The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සී.ආර්. ක්‍රීඩකයෝ හඹාගොස් ජය ගනිති

T

The Leader Desk

January 23, 2023 • 5:16 AM

සී.ආර්. ක්‍රීඩකයෝ හඹාගොස් ජය ගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඊයේ (22 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 33-27 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
  • ක්‍රීඩකයෝ, ලකුණු 22 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.
  • එම අර්ධයේදී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.
  • පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු ලබාගත් සී.ආර්.
අකුරු ප්‍රමාණය (Font Size):



තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-11 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයෝ, ලකුණු 22 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එම අර්ධයේදී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු ලබාගත් නාවික හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් පමණි.

අෂාන් ඩාලින් 8 වැනි විනාඩියේදීද, මාර්ෂෙඩ් දොරේ 55 වැනි විනාඩියේදීද, තේනුක නානායක්කාර 60 වැනි විනාඩියේදීද, ගැමුණු චේතිය 69 වැනි විනාඩියේදීද සී.ආර් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථනයක් සහ සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගැනීමට මොහාන් චතුර සමත් විය.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් හර්ෂ මධුරංග 4 වැනි විනාඩියේදී, දිනේෂ් ද සිල්වා 35 වැනි විනාඩියේදීද, ළහිරු හේරත් 66 වැනි විනාඩියේදීද, නිරෝෂන් පෙරේරා අවසන් විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සහ නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි.

(ඡායාරූප - Kelum Chamara Nelumdeniya)

 
326322897 863900904819418 5739096184162242621 n
326354106 760365754945853 8140320505610301604 n

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...