The Leader News
BREAKING
මෙරට පාපන්දුවේ "හිඟන’ ඉරණම' සහ නිලධාරී මාෆියාව●නේපාල ප්‍රීමියර් ලීගයට පකිස්තානයෙන් නියෝගයක්!●මේ දිනවල ගල්ගමුවේ වන අලින්ගේ හැසිරීම වෙනස් වෙලා ද?●PVR සිනමා දැවැන්තයා කොළඹින් ඔබ්බට: ප්‍රධාන නගරවලට නව සිනමා සංකීර්ණ●නෙතන්යාහුට එරෙහිව නැගී සිටින ගාඩි අයිසෙන්කොට්: ඊශ්‍රායල දේශපාලන පෙරළිය●ඕස්ට්‍රේලියානු නව වීසා නීතියෙන් භූතාන සිසුන් අර්බුදයක●ප්‍රාග්ධන වියදම් මන්දගාමී වෙද්දී නව ප්‍රසම්පාදන නීතිය කරළියට●ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය●පරිපාලන සෙල්ලමෙන් වැනසෙන ලාංකීය මළල ක්‍රීඩාවේ හෙට දවස●මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?●
Top Ad
ක්‍රීඩා

නේපාල ප්‍රීමියර් ලීගයට පකිස්තානයෙන් නියෝගයක්!

Awara

Awara

October 26, 2026 • 6:03 PM

නේපාල ප්‍රීමියර් ලීගයට පකිස්තානයෙන් නියෝගයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඩොලර් 25,000 බැගින් ගෙවීමක් නොකළහොත් ඔවුන්ට නේපාල ප්‍රිමියර් ලීගයේ (NPL) ක්‍රීඩා කිරීම සඳහා අවසර නොදීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) පියවර ගැනීමත් සමග එම ලීගය වටා අලුත් මතභේදයක් හටගෙන තිබෙනවා.
  • NPL තරගාවලියට ගිය ක්‍රීඩකයන් අමාරුවේ මොසින් නක්විගේ සභාපතිත්වයෙන් යුත් PCBය ඔවුන්ගේ ක්‍රීඩකයින් සඳහා අවසරය (NOCs) නිකුත් කිරීම පිණිස මුදලක් ඉල්ලා සිටින බවට මාධ්‍ය වාර්තා පළව තිබෙනවා.
  • පාකිස්තාන මණ්ඩලය සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඩොලර් 25,000කට ආසන්න මුදලක් බැගින් ලබා දෙන ලෙසට නේපාල ලීගයෙන් ඉල්ලීමක් කර තිබෙන බවට එම ලීගයේ නිලධාරීන් පැවසූ බව එම වාර්තාවේ සඳහන් වනවා.
  • පාකිස්තාන විස්සයි20 නායක සහිබ්සාඩා ෆාහාන් සහ පළපුරුදු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන ඉෆ්ටිකා අහමඩ්, හසන් අලි, හයිඩ අලි, හුසේන් ටලාට්, උසාමා මිර් හා යොවුන් වේග පන්දු යවන්නකු වන හුනේන් ෂා වැනි ඉහළ මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ තරගාවලිය සඳහා අත්සන් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඩොලර් 25,000 බැගින් ගෙවීමක් නොකළහොත් ඔවුන්ට නේපාල ප්‍රිමියර් ලීගයේ (NPL) ක්‍රීඩා කිරීම සඳහා අවසර නොදීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) පියවර ගැනීමත් සමග එම ලීගය වටා අලුත් මතභේදයක් හටගෙන තිබෙනවා.

NPL තරගාවලියට ගිය ක්‍රීඩකයන් අමාරුවේ

මොසින් නක්විගේ සභාපතිත්වයෙන් යුත් PCBය ඔවුන්ගේ ක්‍රීඩකයින් සඳහා අවසරය (NOCs) නිකුත් කිරීම පිණිස මුදලක් ඉල්ලා සිටින බවට මාධ්‍ය වාර්තා පළව තිබෙනවා. පාකිස්තාන මණ්ඩලය සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඩොලර් 25,000කට ආසන්න මුදලක් බැගින් ලබා දෙන ලෙසට නේපාල ලීගයෙන් ඉල්ලීමක් කර තිබෙන බවට එම ලීගයේ නිලධාරීන් පැවසූ බව එම වාර්තාවේ සඳහන් වනවා.

පාකිස්තාන විස්සයි20 නායක සහිබ්සාඩා ෆාහාන් සහ පළපුරුදු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන ඉෆ්ටිකා අහමඩ්, හසන් අලි, හයිඩ අලි, හුසේන් ටලාට්, උසාමා මිර් හා යොවුන් වේග පන්දු යවන්නකු වන හුනේන් ෂා වැනි ඉහළ මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ තරගාවලිය සඳහා අත්සන් කර තිබෙනවා.

NPL තරගාවලිය කත්මන්ඩු අගනුවරදී අද ආරම්භ වීමට නියමිතව තිබූ බැවින් මේ ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙක් ඔවුන්ගේ කණ්ඩායම් සමග එක්වීම පිණිස දැනටමත් නේපාලය ට ගොඩබැස තිබෙනවා. කෙසේ වෙතත්, අනෙක් ක්‍රීඩකයින් ඔවුන්ගේ සංචාරක සැලසුම් තාවකාලිකව නතර කර PCBයෙන් අවසරය ලැබෙන තුරු බලා සිටින බව වාර්තා වනවා.

PCBය නිල වශයෙන් නිහඬතාවක

හදිසියේ කෙරුණු ‌මේ ඉල්ලීම හේතුවෙන් තරගාවලිය ආරම්භයේදී ම අලුත් ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. මෙහි ප්‍රධාන සාධකය ගාස්තු ගෙවීම ද, එසේත් නැත්නම් එවැනි ගාස්තුවක් නියම කිරීම ද යන්න පැහැදිලි නැහැ. මේ චෝදනා සම්බන්ධයෙන් PCBය නිල නිවේදනයක් නිකුත් කිරීමක් හෝ ප්‍රතිචාර දැක්වීමක් මෙතෙක් සිදුකර නැහැ.

මේ හේතුවෙන් ක්‍රීඩකයින් පත්ව සිටින්නේ දුෂ්කර තත්ත්වයකට. NPL සඳහා කොන්ත්‍රාත්ගතව සිටින කිසිම ක්‍රීඩකයෙකුට වර්තමානයේ ටෙස්ට් හෝ ජාත්‍යන්තර එක්දින තරග වෙනුවෙන් ක්‍රියාකාරී ජාතික යුතුකම් පවරා නැති බැවින් පාකිස්තාන ජාත්‍යන්තර රාජකාරි සමග ගැටෙන තරග සටහනක් මෙහි නැහැ.

පාකිස්තාන මණ්ඩලය මේ පරිපාලනමය ඇණහිටීම විසඳා NOC ගාස්තු පිළිබඳ ඔවුන්ගේ මතය පැහැදිලි කරන තෙක් පාකිස්තාන ක්‍රීඩකයින්ගේ නේපාල ප්‍රිමියර් ලීග් සහභාගිත්වය තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.

නෛතික අයිතිවාසිකම පැහැරගැනීමක්

විශේෂයෙන් T20 සුපිරි ක්‍රීඩකයින් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර කැලැන්ඩරය සමග තරග ෂෙඩූලය නොගැටෙන පරිදි තමන්ට කැමති ෆ්‍රැන්චයිස් ලීගයන් ඔ්නෑම ප්‍රමාණයක ක්‍රීඩා කිරීමේ නිදහස මේ වසර මුල සංශෝධනය කෙරුණු PCB කොන්ත්‍රාත්තුවෙන් න්‍යායිකව ලබා දී තිබෙනවා. නමුත් මෙම නියෝගයත් සමග එම අයිතිවාසිකම උල්ලංඝනය වීමක් සිදු කොට ඇති බව පැවසේ.

අද ආරම්භ වන NPL තරගාවලියට සම්බන්ධ කිසිම ක්‍රීඩකයෙක් වර්තමානයේ පාකිස්තාන ජාත්‍යන්තර එක්දින හෝ ටෙස්ට් කණ්ඩායම්වලට අයත්ව නැහැ. T20 තරග සම්බන්ධයෙන් බලන විට ද, පාකිස්තානය ට මෑත කාලයේ තරගාවලියක් මේ වන විට නියමව නැහැ.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...