී බිමත්ව පැමිණ සිදු කළ බව කියන නොමනා හැසිරීම සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.
 
එම සිද්ධිය තමන් වහන්සේ සියැසින් නොදුටු නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් කීමට නොහැකි බවත් එවැනි සිදුවීමක් සිදුවුයේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කොට නිත්‍යානුකුල පියවර ගැනීම පොලිසියේ රාජකාරියක් බව තමන් වහන්සේ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බවත් පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...