වසර ගණනාවක් ප්‍රතිවාදීන් වූ මෙසී සහ රොනාල්ඩෝ එකම ජර්සියෙන් පිටියට බස්සන්න ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ටෙවේස් සැලසුම් කරයි.
වර්තමානයේ ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ලියොනල් මෙසී හා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ එදා මෙදා තුර ප්‍රථම වතාවට එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා.
මේ ආජන්ටිනා හා පෘතුගාල සුපිරි ක්‍රීඩක යුගලය පසුගිය දශක දෙක තිස්සේ එකිනෙකාට එරෙහිව තරග කර තිබෙන්නේ ඔවුන්ගේ පරම්පරාවේ සිටින වඩාත්ම බලවත් පාපන්දු තරු දෙකක් ලෙසින්.
මේ දෙදෙන ක්‍රීඩා සමාජ හා රටවල් මට්ටමෙන් 37 වතාවක් එකිනෙකාට එරෙහිව මුහුණ දෙමින් පුරාවෘත්තමය ප්‍රතිවාදිත්වයක් ගොඩනගා තිබෙනවා. ‘බැලන් ඩෝ’ සම්මාන 13ක් දෙදෙනා අතරේ බෙදා ගෙන සිටින මෙසී හා රොනාල්ඩෝ වසර ගණනාවක් ගතකර තිබෙන්නේ එකිනෙකාට එරෙහි මැන බැලීමකට බඳුන් වෙමින්.
එහෙත් දැන් මේ පරම ප්‍රතිවාදීන් දෙදෙනාට අවසානයේදී එකම කණ්ඩායමක එකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තිබෙන බව ආජන්ටිනාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරනවා.
කර්ලොස් ටෙවේස්
මේ ක්‍රීඩකයින් දෙදෙනා නැවත එක් කිරීමේ පිටිය සැකසෙනු ඇත්තේ ඔවුන්ගේ හිටපු කණ්ඩායම් සගයා වන කර්ලොස් ටෙවේස්ගේ (Carlos Tevez) සමුගැනීමේ තරගයේ. හිටපු ආජන්ටිනා හා මැන්චෙස්ට යුනයිටඩ් සමාජයීය ඉදිරි පෙළ ක්‍රීඩක ටෙවේස් ඔහුගේ පැරණි කණ්ඩායම් සගයින් හා මිතුරන් එකතු කරගෙන ආකර්ෂණීය ප්‍රදර්ශන තරගයක් බොකා ජූනියර්ස් පාපන්දු සමාජයේ සංකේතාත්මක ලා බොම්බෝනේරා (La Bombonera) ක්‍රීඩාංගණයේදී මේ වසර අග කාලයේ පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතර එම තරගයට සහභාගි වන ලෙසට ඔහු මෙසී හා රොනාල්ඩෝ යන දෙදෙනා ට ම ආරාධනා කර තිබෙනවා.
41 හැවිරිදි ටෙවේස් 2021 වසරේදී ක්‍රීඩාවෙන් සමුගත්තේ ඔහු බොකා ජූනියර්ස් වෙනුවෙන් තෙවැනි තරග වාරය ක්‍රීඩා කරමින් සිටියදී. එය ඔහු ඔහුගේ ක්‍රීඩා දිවිය ආරම්භ කළ ළමාවියේ පාපන්දු සමාජය යි. එහෙත් සමුගැනීමෙන් වසර පහකට පසුව ටෙවේස් ඔහුගේ පාපන්දු දිවියේ එක් අවසාන උත්සවයක් සූදානම් කරමින් සිටිනවා.
ආජන්ටිනා මාධ්‍ය වාර්තා කරන පරිදි ටෙවේස් ඔහුගේ හිටපු කණ්ඩායම් සගයා වන දැන් බොකා ජූනියර්ස් පාපන්දු සමාජයේ සභාපති Juan Roman Riquelme මුණගැසී ලා බොම්බෝනේරා ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වීම ගැන සාකච්ඡා කර තිබෙනවා. Riquelme එම සැලැස්මට ඔහුගේ අනුමැතිය ලබා දී තිබෙන අතර නිලධාරීන් දැන් බොකා කණ්ඩායමේ තරග සටහන සමග නොගැටෙන දෙසැම්බර් මාසයේ දිනයක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.
ටෙවේස් මේ තරගයට සම්බන්ධ වීම සඳහා ඔහුට අවශ්‍ය ලොකු නාමයන් රහසක් කරගෙන නැහැ. මෙසී හා රොනාල්ඩෝ පැහැදිලිවම කැපී පෙනෙන ආරාධිත ක්‍රීඩකයින් 60 දෙනෙකු පමණ තරගය සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ආජන්ටිනාව වෙනුවෙන් මෙසී සමග ක්‍රීඩා කර ඇති ටෙවේස් මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමේ තරග වාර තුනක් රොනාල්ඩෝ සමග ගත කළ අතර මේ දෙදෙනා ම එම කණ්ඩායම අතහැර ගියේ එකම කාලයේ.
ටෙවේස් මේ ක්‍රීඩකයින් දෙදෙනා සමග ම නොනවත්වා සම්බන්ධකම් පවත්වා ඇති බැවින් ඔවුන් මේ තරගය සඳහා පොලඹවා ගැනීමට තමන්ට හැකිවනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.
මෙසී හා රොනාල්ඩෝ ප්‍රදර්ශන තරගයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකකට ඇතුළත් වේවිදැයි කියා ටෙවේස්ගෙන් විමසූ විට, “අපි ඒ දෙන්නව එක කණ්ඩායමකට ගනිමු” යනුවෙන් ඔහු කියා තිබෙනවා.
මේ ක්‍රීඩකයින් දෙදෙනා සමග තමා තවමත් වට්ස්ඇප්වලින් කතා කරන බව ද ටෙවේස් ප්‍රකාශ කළා. රොනාල්ඩෝ මේ සඳහා නම්මා ගැනීමට සැලසුම් කරන්නේ කෙසේද කියා ඇසූ විට ඔහු කෙළින්ම මෙසේ පිළිතුරු දුන්නා.
“මම ම ගිහින් එයාව එක්කං එනවා.”
ඔහු සාර්ථක වුවහොත් එයින් ලා බොම්බෝනේරා හි අපූර්ව දසුනක් නිර්මාණය වනු ඇත්තේ මෙසී හා රොනාල්ඩෝ ක්‍රීඩා සමාජ හෝ ජාත්‍යන්තර මට්ටමෙන් කවරවිටකවත් එකට එක්ව ක්‍රීඩා කර නැති බැවින්.
අසාමාන්‍ය ආරාධිත ක්‍රීඩක ලැයිස්තුවක්
සිය ක්‍රීඩා දිවියේ වෙනස් පරිච්ඡේදවල සිටි ක්‍රීඩකයින්ගෙන් පිරුණු තරග ආරම්භක 11 දෙනෙකුගේ කණ්ඩායමක් පිළිබඳව ටෙවේස් දැනටමත් සාකච්ඡා පවත්වා තිබෙනවා.
ගෝල් රකින්නන් වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම කීර්තිමත් නාමයන් වන Edwin van der Sar හා Gianluigi Buffon ඔහුට අවශ්‍යව තිබෙනවා. මේ දෙදෙනා දෙපැත්තේ සිට ගෝල් රකිනු ඇතැයි ටේවේස් කියනවා.

මැද-පසුපෙළ සඳහා ඔහුගේ යෝජිත ක්‍රීඩක සමූහය වී තිබෙන්නේ මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායම් සගයින් වන Rio Ferdinand හා Nemanja Vidic සමග ඉතාලි ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් වන Giorgio Chiellini සහ Leonardo Bonucci.
තමා “සහෝදරයා” ලෙසින් ආදරයෙන් හඳුන්වන Patrice Evra වෙනුවෙන් ද ස්ථානයක් ඔහු වෙන්කර තිබෙනවා.
“සෙන්ටර්-බෑක් ක්‍රීඩාවේදී අපට බොහෝ විට Rio Ferdinand, Nemanja, Georgio, Bonucci ඉඳිවි. මගේ සහෝදරයා Patrice Evra, එයා එතන ඉන්නම ඕන ” ටෙවේස් පවසනවා.
පිටියේ මැද සිටින ක්‍රීඩකයින් පාපන්දු ලෝලීන්ට සුපුරුදු දර්ශනයක් බවට පත් කරමින් Andrea Pirlo, Paul Scholes හා Riquelme යන ක්‍රීඩකයින් එකතු කිරීමට ඔහු බලාපොරොත්තු වනවා.
මේ ලැයිස්තුව ටෙවේස් එංගලන්තය, ඉතාලිය හා ආජන්ටිනාවේ ගත කළ කාලයේ සිටි ඔහුගේ කණ්ඩායම් සගයින් මෙන්ම ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ මුහුණ දුන් විශිෂ්ටතම ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනවා.
එහෙත් මේ චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයින්, ලෝක කුසලාන ජයග්‍රාහකයින් හා ජාත්‍යන්තර පුරාවෘත්ත ක්‍රීඩක එකතුවක් අතරෙහි පවා මේ සියල්ලන්ටම ඉහළින් දැවැන්තයින් ලෙස සිටින එක් දසුනක් තිබේවි.
ඒ, මෙසී හා රොනාල්ඩෝ පිටියේ එකම කණ්ඩායමේ සිටගෙන සිටීම යි.
එය මේ ක්‍රීඩකයින් දෙදෙනාගේ නිදහස්ව ඇති කාලය මත රැඳී තිබෙන අතර මේ දෙදෙනා තවමත් ඔවුන්ගේ සහභගිත්වය ස්ථිර කර නැහැ.
නමුත් තමන්ගේ අවශ්‍යතාව ටෙවේස් දැනටමත් පැහැදිලි කර තිබෙනවා.
ක්‍රීඩා කමිස, රටවල් හා ක්‍රීඩා සමාජ විසින් මෙසී හා රොනාල්ඩෝ වෙන්කර ඇති වසර ගණනාවක පාපන්දු ඉතිහාසයක් ලියැවී තිබීමෙන් පසුව, ඔවුන් දෙදෙනා ම සමග ක්‍රීඩකයින්ගේ ඇඳුම් අඳින කාමරයක් බෙදා ගත් කර්ලොස් ටෙවේස් එකම එක සන්ධ්‍යාවකට වුනත් මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනා එකම කාමරයක තබා ගැනීමට අපේක්ෂා කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




