BREAKING
Top Ad
පුවත්

තිස්ස කුට්ටි ට SIS බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද?

T

The Leader

January 7, 2022 • 12:42 AM

තිස්ස කුට්ටි ට SIS බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS -State Intelligence Service) තොරතුරු මත යැයි ජානක තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කළ
  • එය ඉතාම බරපතල ප්‍රකාශයක් බවත් රජය සහ බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් ඊයේ (06) අධිකරණ කටයුතු සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
  • "ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්.
  • බරපතළ වෙන්නේ මෙතෙන ප්‍රශ්නේ, බුද්ධි අංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

එය ඉතාම බරපතල ප්‍රකාශයක් බවත් රජය සහ බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් ඊයේ (06) අධිකරණ කටයුතු සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බුද්ධි තොරතුරු ගලායාමේ ප්‍රමුඛතාවන් ලැයිස්තුවක් ඇති බවත් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හෝ රටේ දේශපාලනය සම්බන්ධයෙන් නොදැන බුද්ධි අංශ තොරතුරක් මත තමාව ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම බරපතල කාරණයක් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.


තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පහතින්



තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේ පැවසිය.


"ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනේ නෑ අපි කියන්න තියෙන දේ එළිපිට කියනවා. කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙමෙයි ඉතිහාසයේ. බරපතළ වෙන්නේ මෙතෙන ප්‍රශ්නේ, බුද්ධි අංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද? මේක බරපතළ ප්‍රශ්නයක් නේ. බුද්ධි අංශ ඉතාම අවධානය යොමුකරන තැනක් රජයේ ප්‍රධානීනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මෙසේ නොවිය යුතුයි. බුද්ධි අංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත්, රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශාපාලන ඉතිහාසය ගැනවත් නොදැන. බුද්ධි අංශ තොරතුරක් මත මේක වෙනවා කියන එක බරපතළ කාරණයක් මං දකින හැටියට නම්. මම ඉල්ලීමක් කරනවා ප්‍රධානීන්නගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා කොහොම ද මේ මන්ත්‍රීවරයෙකුට බුද්ධි අංශ වාර්තා ලැබුණේ කියලා."


බැසිල් වාදියකු වන තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් රජයෙන් හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.




(මුලාශ්‍රය - kubiyonews.com)

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...