BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 ඉක්මවයි: 'මෙදා ආර්ථිකයට භයානකයි - ආණ්ඩුවේ නායකයන් සාකච්ඡා'

T

The Leader Desk

October 17, 2020 • 3:01 PM

 බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 ඉක්මවයි: 'මෙදා ආර්ථිකයට භයානකයි - ආණ්ඩුවේ නායකයන් සාකච්ඡා' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති
  • මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.
  • අද දිනයේ රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115 කි.
  • වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.

අද දිනයේ රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115 කි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සමග ඇතිවූ මෙම කොවිඩ් පොකුර නිසා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,016ක් වේ. 

නිවේදන 305මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. 

රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.

වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3395 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කෙසේවෙතත් තවත් ආසාදිතයින් 2067 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

රටේ ආර්ථිකයට විශාල පසුබෑමක් !

''මේ වන විට කොවිඩ් 19 පැතිර ගොස් ඇති ආකාරය රටේ ආර්ථිකයට විශාල පසුබෑමක් එල්ලකළ හැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලූ ආණ්ඩුවේ ඉහළම නායකයින් සාකච්ඡා කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.''

මේ වන විට කොවිඩ් 19 පැතිර ගොස් ඇති ආකාරය රටේ ආර්ථිකයට විශාල පසුබෑමක් එල්ලකළ හැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලූ ආණ්ඩුවේ ඉහළම නායකයින් සාකච්ඡා කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් සම්පාදිත එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි, එම පුවත්පත සමග අදහස් දක්වා ඇති ආන්ඩුවේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත්තේ, මීට පෙර කොවිඩ් 19 වසංගතය පැමිණි අවස්ථාවට වඩා මෙම අවස්ථාව භයානක යැයි විශ්වාස කරන බවය.

 මීට පෙර ආයතන විවෘත කිරීමේ අවදානමක් නොතිබුණු බවත්, ආසාදිතයින් නාවික හමුදාව සහ නිරෝධන කඳවුරු සිටි බැවින් බාහිර සමාජයෙන් වෙන් කර ගැනීමේ හැකියාවක් තිබුණු බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විට මිලියන ගණනක ජනගහණයක් අතර විසිර සිටින ආසාදිතයින් සොයාගැනීම හා වෙන් කිරීම අසීරු බවත්, දිගින් දිගටම ආයතන විවෘත කර පවත්වාගෙන යෑමේ අවධානමක් පවතින බවත් ආණ්ඩුවේ ප්‍රකාශකයා පවසා තිබේ.

සංචාරක ක්ෂේත්‍රය හා විදේශ රැකියා ක්ෂේත්‍රය කඩා වැටී ඇති මොහොතක අපනයන කර්මාන්තය ද දුර්වල වුවහොත් එය විශාල අවදානමක් බව ඔහු සඳහන් කර තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...