The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ආයතනයට වාර්තාව තවම ලැබී නෑ - ශම්මි සිල්වා

T

The Leader Desk

January 18, 2023 • 10:00 AM

ක්‍රිකට් ආයතනයට වාර්තාව තවම ලැබී නෑ - ශම්මි සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාල සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති අණින් සිදු කෙරුණු විමර්ශනයට අදාල වාර්තාව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැතැයි එහි සභාපති ශම්මි සිල්වා පවසයි.
  • වාර්තාව භාරගැනීමෙන් අනතුරුව ඊට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව ඉකුත් 16 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළේය.
  •   ඕස්ට්‍රේලියාවේදී පැවති 2022 අයි.සී.සී.
  •   කෙසේ වුවත් එම වාර්තාවට අදාල වග උත්තරකාර පාර්ශවය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙතෙක් වාර්තාවේ පිටපතක් ලැබී නැතැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (17) පස්වරුවේ පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



අදාල විමර්ශය සිදුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව, ඉකුත් 10 වැනිදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට සහ අමාත්‍යංශය ලේකම් කේ. මහේෂන් ට එම විමර්ශන වාර්තාව ලබාදීමට කටයුතු කළේය.

හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් සහ නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය විමර්ශන කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ වූහ.

වාර්තාව භාරගැනීමෙන් අනතුරුව ඊට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව ඉකුත් 16 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළේය.

 

ඕස්ට්‍රේලියාවේදී පැවති 2022 අයි.සී.සී. ටී 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව  නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන්ද, "බෝන් අගේන්" ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද, පරික්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධව අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ  උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් විසින් එම වාර්තාව පෙරේදා (16) දින නීතිපතිවරයා වෙත යොමුකර තිබේ. එසේ ලැබෙන උපදෙස් හා නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

 

කෙසේ වුවත් එම වාර්තාවට අදාල වග උත්තරකාර පාර්ශවය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මෙතෙක් වාර්තාවේ පිටපතක් ලැබී නැතැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (17) පස්වරුවේ පවසා ඇත.

 එහිදී ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ, තමන්ද වාර්තාව පිළිබඳව කරුණු දැනගත්තේ මාධ්‍ය තුළින් බවය.

“ඔය කියන විමර්ශන වාර්තාවෙ පිටපතක් තවම අපිට (ක්‍රිකට් ආයතනයට) ලැබිලා නෑ. අපිත් මාධ්‍යවල පළවෙනකොට තමා ඒ ගැන දැනගත්තෙ. වාර්තාව ලැබුණට පස්සෙ විධායක කමිටුව රැස්කරලා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර තිබේ.

ඉකුත් වසරේ (2022) ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුව පත් කළේය.

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකායක බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන්ම සදහන් කර තිබිණ.

ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඇති ජාතික ක්‍රීඩා අරමුදලෙන් එකී පිටු 60 ක වාර්තාව සඳහා විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන හට රුපියල් ලක්ෂ 7 ක් සහ අනෙක් සාමාජිකයින් හතර දෙනාට ලක්ෂ 5 බැගින් ලබා දී තිබේ.







JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...