සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් බුවනෙක ශූරතාව දිනා ගත් අතර, විවෘත කාන්තා අවසන් මහා තරගයේ දී ලකුණු 21-8ක් සහ 21-16ක් ලෙස මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් රනිත්මා කාන්තා ශූරතාව දිනාගත්තාය.
පිරිමි ඒකල ශූරතාවට අමතරව සචින් ඩයස් සමඟ එක්ව ලකුණු 21-16ක් සහ 21-11ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශින්ස හේරත් පරදවමින් පිරිමි විවෘත යුගල ශුරතාවත් දිනා ගත් බුවනෙක, කාවින්දි සිරිමාන්නගේ හා එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාව ද අත්කර ගනිමින් ත්‍රිත්ව ශූරතාවට හිමිකම් කීමට සමත් විය. මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී බුවනෙක හා කාවින්දි හමුවේ ලකුණු 21-13ක් සහ 21-15ක් ලෙස පරාජයට පත් වූයේ බුත්මි ගලගමගේ සහ තුලිත් පල්ලියගුරුගේ ය.
රනිත්මා ලියනගේ විවෘත කාන්තා ශුරතාවට අමතරව කාවින්දි සිරිමාන්නගේ සමඟ එක්ව ලකුණු 21-9ක් සහ 21-14ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව ද අත්කර ගැනීමට සමත් වූවාය. මීට අමතරව ඇය ජාතික ශුරතාවලියට සමගාමීව පැවැති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියේ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශුරතාව ද අත්කර ගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ රනුමි මානගේ පරාජයට පත් කරමිනි.
මේ අතර පසුගිය ශූරතාවලියේ විවෘත කාන්තා ඒකල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරග අංශ තුනේදිම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා පසුව පාදයේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ කාවින්දි සිරිමාන්නගේ මෙවර බුවනෙක හා එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාව සහ රනිත්මා හා එක්ව විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගනිමින් ද්විත්ව ශුරතාවට හිමිකම් කීම කැපී පෙනුණු සිදුවීමක් විය.
ජාතික ශූරතාවලියට සමගාමීව මෙවර 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ද පැවැති අතර, එහිදී ඩීඑස් සේනානායක විදුහලේ සවිනක වීරසේකර අවුරුදු 19න් පහළ බාලක ශුරතාව දිනාගත් අතර, ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ඒකල බාලිකා ශූරතාවට හිමිකම් කීවාය.
ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 17න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට සමත් වූ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ අනතුරුව රශ්මි මුදලිගේ සමඟ එක්ව 19න් පහළ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීම ද කැපී පෙනුණි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් ද, පෑම් චන්ද්‍රසේන ඇතුළු හිටපු ක්‍රීඩකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
(dinamina.lk-ෆවුස් මොහොමඩ් : ඡායාරූපය සුලෝචන ගමගේ)
ජාතික බැඩ්මින්ටන් ශූරිය 17 හැවිරිදි රනිත්මා - ශූරයා බුවනෙක
T
The Leader Desk
January 23, 2023 • 7:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාතික බැඩ්මින්ටන් තරග බිමේ පිට පිට දෙවැනි වරටත් ජාතික ශූරයා ලෙස කිරුළ පැලඳීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 17 හැවිරිදි රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය.
- රනිත්මා ලියනගේ විවෘත කාන්තා ශුරතාවට අමතරව කාවින්දි සිරිමාන්නගේ සමඟ එක්ව ලකුණු 21-9ක් සහ 21-14ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව ද අත්කර ගැනීමට සමත් වූවාය.
- මීට අමතරව ඇය ජාතික ශුරතාවලියට සමගාමීව පැවැති 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියේ අවුරුදු 17න් පහළ බාලිකා ඒකල ශුරතාව ද අත්කර ගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී කොළඹ මියුසියස් විදුහලේ රනුමි මානගේ පරාජයට පත් කරමිනි.
- ජාතික ශූරතාවලියට සමගාමීව මෙවර 38 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ද පැවැති අතර, එහිදී ඩීඑස් සේනානායක විදුහලේ සවිනක වීරසේකර අවුරුදු 19න් පහළ බාලක ශුරතාව දිනාගත් අතර, ගේට්වේ ජාත්‍යන්තර විදුහලේ රශ්මි මුදලිගේ ඒකල බාලිකා ශූරතාවට හිමිකම් කීවාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



