BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
ක්‍රීඩා

එලේනා රිබකීනා: ලෝකයේ අලුත්ම ටෙනිස් ශූරිය

T

The Leader Desk

September 13, 2026 • 2:32 PM

එලේනා රිබකීනා: ලෝකයේ අලුත්ම ටෙනිස් ශූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර තුනකට පසු සබලින්කා නිව්යෝර්ක් පිටියේ ලැබූ පළමු පරාජයත් සමග රිබකීනා සිය තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා කරයි.
  • කසකස්තානයේ එලේනා රිබකීනා අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී බෙලරුසියාවේ අරීනා සබලින්කා පරාජය කරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉතිහාසයේ ලොකුම ත්‍යාග මුදල වූ පවුම් මිලියන හතරක් දිනා ගත්තේ ලෝක අංක 1 තත්ත්වය ද හිමිකර ගනිමින්.
  • කසකස්තානයේ 27 හැවිරිදි ටෙනිස් තාරකාව US Open අවසාන තරගයට පිවිසියේ මේ සතියේදී ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුදුනේ සබලින්කාගේ තැන ගනිමින් ලොව දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව වන බවට අවබෝධ කරගෙනයි.
  • රිබකීනා දැන් 28 වියැති සබලින්කාගේ තුවාල තවත් පාරමින් ඇගේ අමෙරිකානු විවෘත කිරුළත් උදුරා ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සති 99ක සබලින්කාගේ ආධිපත්‍යය බිඳ දමමින් ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල දිනාගත් රිබකීනාගෙන් නව වාර්තාවක්.

කසකස්තානයේ එලේනා රිබකීනා අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී බෙලරුසියාවේ අරීනා සබලින්කා පරාජය කරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉතිහාසයේ ලොකුම ත්‍යාග මුදල වූ පවුම් මිලියන හතරක් දිනා ගත්තේ ලෝක අංක 1 තත්ත්වය ද හිමිකර ගනිමින්.

කසකස්තානයේ 27 හැවිරිදි ටෙනිස් තාරකාව US Open අවසාන තරගයට පිවිසියේ මේ සතියේදී ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුදුනේ සබලින්කාගේ තැන ගනිමින් ලොව දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව වන බවට අවබෝධ කරගෙනයි.

රිබකීනා දැන් 28 වියැති සබලින්කාගේ තුවාල තවත් පාරමින් ඇගේ අමෙරිකානු විවෘත කිරුළත් උදුරා ගෙන තිබෙනවා.

Arthur Ashe ක්‍රීඩාංගණයේදී ලැබූ 6-4, 5-7, 6-2ක සටන්කාමී ජයග්‍රහණයෙන් රිබකීනාගේ ක්‍රීඩා දිවියේ ඇගේ තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා වුනේ ඇයගේ බැංකු ගිණුමේ ශේෂය ද පවුම් මිලියන 4.1කින් වැඩි කරමින්.

මෙය අමෙරිකානු විවෘත ටෙනිස් පිටියේ සබලින්කා වසර තුනකින් ලැබූ පළමු පරාජය වූ අතර මේ හේතුවෙන් ඇයට විවෘත ටෙනිස් යුගයේ ක්‍රිස් එවර්ට් හා සෙරීනා විලියම්ස් ට පසුව නිව්යෝක් තරග බිමේ පිට පිට ශූරතා තුනක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා.

රිබකීනා විසින් මේ වසරේ ප්‍රධාන අවසාන තරගයකදී සබලින්කා පරාජය කරනු ලැබුවේ දෙවැනි වතාවටයි. මීට මාස අටකට ඉහත මෙල්බර්න් හි පැවති ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ජයග්‍රාහිකාව වූයේත් රිබකීනා යි.

2000 වසරෙන් පසුව ලෝක අංක 1 හා ලෝක අංක 2 ස්ථාන අතර අමෙරිකානු විවෘත කාන්තා තනි අවසාන මහා තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ තෙවතාවක් පමණයි.

තෙවැනි අවස්ථාවේ ප්‍රතිඵලය කුමක් වුවත්, මේ දෙදෙන ඔවුන්ගේ ශ්‍රේණිගත ස්ථාන හුවමාරු කරගැනීමට නියමිත තිබුණේ රිබකීනා ඒ වනවිටත් ලෝක අංක 1 පදවි දරන්නියව සිටි සබලින්කා අභිභවා ගොස් සිටි බැවින්. ලෝක ටෙනිස් සංගම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සති 99ක කාලයක් රැඳී සිටීමට සබලින්කා සමත් වුණා.

හැකි නම් ඒ දක්ෂතාව අභිභවා යන ලෙසට සබලින්කා තරගයෙන් පසුව රිබකීනා ට අභියෝග කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...