BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා: ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අන්ත පරාජයක

Rasika

Rasika

October 1, 2026 • 2:46 PM

ආසියානු ක්‍රීඩා: ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අන්ත පරාජයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 124 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග කිරීමට සිදුවේ.
  • ජපානයේ කොරොගි ක්‍රීඩා සමාජයීය පිටියේ පැවති මේ තරගයේදී ඉන්දියාව 169-7ක මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ඕවර 9.5ක් ඇතුළත ලකුණු 45කට දවාලුවා.
  • එහෙත් මුලදී ලැබූ පසුබැසීමකින් පසුව සිය ඕවර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 169ක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
  • ඊළඟ ඕවරයේදී සන්ජු සැම්සන් දැවී ගියේ ඉන්දියාව 24-2ක අසීරු තත්ත්වයකට පත් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉනිමේ අඩක්වත් කඩුල්ලේ රැඳී නොසිටි ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ අන්ත පරාජයක්!

ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවැනි අවසන්-පූර්ව තරගයේ ආධිපත්‍යය පතුරුවන බලවත් ක්‍රීඩාවක නියැලුනු ඉන්දියාව ලකුණු 124කින් ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ලක් කළා. ජපානයේ කොරොගි ක්‍රීඩා සමාජයීය පිටියේ පැවති මේ තරගයේදී ඉන්දියාව 169-7ක මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ඕවර 9.5ක් ඇතුළත ලකුණු 45කට දවාලුවා.

ඉන්දීය පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා පන්දු යැවීම

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසුව ප්‍රදර්ශණය වුණේ ඉන්දීය පිතිකරණය හා ශ්‍රී ලාංකීය දඟ පන්දුව අතර සටනක්. එහෙත් මුලදී ලැබූ පසුබැසීමකින් පසුව සිය ඕවර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 169ක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ආරච්චිගේ කලින් ම ඉන්දියාව ට බලපෑමක් එල්ල කරමින් අභිෂේක් ෂර්මා ලකුණු හතකට දෙවැනි ඕවරයේදී දවාලුවා. ඊළඟ ඕවරයේදී සන්ජු සැම්සන් දැවී ගියේ ඉන්දියාව 24-2ක අසීරු තත්ත්වයකට පත් කරමින්.

මේ අවස්ථාවේදී ආක්‍රමණශීලී පිතිහරඹයක් දියත් කළ ඉන්දියා ආරම්භක පිතිකරණයේ නැගී එන තරුව වන වයිභව් සූර්යවන්ශි හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග පන්දු 21කින් ලකුණු 38ක් රැස් කරමින් ඉන්දියා ඉනිම ස්ථිර තත්ත්වයකට ගෙන ආවා. කෙසේ වෙතත්, ආරච්චිගේ යළි පහර දෙමින් ඔහුගේ ඉනිමට තිත තැබුවා.

කඩුලු දිගටම බිඳ වැටෙද්දී ඉෂාන් කිශාන් ඉන්දියා ඉනිමේ පාලනය අතට ගනිමින් පන්දු 46කින් ලකුණු 80ක ඉතා වැදගත් නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළේ හයේ පහර පහක් සහ හත‌රේ පහර හතරක් එල්ල කරමින්.

ආරච්චිගේ සහ තරිඳු රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු හා වනුජ සහන් කඩුල්ලක් බැගින් ලබා ගත්තා.


බුම්රාගේ ප්‍රහාරය සහ ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටීම

එහෙත් ශ්‍රී ලංකාවේ ලකුණු හඹා යාම ඉක්මනින් ම එක් පැත්තක තරගයක් පමණක් බවට පත්වුණේ ඔවුන්ගේ ක්‍රීඩකයින් සියලු දෙනා ම ඕවර 9යි පන්දු 5ක් ඇතුළත ලකුණු 45කට දැවී ගිය බැවින්.

ලොව දක්ෂතම වේග පන්දු යවන්නා ලෙසින් සැලකෙන ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකා මුල් පිතිකරු පෙළ පළමු ඕවරයේදී ම කඩා දමමින් සිනෙත් ජයවර්ධන හා සොහාන් ද ලිවේරා බින්දුවලට දවාලුවා.

ඒ විනාශකාරී ආරම්භයෙන් පසුව ශ්‍රී ලංකාව කිසි විටෙකත් යළි තරගයට අවතීර්ණ නොවූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ තිබූ එකම ඉලක්කම් දෙකේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වුණේ නුවනිඳු ප්‍රනාන්දුගේ ලකුණු 15 යි.

බුම්රා, අක්සාර් පටල් හා අභිෂේක් ෂර්මා ඉන්දියාව වෙනුවෙන් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර වොෂිංටන් සුන්දර් එක් කඩුල්ලක් හිමිකර ගත්තා.

මේ ජයග්‍රහණයත් සමග ඉන්දියාව නැවත වරක් ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය සමග ආසියාවේ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයට පිවිස සිටිනවා. පාකිස්තානය ආසියානු ක්‍රීඩා උළෙලේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ පළමු අවසන්-පූර්ව තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින්.

ශ්‍රී ලංකාව දැන් 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම සඳහා ඔක්තෝබර් 3 වැනිදා බංග්ලාදේශය සමග තරග කරනවා.


 (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

Rasika
Author

Rasika

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...