The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දිවයිනේ පැරණිතම ආදි ශිෂ්‍ය ක්‍රීඩා තරගාවලිය: ඔක්තෝබර් 17-18 කොළඹදී

Awara

Awara

October 12, 2026 • 4:36 PM

දිවයිනේ පැරණිතම ආදි ශිෂ්‍ය ක්‍රීඩා තරගාවලිය:  ඔක්තෝබර් 17-18 කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් අටක ආදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් සහභාගි වන තරග 24කින් සමන්විත ‘සාන්තුවරයින්ගේ 57 වැනි වාර්ෂික සිවුකොන් ක්‍රීඩා තරගාවලිය’ ඔක්තෝබර් 17 හා 18 දිනවල කොළඹ සාන්ත පීතර, සාන්ත ජෝසප් හා රාජකීය විදුහල් ක්‍රීඩාංගණවලදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙනවා.
  • සම්ප්‍රදාය, මිත්‍රත්වය හා ක්‍රීඩාශීලිත්වය සමරන මේ ක්‍රිකට්, රග්බි හා බාස්කට්බෝල් ක්‍රීඩා තරගාවලිය 2026 වසරේදීත් පැවැත්වෙන්නේ මහනුවර සාන්ත අන්තෝනි හා කොළඹ සාන්ත පීතර, සාන්ත ජෝසප් හා සාන්ත බෙනඩික්ට් යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් හතර එක්කර ගනිමින්.
  • වෛද්‍ය නිර්මාල් ද සිල්වා සහ ෆේබියන් අගුණවෙල ප්‍රධානත්වයෙන් යුත් මෙවර තරගාවලියේ සංවිධායක කමිටුව මේ සිවුකොන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ එහි ජීවය ඔස්සේ බෙදාගත් උරුමය, සෞඛ්‍යමය තරගකාරිත්වය හා දැඩි බැඳීමෙන් යුත් සුහදශීලිත්වය අඛණ්ඩව ශක්තිමත් ලෙස වැඩෙනු ඇති බවට සහතික වෙමින්.
  • සාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය 1927 වසරේ පිහිටුවීමෙන් පසුව එම සංගමයේ ශතසංවත්සර වසරේ පැවැත්වෙන මේ තරගාවලියට ඔවුන් සත්කාරකත්වය දැක්වීම මෙවර තරගාවලියේ විශේෂත්වය වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාසල් අටක ආදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් සහභාගි වන තරග 24කින් සමන්විත ‘සාන්තුවරයින්ගේ 57 වැනි වාර්ෂික සිවුකොන් ක්‍රීඩා තරගාවලිය’ ඔක්තෝබර් 17 හා 18 දිනවල කොළඹ සාන්ත පීතර, සාන්ත ජෝසප් හා රාජකීය විදුහල් ක්‍රීඩාංගණවලදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙනවා.

සම්ප්‍රදාය, මිත්‍රත්වය හා ක්‍රීඩාශීලිත්වය සමරන මේ ක්‍රිකට්, රග්බි හා බාස්කට්බෝල් ක්‍රීඩා තරගාවලිය 2026 වසරේදීත් පැවැත්වෙන්නේ මහනුවර සාන්ත අන්තෝනි හා කොළඹ සාන්ත පීතර, සාන්ත ජෝසප් හා සාන්ත බෙනඩික්ට් යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් හතර එක්කර ගනිමින්.

මෙවර සත්කාරකත්වය

සෑම වසරකම මේ පාසල් හතරෙන් එකක් මහත් අභිමානයෙන් යුතුව මේ ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කරන අතර මේ වසරේ ඒ සඳහා සත්කාරකත්වය දක්වන්නේ ආදි පීතර ක්‍රීඩා සමාජය යි. වෛද්‍ය නිර්මාල් ද සිල්වා සහ ෆේබියන් අගුණවෙල ප්‍රධානත්වයෙන් යුත් මෙවර තරගාවලියේ සංවිධායක කමිටුව මේ  සිවුකොන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ එහි ජීවය ඔස්සේ බෙදාගත් උරුමය, සෞඛ්‍යමය තරගකාරිත්වය හා දැඩි බැඳීමෙන් යුත් සුහදශීලිත්වය අඛණ්ඩව ශක්තිමත් ලෙස වැඩෙනු ඇති බවට සහතික වෙමින්.

සාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය 1927 වසරේ පිහිටුවීමෙන් පසුව එම සංගමයේ ශතසංවත්සර වසරේ පැවැත්වෙන මේ තරගාවලියට ඔවුන් සත්කාරකත්වය දැක්වීම මෙවර තරගාවලියේ විශේෂත්වය වනවා. ‘අතීතයට ගරු කරමින්, වර්තමානය බලගන්වමින් හෙට දිනයේ පීටරයිට්වරයා දිනවමු’ යන තේමාව යටතේ මේ ශතසංවත්සරයෙන් සමරනු ලබන්නේ සාන්ත පීතර විදුහලට සහ පීටරයිට් ප්‍රජාවට ඉටු කළ සියවසක සේවය යි.

තරඟ රටාව හා පසුබිම
 
වයස අවුරුදු 40න් පහළ සහ 40න් ඉහළ ක්‍රිකට් තරග ක්‍රීඩා කෙරෙන්නේ විස්සයි20 ආකෘතියට අනුව වන අතර රග්බි ක්‍රීඩා කෙරෙන්නේ පිලකට 7 දෙනා බැගින් වන පරිදියි. මේ තරග සාන්ත පීතර හා සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර  ‘නොක්-අවුට්’ ක්‍රමයේ රග්බි තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා පවත්වා අවසන් කෙරෙනවා.

බාස්කට්බෝල් වයස අවුරුදු 40න් පහළ සහ 40න් ඉහළ තරගාවලියන් ඔක්තෝබර් 17 හා 18 දිනවල පැවැත්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයීය බාස්කට්බෝල් පිටියේ.

සහෝදර බාලිකාවන්ගේ සහභාගිත්වය

පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද මහනුවර යහපත් එඬේරා‌ගේ කන්‍යාරාමය සහ කොළඹ 13 යහපත් එඬේරා‌ගේ කන්‍යාරාමය, කොළඹ 7 සාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය හා කොළඹ 4 ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය යන සහෝදර බාලිකා විදුහල් හතරට සය සාමාජික කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියකට ආරාධනා කර තිබෙන අතර එම තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සාන්ත පීතර විදුහල් පිටියේ පැවැත්වෙනවා.

මීට අමතරව ප්‍රථම වතාවට හඳුන්වා දෙන කාන්තා බාස්කට්බෝල් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සාන්ත පීතර විදුහල් බාස්කට්බෝල් පිටියේ.

දිගු කාලීන ආදි සිසු තරඟාවලිය ජාත්‍යන්තරයට


ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් තිස්සේ පවත්වා ගෙන එන ආදි ශිෂ්‍ය තරගාවලිය ලෙසින් සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන් පසුව එය දැන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල වාර්ෂිකව පැවැත්වෙනවා.

ක්‍රිකට් තරගාවලියන් දෙකේ ශූරතා වෙනුවෙන් සිවුකොන් කුසලානය පිරිනැමෙන අතර බාස්කට්බෝල් ශූරයින්ට අති ගෞරවනීය ජෝ ඊ. වික්‍රමසිංහ පියතුමා කුසලානය ද, තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයින්ට රන්ජිත් සමරසේකර අභියෝගතා කුසලානය ද ප්‍රදානය කෙරෙනවා.

සමාරම්භය සහ සමාප්තිය!

2026 සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා තරගාවලියේ ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා වන්නේ සාන්ත පීතර විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන දිනේෂ් කළුතොට යි.

ඔක්තෝබර් 18 වැනිදා සමාප්ති උළෙල පැවැත්වෙන්නේ සාන්ත පීතර විදුහලේ තවත් විශිෂ්ට ආදි සිසුවෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක ගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සාන්ත පීතර විදුහලේ 1975 වසරේ ක්‍රිකට් නායක බර්නාඩ් විජේතුංග සහභාගි වනවා.

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...