The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශරීර උත්තේජක ගත් මැරතන් ශූරියට වසර හයක තහනමක්

Nethmini

Nethmini

October 24, 2026 • 9:15 AM

ශරීර උත්තේජක ගත් මැරතන් ශූරියට වසර හයක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවුලේ සාමාජිකයෙකු බවට හෙළි වූ ‘වෛද්‍යවරයෙකු’ විසින් නොපවත්නා පෞද්ගලික රෝහලකින් නිකුත් කළ ව්‍යාජ බෙහෙත් වට්ටෝරුවක් පාවිච්චි කරමින් තහනම් ශරීර උත්තේජන භාවිතය පහදා දීමට උත්සාහ කළ ඉතියෝපියානු මැරතන් ක්‍රීඩිකා රූති අග්ගා (Ruti Aga) ට හය වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
  • උත්තේජක ගෙන සාක්ෂි කෙලසීම 2019 ටෝකියෝ මැරතන් තරගය පැය 2යි මිනිත්තු 20යි තත්පර 40කින් ජයග්‍රහණය කළ අග්ගා, methylprednisolone නමැති තහනම් ශරීර උත්තේජනය භාවිතා කළ බවට මාර්තු මාසයේ චීනයේ පැවති අර්ධ මැරතන් තරගයක් ජය ගැනීමෙන් පසුව ඔප්පු වී තිබෙනවා.
  • මේ තහනම් ශරීර උත්තේජනය භාවිතා කිරීමට දඬුවම් වශයෙන් 32 හැවිරිදි ක්‍රීඩිකාවට මුලදී පනවා තිබුණේ දෙවසරක තහනමක්.
  • පවුලේ සාමාජිකයාගේ බෙහෙත් වට්ටෝරුව දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමේදී මේ තහනම් ශරීර උත්තේජන ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වූ බවට අග්ගා පවසා තිබෙන්නේ විද්‍යාමාන නොවන සායනයකින් ‘වෛද්‍යවරයෙක්’ නිකුත් කළ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පවුලේ සාමාජිකයෙකු බවට හෙළි වූ ‘වෛද්‍යවරයෙකු’ විසින් නොපවත්නා පෞද්ගලික රෝහලකින් නිකුත් කළ ව්‍යාජ බෙහෙත් වට්ටෝරුවක් පාවිච්චි කරමින් තහනම් ශරීර උත්තේජන භාවිතය පහදා දීමට උත්සාහ කළ ඉතියෝපියානු මැරතන් ක්‍රීඩිකා රූති අග්ගා (Ruti Aga) ට හය වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

උත්තේජක ගෙන සාක්ෂි කෙලසීම

2019 ටෝකියෝ මැරතන් තරගය පැය 2යි මිනිත්තු 20යි තත්පර 40කින් ජයග්‍රහණය කළ අග්ගා, methylprednisolone නමැති තහනම් ශරීර උත්තේජනය භාවිතා කළ බවට මාර්තු මාසයේ චීනයේ පැවති අර්ධ මැරතන් තරගයක් ජය ගැනීමෙන් පසුව ඔප්පු වී තිබෙනවා.


මේ තහනම් ශරීර උත්තේජනය භාවිතා කිරීමට දඬුවම් වශයෙන් 32 හැවිරිදි ක්‍රීඩිකාවට මුලදී පනවා තිබුණේ දෙවසරක තහනමක්. එහෙත් ඇය සාක්ෂි කෙලසීම හා පරීක්ෂණ නොමග යැවීම හේතුවෙන් තවත් වසර හතරක් එම තහනමට එක් කර තිබෙනවා.

පවුලේ සාමාජිකයාගේ බෙහෙත් වට්ටෝරුව

දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමේදී මේ තහනම් ශරීර උත්තේජන ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වූ බවට අග්ගා පවසා තිබෙන්නේ විද්‍යාමාන නොවන සායනයකින් ‘වෛද්‍යවරයෙක්’ නිකුත් කළ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කරමින්. එම දොස්තර අදාළ අධිකාරියේ ලියාපදිංචි වී නැති කිසිම වෛද්‍ය පසුබිමක් නැති පවුලේ සාමාජිකයෙක්.

එම පවු‌ලේ සාමාජිකයාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු කලින් රැකියාව කළ ස්ථානයක පැරණි බෙහෙත් වට්ටෝරු පෑඩයකින් පිටුවක් පාවිච්චි කළ බව කියා තිබෙනවා. එහෙත් එම පුද්ගලයා කිසි විටෙකත් එහි සේවය කර නැති බවත් බෙහෙත් වට්ටෝරුව තමන්‌ගේ නොවන බවත් එම වෛද්‍ය ප්‍රතිකාර ස්ථානය ස්ථිර වශයෙන් දන්වා තිබෙනවා.

ලෝක මැරතන් වේදකාවේ ප්‍රධාන තරගවල තෙවතාවක් දෙවැනි ස්ථානය ලබා ඇති අග්ගාගේ තරග තහනම සැප්තැම්බර් 10 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනවා.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...