The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි

T

The Leader Desk

January 20, 2023 • 5:18 PM

පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරීපත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය
  • ඉන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
  • ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 21 වනදා සිදුකරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.
  • පසුව තමන්ට සුදුසුකම් නැති බව පවසමින් එම තනතුරට තරඟවැදීමට බලධාරීන් තමන්ට අවස්ථාව නොදුන් බව පෙත්සම්කරු චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තෝරාගත් නිලවරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා  ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබාදුන්නේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමාර් ගොනුකළ රිට් පෙත්සමක් අද (20) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දෙවන දිනටත් සලකාබැලීය.

ඉන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

කෙසේ වෙතත් නව නිලධාරි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු නියෝග කිසිවක් අධිකරණය විසින් අද නිකුත් කිරීමක් සිදු නොවිණි.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 03 වනදා ගොනුකරන ලෙස වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් පෙබරවාරි මස 10 වනදා ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 21 වනදා සිදුකරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ඉකුත් 14 වනදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාමයෝජනා බාරදුන් බවත් නාමයෝජනා කමිටුව එය පිළිගත් බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුව තමන්ට සුදුසුකම් නැති බව පවසමින් එම තනතුරට තරඟවැදීමට බලධාරීන් තමන්ට අවස්ථාව නොදුන් බව පෙත්සම්කරු චෝදනා කළේය.

අනතුරුව විරුද්ධ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූ වගඋත්තරකාර ජේ. ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරීපත්වූ බව පෙත්සම්කරු කියා සිටියේය.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බව පෙත්සම්කරු කියා සිටියේය.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිඵල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් දෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.


සබැඳි පුවත් :

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය! 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...