The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට එන්න අවස්ථාවක්!

T

The Leader Desk

February 9, 2023 • 4:48 AM

ලංකාවට ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට එන්න අවස්ථාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙවන වරටත් සංවිධානය කරන ටෙස්ට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දිනය සහ ක්‍රීඩාංගණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
  • ඒ සඳහා කණ්ඩායම් 4 ක් අතර මේ වන විට තියුණු සටනක් පවති.
  • ටෙස්ට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයේත්, ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ තුන්වන ස්ථානයේය.
  • එහි ප්‍රතිඵල ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට වැදගත් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ අනුව අවසන් තරගය ජුනි 07 සිට 11 දක්වා දිනවල ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 කෙසේවෙතත් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කවුරුන්දැයි මෙතෙක් ස්ථිරවී නොමැත.

ඒ සඳහා කණ්ඩායම් 4 ක් අතර මේ වන විට තියුණු සටනක් පවති. එම කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සෙසු කණ්ඩායම් වේ.

ටෙස්ට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඕස්ට්‍රේලියාව පළමු ස්ථානයේත්, ඉන්දියාව දෙවන ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ තුන්වන ස්ථානයේය. දකුණු අප්‍රිකාව සිව්වන ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක ජය ගැනීම අතිශය වැදගත් ය.

එමෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද සිට තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වේ. එහි ප්‍රතිඵල ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට වැදගත් වනු ඇත.

මීට අමතරව දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතර ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීමට නියමිතය.


(nethnews.lk)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...