The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලිංගික අතවර කිරීමේ වරදට පැරා පිහිනුම් ක්‍රීඩකයා රටින් නෙරපා හරියි!

Awara

Awara

October 22, 2026 • 6:01 PM

ලිංගික අතවර කිරීමේ වරදට පැරා පිහිනුම් ක්‍රීඩකයා රටින් නෙරපා හරියි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ හෝටල සේවිකාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනා මත ජපාන පොලිසිය විසින් රඳවා ගෙන සිටි ඉන්දියා පැරා පිහිනුම් ක්‍රීඩක මොහමඩ් ෂාම්ස් අස්ලාම් ෂයිඛ් (Mohammad Shams Aslam Shaikh) යළි ඉන්දියාව ට නෙරපා හැර තිබෙනවා.
  • ජීවිතාන්තය දක්වා තරග තහනමක් නගෝයා නුවර සිටින ඉන්දියා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ නියෝජිත කණ්ඩායම මේ සිද්ධියෙන් ලජ්ජාවට පත්ව සිටින අතර ‌මේ 40 හැවිරිදි පිහිනුම් ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම කෙරෙහි ඉන්දියා පැරාලිම්පික් කමිටුව (PCI) සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
  • ගෘහ පාලනයේ යෙදී සිටින සේවිකාවක් ෂයිඛ්ගේ කාමරයේ ඇගේ රැකියාව කරමින් සිටියදී මේ අයුතු හැසිරීම සිදුව ඇතැයි පැවසෙනවා.
  • ඔහුට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ඇතුළු විනයානුකූල පියවර පිළිබඳව PCI සලකා බලමින් සිටින බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් තීරණයක් මේ ක්‍රීඩා උළෙලෙන් පසුව ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජපානයේ හෝටල සේවිකාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනා මත ජපාන පොලිසිය විසින් රඳවා ගෙන සිටි ඉන්දියා පැරා පිහිනුම් ක්‍රීඩක මොහමඩ් ෂාම්ස් අස්ලාම් ෂයිඛ් (Mohammad Shams Aslam Shaikh) යළි ඉන්දියාව ට නෙරපා හැර තිබෙනවා.

ජීවිතාන්තය දක්වා තරග තහනමක්

නගෝයා නුවර සිටින ඉන්දියා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ නියෝජිත කණ්ඩායම මේ සිද්ධියෙන් ලජ්ජාවට පත්ව සිටින අතර ‌මේ 40 හැවිරිදි පිහිනුම් ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම කෙරෙහි ඉන්දියා පැරාලිම්පික් කමිටුව (PCI) සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

ඉන්දියා නියෝජිත කණ්ඩායමේ ආරංචි මාර්ග අනුව, සිද්ධිය හටගෙන තිබෙන්නේ ඉන්දියා පැරා-පිහිනුම් කණ්ඩායම නතර වී සිටින හෝටලයේ. ගෘහ පාලනයේ යෙදී සිටින සේවිකාවක් ෂයිඛ්ගේ කාමරයේ ඇගේ රැකියාව කරමින් සිටියදී මේ අයුතු හැසිරීම සිදුව ඇතැයි පැවසෙනවා. පසුව ඒ පැමිණිල්ල පිළිබඳව දේශීය සංවිධායක කමිටුව හා ඉන්දියා කණ්ඩායමේ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

පැමිණිල්ලෙන් පසුව ජපාන පොලිසිය ෂයිඛ් අත්අඩංගුවේ තබා ගෙන සිද්ධියට පසු දින ආපසු ඉන්දියාව ට යවා තිබෙනවා. ඔහුට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ඇතුළු විනයානුකූල පියවර පිළිබඳව PCI සලකා බලමින් සිටින බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් තීරණයක් මේ ක්‍රීඩා උළෙලෙන් පසුව ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ෂයිඛ් යළි සියරට යවන විට ඔහුට නියමිත ඉසව්වලට සහභාගිව සිටියේ නැහැ.

අංක එකේ පිහිනුම් ශූරයෙක්

පැරා පිහිනුම් ක්‍රීඩක ෂයිඛ් මීට පෙර ජාත්‍යන්තර තරගාවලියන් කිහිපයකදීම ඉන්දියාව නියෝජනය කර තිබෙනවා. ඔහු කලින් පිරිමි මීටර් 100 සමනලආර S5 හා මීටර් 50 ළයආර SB4 අංශවල අංක 1 ට ශ්‍රේණිගතව සිටියා.

ජකාර්තා නුවර පැවති 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ෂයිඛ් ඉන්දියාව නියෝජනය කරමින් මීටර් 200 හා මීටර් 50 ළයආර ඉසව්වල රන් පදක්කම් දිනා ගත්තා. 2025 වසරේ පැවති Reykjavik ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේදී ද ඔහු මීටර් 200 ළයආර ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියානු හා ආසියානු වාර්තා පිහිටුවමින්.

2026 නගෝයා පිහිනුම් තටාකය ඔහු පිට පිට සහභාගි වන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල වීමට නියමිතව තිබුණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...