The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!

Awara

Awara

October 27, 2026 • 6:19 PM

ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක හෙවිවේට් බොක්සිං ශූර ‘ඩයිනමයිට්’ ඩැනියල් ඩූබ්වාගෙන් (Daniel Dubois) අතිශයින් දරුණු පහර කෑමට ලක්වූ ෆැබිඔ් වෝඩ්ලී (Fabio Wardley) ට තරග තහනමක් පනවා තිබෙනවා.
  • අතරමග නතරකළ පහර කෑම 31 හැවිරිදි වෝඩ්ලී ලන්ඩනයේ O2 බොක්සිං වළල්ලේ පැවති තරගයේදී 29 හැවිරිදි ඩූබ්වාගෙන් නොසෑහෙන්න ගුටිකෑ අතර දෙවැනි වටයේ මිනිත්තු 2යි තත්පර 21ක් ගතව තිබියදී සටන නතර කෙරුණා.
  • බලවත් බොක්සිං ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් ඩූබ්වා ඔහුගේ ලෝක හෙවිවේට් කිරුළ රැක ගත් මේ තරගයේ පළමු වටය වෝඩ්ලි කෙසේ හෝ ඔරොත්තු දී සිටිය ද දෙවැනි වටයේදීත් එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ ඔහුගේ කඳවුර නුවණක්කාර ලෙස තරගය නතර කළා.
  • වෝඩ්ලි මෙන් ‘තාක්ෂණික බිම හෙළීමකට’ (තාක්ෂණික නොක් අවුට් - TKO) ලක්වන ක්‍රීඩකයන්ට මණ්ඩලය විසින් අවම වශයෙන් දින 28ක ක්‍රීඩා තහනමක් පනවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක හෙවිවේට් බොක්සිං ශූර ‘ඩයිනමයිට්’ ඩැනියල් ඩූබ්වාගෙන් (Daniel Dubois) අතිශයින් දරුණු පහර කෑමට ලක්වූ  ෆැබිඔ් වෝඩ්ලී (Fabio Wardley) ට තරග තහනමක් පනවා තිබෙනවා.

අතරමග නතරකළ පහර කෑම

31 හැවිරිදි වෝඩ්ලී ලන්ඩනයේ O2 බොක්සිං වළල්ලේ පැවති තරගයේදී 29 හැවිරිදි ඩූබ්වාගෙන් නොසෑහෙන්න ගුටිකෑ අතර දෙවැනි වටයේ මිනිත්තු 2යි තත්පර 21ක් ගතව තිබියදී සටන නතර කෙරුණා.

බලවත් බොක්සිං ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් ඩූබ්වා ඔහුගේ ලෝක හෙවිවේට් කිරුළ රැක ගත් මේ තරගයේ පළමු වටය වෝඩ්ලි කෙසේ හෝ ඔරොත්තු දී සිටිය ද දෙවැනි වටයේදීත් එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ ඔහුගේ කඳවුර නුවණක්කාර ලෙස තරගය නතර කළා.

සාහසිකව එක් පැත්තකට පමණක් සීමාවූ මේ සටනේදී වෝඩ්ලි ප්‍රතිවාදියාට වැදෙන්න ගැසුවේ පහර හතරක් පමණයි.

තරග තහනමේ ස්වභාවය

මේ අන්ත පරාජයෙන් පසුව ඔහු දැන් බ්‍රිතාන්‍ය බොක්සිං පාලක මණ්ඩලය යටතේ තරග කිරීමේ තහනමකට ලක්ව සිටිනවා.


වෝඩ්ලි මෙන් ‘තාක්ෂණික බිම හෙළීමකට’ (තාක්ෂණික නොක් අවුට් - TKO) ලක්වන ක්‍රීඩකයන්ට මණ්ඩලය විසින් අවම වශයෙන් දින 28ක ක්‍රීඩා තහනමක් පනවනවා.

තරගයකදී අත්විඳින ශාරීරික තුවාල හා කම්පනයේ දරුණුකම මත ඒ තහනම දීර්ඝ කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් වෝඩ්ලි මෙහි අවම කාලය ගත කිරීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා යළි තරග කිරීමට සුදුසුකම් ලබනවා.

අනිවාර්ය තහනමකදී සටන්කරුවන්ට තරග කිරීම පමණක් නොව බොක්සිං පුහුණුවේ තරග කිරීම (ස්පාරිං) ද තහනම් වනවා.

කිරුළ වෙනුවෙන් මුෂ්ටි පහර 60ක්

තරගය පැවති වට දෙකේදී වෝඩ්ලි ට එල්ල කිරීමට හැකිවුණේ මුෂ්ටි පහර 27ක් පමණයි. ඩූබ්වා එල්ල කළ පහර සංඛ්‍යාව 119ක්.

වෝඩ්ලිගේ උත්සාහයන් හිදී ඩූබාවා ට වැදුනේ පහර හතරක් පමණක් වූ අතර ඩූබ්වා සටන පැවති කෙටි කාලය තුළ ඔහුගේ ප්‍රතිවාදියාට 60 වතාවක් පහර දීමට සමත් වුණා.

තමා මෙන්ම එංගලන්ත ජාතිකයෙකු වන වෝඩ්ලී විනාශ කරමින් ලබා ගත් මේ ජයග්‍රහණයෙන් ඩූබ්වා රැක ගත්තේ ඔහුගේ WBO - ලෝක බොක්සිං සංවිධානයේ - හෙවිවේට් කිරුළ යි.  

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...