The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

T

The Leader Desk

January 18, 2023 • 8:01 AM

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
  • එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැතිවරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.
  • සභාපති ධුරය සඳහා ඉදිරිපත්වූ තමාට ඒ සඳහා අවස්ථාවක් ලබානොදෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් තමන්ට බලවත් අසාධාරනයක් කල බවට චෝදනා කරමින් ජස්වර් උමාර් අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබුනේ ඊයේ පස්වරුවේ  දීය.
  •  ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නව සභාපති ජේ ශ්‍රී රංගා නව තනතුරේ වැඩ භාර ගැනීම අද (18) දින පෙරවරුවේ දී කොළඹ 7, පාපන්දු සංගම් මූලස්ථානයේදී සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැතිවරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පසුගිය සෙනසුරාද පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙදී හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබිණ.

සභාපති ධුරය සඳහා ඉදිරිපත්වූ තමාට ඒ සඳහා අවස්ථාවක් ලබානොදෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් තමන්ට බලවත් අසාධාරනයක් කල බවට චෝදනා කරමින් ජස්වර් උමාර් අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබුනේ ඊයේ පස්වරුවේ  දීය.

 ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නව සභාපති ජේ ශ්‍රී රංගා නව තනතුරේ වැඩ භාර ගැනීම අද (18) දින පෙරවරුවේ දී කොළඹ 7, පාපන්දු සංගම් මූලස්ථානයේදී සිදුවිය.

.





සබැඳි පුවත් :



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...