The Leader News
BREAKING
Top Ad
පුවත්

20 යි 20 : පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන් - ලංකාව අද තරග බිමේ

T

The Leader Desk

October 18, 2021 • 3:51 AM

20 යි 20 : පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන් - ලංකාව අද තරග බිමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.
  •   පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළේය.    ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් රැස්කළ අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් රැස් කිරීමට සමත්විය.
  •   මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ඊයේ සමත් වුණි.
  •   පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.
 
මෙම තරගය ඊ කාණ්ඩය යටතේ පැවැත්වුනේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළේය. 
 
ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් රැස්කළ අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් රැස් කිරීමට සමත්විය.
 
මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ඊයේ සමත් වුණි.
 
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.
 
අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 24 ක් ලබාගත යුතුව තිබු අතර කෙසේවෙතත් ඔවුන්ට එම පන්දු වාරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි. 
 
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 38ක් රැස්කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 23ක් රැස්කළේය.
 
පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ බ්‍රැඩ්වීල් ලකුණු 24 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්විය. 
 
මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම 20 යි 20 තරග පිටියේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 02 ම මේවනවිට පරාජයට පත්ව ඇත. 
 
මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය නැමීබියා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හිදී අද පැවැත්වේ.
 
A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතය. 
 
328841328843
328857
328853
328849
 

 

 

 


 

THE LEADER TV 
 
 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...