The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යති

T

The Leader Desk

February 5, 2023 • 3:52 PM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන
  • එම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩිකාවන් 15 දෙනකු සහ පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතවේ.
  • මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර, මෙහි පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන ලබන 10 වැනි පැවැත්වීමට නියමිතය.
  • හැමෝම දන්න දෙයක් තමයි ඕනෑම වේලාවක විස්සයි 20 තරග රටාවේදී තරගයක් එක් අයෙකුට හෝ වෙනස් කරන්න පුළුවන් බව.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලියට සහභාගි වීම සඳහා පෙරේදා (03 වැනිදා) අලුයම කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.

එම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩිකාවන් 15 දෙනකු සහ පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතවේ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර, මෙහි පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන ලබන 10 වැනි පැවැත්වීමට නියමිතය.


''අපට පෙරැළියක් කරන්න පුළුවන්'' - චමරි අතපත්තු

තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මාධ්‍ය හමුවේදී මෙසේ පැවසුවාය.

'' මට හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සැදුම්ලත් වීමයි. හැමෝම දන්න දෙයක් තමයි ඕනෑම වේලාවක විස්සයි 20 තරග රටාවේදී තරගයක් එක් අයෙකුට හෝ වෙනස් කරන්න පුළුවන් බව. මගේ විශ්වාසය ක්‍රීඩිකාවන් අතර ශ්‍රේණිගත කිරීම් යම් අංකයක් විතරයි. දවසේ හොඳින්ම ක්‍රීඩා කරන ක්‍රීඩිකාව තමයි අංක එකේ මා සලකන්නේ. මා ඒ බව අපේ ක්‍රීඩිකාවන් සමග කතා කරනවා. ඔවුන්ට විශ්වාසය දෙනවා” චමරි පැවැසුවාය.

“අප පසුගිය ලෝක කුසලානයේදී ඔස්‌ට්‍රේලියාවට හොඳ තරගයක් දුන්නා. මේ තරගාවලියෙදීත් එවැනි කණ්ඩායම්වලට හොඳ තර්ජනයක් ගෙන දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ කාණ්ඩයේ ඔස්‌ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් සිටිනවා. ඒක ලේසි පහසු කාණ්ඩයක් නොවෙයි. හොඳ තරගකාරීත්වයක් තියෙන කාණ්ඩයක්. නමුත් දවසින් දවස උපරිම දක්ෂතා අතර සිට අපේ ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කළොත් අපට පෙරැළියක් කරන්න පුළුවන්. ඒ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන් කියා විශ්වසයක් තියෙනවා“ චමරි පැවැසුවාය.

“ඒ වගේම දකුණු අප්‍රිකාවේ වේග පන්දුවලට උචිත හා යම් ඉපිලීමක් ඇති තණතිලිවලට මුහුණ දෙන ආකාරය අප පුහුණු වුණා. අපි 17න් පහළ හා 15න් පහළ පිරිමි කණ්ඩායම් සමග පුහුණු තරග පැවැත්වූවා. ඒ අය පුහුණුවීම්වලට ගෙනත් පන්දුවට පහර දුන්නා. සති දෙකක් හම්බන්තොටදී විදුලි ආලෝක ධාරා මැද අප පුහුණු සැසි පැවැත්වූවා. මොකද අපට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනක්ම විදුලි ආලෝක ධාරා මැද තරග කරන්න වෙලා තියෙන්නේ. මෑත කාලයේ අප ලබාගත් හොඳ පෙර සූදානමක් මේක. එහි ප්‍රතිඵල බලන්න පුළුවන් ලෝක කුසලාන තරගාවලියේදී” චමරී අතපත්තු සඳහන් කළාය.

Sl Cricket Women T20 2023 1

Sl Cricket Women T20 2023 3
“චමරි හොඳට සෙල්ලම් කළේ නැත්නම් මැච් එක පරදිනවා. මෙවැනි මතයක් තිබෙනවා සමාජයේ. ඔබ කොහොමද මෙයට මුහුණ දෙන්නේ? මාධ්‍යවේදියෙකු ඇය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

“ඔව් එහෙම මතයක් තියෙනවා. නමුත් මම එක් ක්‍රීඩිකාවක් විතරයි. ආසියානු කුසලානයේදී මට ලකුණු අතරට එන්න බැරි වුණා. නමුත් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ආවා. මගේ ක්‍රීඩිකාවන් පිළිබඳ හොඳ විශ්වාසයක් තිබෙනවා. මා සුපුරුදු රිද්මයට ආවොත් කණ්ඩායමට ශක්තියක්'' චමරි පැවැසූවාය.

(ටී. කේ. ජී. කපිල)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...