BREAKING
Top Ad
Opinion

අසමානයන් සමාන වන තැන -Samabima Party

T

The Leader

August 27, 2022 • 10:55 PM

අසමානයන් සමාන වන තැන -Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ දිනයේදී රංජන් රාමනායක ජනාධිපති සමාවෙන් දීර්ග සිර දඩුවමෙන් නිදහස් විය.
  •   මෙම මාධ්‍ය ආයතන නිර්මාණය වී ඇත්තේ කුමන පිරිසකගෙන් ද?
  • එසේම මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිස දන්නේ තමන් ඉදිරියේ දේශපාලඥයා දෙකට නැවෙන බවයි.
  •   තවද META සමාගම හරහා සියලු දෙනාම සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදීන් වී ඇති බැවින් ඉහත තත්වය සංකීර්ණ වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙය මෙරට පක්ෂ විපක්ෂ බොහෝ පිරිසකගේ සතුටට හේතූ වූ බව ද කිව යුතුය.

ලංකාවේ බොහෝ දෙනා සිදු කරන්නේ රංජන් රාමනායක නම් පුද්ගලයා සංස්ලේෂණය කිරීමයි. එහෙත් අප උත්සහ කරන්නේ විශ්ලේෂනය කිරීමටයි.

මාධ්‍ය ආයතන විසින් රංජන් රාමනායක වැනි චරිත කාලෙන් කාලෙට ඉහළට එසවීම සිදු කරනු ලබයි. ඔවුන් ප්‍රතිරූප නිර්මාණය කිරීම මෙන්ම ප්‍රතිරූප බිඳ දැමීමද සිදු කරයි. එබැවින් ජන මාධ්‍ය පිළිබඳ විශ්ලේෂණය කිරීම ද වැදගත් වේ.

 

මෙම මාධ්‍ය ආයතන නිර්මාණය වී ඇත්තේ කුමන පිරිසකගෙන් ද? ඒ කිසිඳු හැදෑරීමක් නොමැති මෝඩයන්ගෙනි. මොවුන් පොත් කියවීම සිදු නොකරයි. ඔවුන්ගේ හිතට නැගෙන සිතුවිලි සමාජය පුරා බෙදා හරී. එසේම මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිස දන්නේ තමන් ඉදිරියේ දේශපාලඥයා දෙකට නැවෙන බවයි. මෙය වැඩි වශයෙන් සිදු කරන්නේ පෞද්ගලික මාධ්‍ය ආයතන ය.

 

තවද META සමාගම හරහා සියලු දෙනාම සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදීන් වී ඇති බැවින් ඉහත තත්වය සංකීර්ණ වී ඇත.

රංජන් රාමනායක වැනි පුද්ගලයන් දේශපාලන පක්ෂ නායකයන් සිය පක්ෂ වල සාමාජියන් බවට පත්කර ගන්නේ ඇයි? එය අපට ජනප්‍රියවාදය ලෙස දැක්විය හැක. එනම් දේශපාලන අවකාශය තවදුරටත් බුද්ධිමතුන්ගෙන් පිරීයාම වෙනුවට ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පිරී යාමයි. මේ නිසා පක්ෂය නායකයාගේ ආධිපත්‍යය තවුරු කර ගැනීමට හා සාමාජිකයන් පහසුවෙන් හසුරා ගැනීම සිදු කරයි.

 

මිනිස්සු රංජන් රාමනායක, අනුර කුමාර දිසානායක, කුමාර් ගුණරත්නම් වැනි පිරිස් සලකන්නේ මේ කුණු වූ සමාජයේ ඉපදුණු මෙහි අගතිවලින් මිදී ඉහළට එසවුන සුදු නෙලුම් මල් ලෙසයි. මොවුන් අති පාරිශුද්ධ ය. පියුමි හංසමාලි යනු ද එලෙස සුදු නෙලුමක් බව පසුගිය දිනෙක මාධ්‍ය විසින් උත්කර්ෂයට නැන්වූ වගයි.

 

නමුත් මොවුන්ගේ අතීතය පිළිබඳ සොයා බැලුවේ නම් ඔවුන්ගේ නියම ස්වරූපය සොයාගත හැකිය.

උදාහරණයක් ලෙස කුමාර් ගුණරත්නම් ඉන්දියානු හමුදාවට එරෙහි සටන් වැදුණු ජනතා වීරයෙක් ලෙස සලකනු ලබන නමුත් ඔහු ඇතුලු පිරිස හමුදාවේ අත්තඩංගුවට පත් වූ විට ඔහු පමණක් ඉතිරි වී අනෙක් අය මිය ගිය ආකාරය ගැන කිසිවෙක් කතා නොකරයි.

මේ අනුව අපට සූත්‍රයක් ගොඩ නැගිය හැක. එනම් කුමාර් ගුණරත්නම් ‍රංජන් රාමනායකට සමාන (කුමාර් ගුණරත්නම් සහ රංජන් රාමනායක යනු දෙදෙනාම මාධ්‍ය ඉදිරියේ නලුවන් ය.

 
 මොවුන් දෙදෙනාම තට්ටය ඇත. එසේම දෙදෙනාම කායවර්ධනය කරයි. එහෙයින් ඒ අර්ථයෙන් ද මොවුන් අති සමානයෝ ය.) බව සහ කුමාර් ගුණරත්නම් චේ ගුවේරා ට අසමාන වන ලෙසයි.

චේ ගුවේරා කිසිවෙක් පාවා නොදීන නිසා ඔහුට අත්වූවේ මරණයයි. නමුත් කුමාර් ගුණරත්නම් තම සඟයන් පාවා දීම නිසා ඔහුට ජීවිතය හමු වීමයි. මේ පරස්පරය අපට සෑම විටම අමතක වන්නකි.
 
 
දැන් අපට තව පියවරක් ඉදිරියට යා හැක. අප ඇයි රංජන්ට, කුමාර් ගුණරත්නම් ට අවිඥානිකව ආශා කරන්නේ? එනම් ඔවුන් ද අපි වගේ වන නිසාය. එනම් ඔවුන් අප මෙන්ම ගඳ ගසන කුණු වැඩ කරන නිසාය. කුමාර් ගුණරත්නම් වැනි චරිතයක් අරගලයේ දී අධිනිශ්චය වන්නේ මේ නිසාය.
 
 
(Viduranga Keerawella ෆේස්බුක් පිටුවෙන්..)
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...