The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් -පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩා ගැන දැඩි තීරණයක්

T

The Leader Desk

January 30, 2023 • 6:10 PM

ක්‍රිකට් -පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩා ගැන දැඩි තීරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් සහ පාපන්දු ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා මහජනයාට වගකියන, විනිවිදභාවයෙන් යුත්
  • ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා පැවසීය.
  • ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් සඳහන් කළේය.
  • අමාත්‍යවරයා එබව කියා සිටියේ, ක්‍රීඩා ජාතික ක්‍රීඩා සභාවේ දී අද පෙරවරුවේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

තේරීම් කමිටු පත්කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා පැවසීය.

අදාළ රෙගුලාසිවලට අනුව තේරීම් කමිටු සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අයදුම්පත් යොමුකළ යුතු අතර ඒවායේ පිටපත් ජාතික තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, ක්‍රීඩා ජාතික ක්‍රීඩා සභාවේ දී අද පෙරවරුවේ පැවති ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ පළමු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.


''මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්නයි''  - ක්‍රීඩා ඇමති

"මට මේ තනතුර එක්ක යාලුවෝවත් තරහකාරයෝවත් නෑ.  මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්න" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහි දී ක්‍රීඩාවේ පවතින ගැටලු සහ තීරණ පිළිබඳ සාකච්ඡා කළ අතර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා සනත් ජයසූරිය ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධ ප්‍රශ්නයක් පවතින බව පෙන්වා දෙන ලදී.

එසේ ම කෙත්තාරාම ක්‍රීඩාංගනයේ පහසුකම් අඩු බවට සහ පිහිනුම් තටාකයක් සහ තවත් පහසුකම් කිහිපයක ඇති අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩකයින්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ ව ද එහි දී සාකච්ඡා කරන ලදී.

ඉදිරියේ දී පැමිණීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයට පෙර මෙම ගැටලු නිරාකරණය කළ යුතු බැවින්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මාර්ගයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පැමිණීමට කැමති අය විනිවිද භාවයකින් යුක්තව තෝරා ගැනීමට තීරණය කරන ලදී.

මේ සඳහා ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සනත් ජයසූරිය ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි වී සිටියේය.

Sport 1

sport 2

sport 3

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් -පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩා ගැන දැඩි තීරණයක් | The Leader