The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමේ සුදානමක් !

T

The Leader Desk

January 31, 2023 • 7:30 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.
  • කමිටුව සිය පිටු 63ක වාර්තාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය සමඟ ඇති සම්බන්ධය අත්හිටුවීමට, අවලංගු කිරීමට හෝ නැවත පණ ගැන්වීමට ය.
  •   වියදම් අවම කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් 16 දෙනෙකු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට යැවීමට රුපියල් මිලියන 65කට අධික මුදලක් වැය කර තිබීම සම්බන්ධව කමිටුව දැඩිව අවධාරණය කර ඇති බව ද වාර්තා වේ.
  • පවතින තත්ත්වය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන වියදම් පිළිබඳ පුළුල් විගණනයක් සිදු කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එම වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ හිතවතුන් අතර සිදු වූ බව කියන වැරදි රැසක් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පංච පුද්ගල කමිටුව, ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා සිය නියෝගය නිකුත් කර තිබිණි.

 

වාර්තාවන ආකාරයට කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ප්‍රමාණවත් හේතු සොයා ගෙන තිබේ. කමිටුව සිය පිටු 63ක වාර්තාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය සමඟ ඇති සම්බන්ධය අත්හිටුවීමට, අවලංගු කිරීමට හෝ නැවත පණ ගැන්වීමට ය.

 

වියදම් අවම කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් 16 දෙනෙකු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට යැවීමට රුපියල් මිලියන 65කට අධික මුදලක් වැය කර තිබීම සම්බන්ධව කමිටුව දැඩිව අවධාරණය කර ඇති බව ද වාර්තා වේ.

පවතින තත්ත්වය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන වියදම් පිළිබඳ පුළුල් විගණනයක් සිදු කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

 

අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකළ පෙත්සමක් මේවනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ.

 

ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් තෝරන්න පුවත්පත් දැන්වීම්


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සුදුස්සන් තෝරා ගැනීමට පුවත්පත් දැන්වීමක් පළකර විනිවිදභාවයකින් එය සිදු කිරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇත.

ඒ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තේරීම් කමිටුවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමිනි.

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා අත්දැකිම් සහිත ප්‍රවීනයන්ගේ දායකත්වයක අවශ්‍යතාව මෙහිදී ජාතික තේරීම් කමිටුව පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ, නිල දැනුම්දිමක් කරන තෙක් තම තේරීම් කමිටුව ක්‍රියා කරන බව යි.



(මුලාශ්‍රය - lankasara.com)


සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමේ සුදානමක් ! | The Leader