BREAKING
Top Ad
ක්‍රීඩා

ගල් මුල් මැද පිරිමියෙකු සේ වෙස්වලා පාපැදි පැද ආසියානු රිදී දිනූ ඇෆ්ගන් ක්‍රීඩිකාව

T

The Leader

September 24, 2026 • 6:18 AM

ගල් මුල් මැද පිරිමියෙකු සේ වෙස්වලා පාපැදි පැද ආසියානු රිදී දිනූ ඇෆ්ගන් ක්‍රීඩිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තලෙයිබාන් තර්ජන මැද මුහුණු ආවරණ දමාගෙන පුහුණුවීම් කළ ෆරීබා හෂිමි, සියලු බාධක බිඳදමමින් ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමකින් පිදුම් ලබයි.
  • පිරිමියෙකු ලෙස වෙස්වලා ගෙන පුහුණු වූ ඇෆ්ගනිස්තානයේ පාපැදි ක්‍රීඩිකාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
  • ටලිබාන්වරු 2021 වසරේදී නැවත බලයට පැමිණීමෙන් පසුව ෆරීබා හෂිමි (Fariba Hashimi) රටෙන් පලා ගියා.
  • කාන්තා අයිතීන් ඉතාමත් බරපතල ලෙස සීමා කර තිබෙන රටක ප්‍රහාරයට ලක්වීමෙන් වැළකී සිටීම පිණිස තමා එරටින් පලා යාමට පෙර වෙස්වලා ගන පුහුණු වූ බව ඇය කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


“මම කරන්නේ මිලියන ගණනක් කාන්තාවන්ගේ සටනක්” – ගල් පහරවලින් බේරී පැමිණ ආසියානු රිදී පදක්කම දිනූ 23 හැවිරිදි ඇෆ්ගන් ක්‍රීඩිකාව හෙළිකළ සංවේදී කතාව.



පිරිමියෙකු ලෙස වෙස්වලා ගෙන පුහුණු වූ ඇෆ්ගනිස්තානයේ පාපැදි ක්‍රීඩිකාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ටලිබාන්වරු 2021 වසරේදී නැවත බලයට පැමිණීමෙන් පසුව ෆරීබා හෂිමි (Fariba Hashimi) රටෙන් පලා ගියා.

කාන්තා අයිතීන් ඉතාමත් බරපතල ලෙස සීමා කර තිබෙන රටක ප්‍රහාරයට ලක්වීමෙන් වැළකී සිටීම පිණිස තමා එරටින් පලා යාමට පෙර වෙස්වලා ගන පුහුණු වූ බව ඇය කියනවා.

23 හැවිරිදි හෂිමි ඇගේ රිදී පදක්කම දිනා ගත්තේ ජපානයේ නගෝයා නුවර අසල පැවති කාන්තා මාර්ග ධාවන පාපැදි තරගයෙන්.

 

fariba 2

තමා දිනා ගත් පදක්කම “විශේෂ දෙයක්” ලෙසින් හඳුන්වන හෂිමි, ඇෆ්ගනිස්තානයේ අනෙක් කාන්තාවන්ට ඔවුන්ගේ සිහින හඹා යාමට තමාගේ මේ ජයග්‍රහණය ප්‍රබෝධක ආවේගයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

“සිහින දකින කාන්තාවන් පහර දීම්වලට ලක්වන රටකයි මම ඉපදුනේ. ඒ නිසා මම ඔවුන්ට එරෙහිව සටන් කර තිබීම ගැන මට ඇත්තටම සතුටුයි” ඇය කියනවා.

“මීළඟ පරම්පරාව මෙහි ඇවිත් කිසිම බියකින් තොරව ඔවුන්ගේ රට නියෝජනය කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”

දෙතුන් වතාවක් මුහුණු ආවරණය කරගෙන ගල් ප්‍රහාර මැද කළ පුහුණුව

හෂිමි ඇය මෙන්ම ජාත්‍යන්තර පාපැදි ක්‍රීඩිකාවක වන ඇගේ සොයුරිය යුල්ඩුස් අනුගමනය කරමින් වයස අවුරුදු 15දී මේ ක්‍රීඩාවට පිවිසියේ ඔවුන් උපන් පළාත වන ෆරියාබ් හි තිබූ අනතුර නොසලකමින්.

“පුහුණු වීමට යන හැම වෙලාවෙම මම පිරිමියෙකු වගේ ඇඳගෙන හිටියේ මිනිස්සු මාව හඳුනගෙන මට පහර දීමෙන් බේරී සිටීම සඳහා වෙනස් මුහුණු වැස්ම (මාස්ක්) දෙකක් හෝ තුනකුත් දාගෙනයි” හෂිමි විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා.

තමා තමාගේ පාපැදිය ධාවනය කරන අයුරු ජනතාව දුටුවොත් ඔවුන් තමාට ගල් ගසනු ඇතැයි ඇය කියා සිටියා.

ඉතාලි පුහුණුව සහ ඔලිම්පික් සිහිනය කරා යන ගමන...

 

fariba 9348
හෂිමි දැන් ඉතාලියේ ජීවත් වෙමින් පුහුණුවේ යෙදී සිටින්නේ හිටපු ඉතාලි ලෝක ශූරියක වන Alessandra Cappellotto ට ස්තූතිවන්ත වන්නටයි.

ඇෆ්ගනිස්තානයේ ගත කළ ජීවිතය ගැන ආපසු හැරී බලන ඇය, “ටලිබාන්වරු අපේ නිදහස නැති කළා” යනුවෙන් පවසනවා.

“ඇෆ්ගනිස්තාන කාන්තාවන් නැවත පෙර සිටි තත්ත්වයට පැමිණීමක් විශාල වශයෙන් ප්‍රදර්ශනය කිරීමට මේ රිදී පදක්කමට පුළුවනි. ඒ ගැන මට හරිම සතුටුයි.”

“මම ඉන්නේ තනිවෙලා නෙවෙයි. මේ සිහිනය ම තිබෙන බොහෝ රටවල වෙසෙන මිලියන ගණන් කාන්තාවන් මගේ පිටුපසින් ඉන්න බවත් ඔවුන් මාත් එක්ක සිටගන්නා බවත් මම දන්නවා.”

හෂිමි සහ ඇගේ සොහොයුරිය 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කළ අතර ඔවුන් දැන් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගෙන සිටිනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...