BREAKING
Top Ad
ක්‍රීඩා

අහෝ චීනය...එක පන්දුවකටවත් මුහුණ නොදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා වේදිකාවෙන් දොට්ට!

T

The Leader

September 21, 2026 • 5:24 AM

අහෝ චීනය...එක පන්දුවකටවත් මුහුණ නොදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා වේදිකාවෙන් දොට්ට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොකඩවා ඇදහැලුණු වර්ෂාවෙන් අර්ධ අවසන් පූර්ව තරගය සේදී යයි; ICC ශ්‍රේණිගත කිරීම් වාසියෙන් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට.
  • චීන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ මෙහෙයුම තරග බිමට පිවිසීමටත් පෙර දුක් උපදවන අයුරින් අවසන් වුණේ ඔවුන්ගේ බංග්ලාදේශය ට එරෙහි අර්ධ අවසන් පූර්ව තරගය එක් පන්දුවක් හෝ නොයවා අහෝසි වීම හේතුවෙන්.
  • කොරොගි ක්‍රීඩා උද්‍යානයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ විස්සයි20 තරගය නොකඩවා ඇදහැලුනු වර්ෂාව හා අයහපත් දේශගුණය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් පවා සිදු නොවෙමින් අහෝසි වුණා.
  •   තරගයේ ප්‍රතිඵලයක් නොතිබූ බැවින්, බංග්ලාදේශය ඔවුන්ගේ ඉහළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම පදනම් කරගෙන අවසන් පූර්ව වටයට පිවිසි අතර චීනය ට 2010 වසරෙන් පසුව ඔවුන්ගේ තෙවැනි ආසියානු ක්‍රීඩා ක්‍රිකට් පෙනී සිටීම අනපේක්ෂිතව අවසන් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


කාසියේ වාසියවත් නොබලා අත්හැර දැමූ තරගය නිසා ඉහළ ශ්‍රේණිගත කිරීම් නීතියෙන් චීනයේ ආසියානු ක්‍රීඩා සිහිනය බොඳ වෙයි.


චීන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ මෙහෙයුම තරග බිමට පිවිසීමටත් පෙර දුක් උපදවන අයුරින් අවසන් වුණේ ඔවුන්ගේ බංග්ලාදේශය ට එරෙහි අර්ධ අවසන් පූර්ව තරගය එක් පන්දුවක් හෝ නොයවා අහෝසි වීම හේතුවෙන්.

අයිචි ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවෙන් තණතීරුව අවට ප්‍රදේශය තෙත්ව තිබීම නිසා තරගය අත්හැර දැමුණා.

කොරොගි ක්‍රීඩා උද්‍යානයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ විස්සයි20 තරගය නොකඩවා ඇදහැලුනු වර්ෂාව හා අයහපත් දේශගුණය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් පවා සිදු නොවෙමින් අහෝසි වුණා.

 

bnag93rw03r

තරගයේ ප්‍රතිඵලයක් නොතිබූ බැවින්, බංග්ලාදේශය ඔවුන්ගේ ඉහළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම පදනම් කරගෙන අවසන් පූර්ව වටයට පිවිසි අතර චීනය ට 2010 වසරෙන් පසුව ඔවුන්ගේ තෙවැනි ආසියානු ක්‍රීඩා ක්‍රිකට් පෙනී සිටීම අනපේක්ෂිතව අවසන් වුණා.

බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවෙද්දී චීනය සිටින්නේ 36 වැනි ස්ථානයේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ කොන්දේසිවලට අනුව, අර්ධ අවසන් පූර්ව තරගයක් ප්‍රතිඵලයකින් තොරව අහෝසි වුනොත් තරගාවලියේ ඉදිරියට යන්නේ වඩාත් ඉහළින් ශ්‍රේණිගතව සිටින කණ්ඩායම යි. චීනයේ Hangzhou නගරයේ පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ද මේ කොන්දේසිය ම භාවිතා කෙරුණු අතර එහි කාන්තා අර්ධ අවසන් පූර්ව තරග හතරෙන් ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය සහභාගි වූ තරග තුන ම වර්ෂාවට සේදී ගියා.

c45y

චීනය ට මේ ප්‍රතිඵලය ඉතාමත් කලකිරවන සිදුවීමක් බවට පත්ව තිබෙන්නේ කණ්ඩායම් අටක් සහභාගි වන කාන්තා තරගාවලියේ පිලිමලුන් පිටුදැකීමේ වටයට පිවිසි ඔවුන් කලාපීය ක්‍රිකට් වේදිකාවේ බලපෑමක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් සිටි බැවින්. එහෙත් ඒ වෙනුවට ඔවුන්ට සිදුවුණේ අර්ධ අවසන් පූර්ව වටයේ එකම පන්දුවකට හෝ මුහුණ නොදී තරග බිමෙන් ඉවත්ව යාමටයි.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...