The Leader News
BREAKING
ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●කෘත්‍රිම බුද්ධි ගායිකාවකගේ 'ගැබ්ගැනීම' නිසා චීනයේ ඇවිළුණු අර්බුදය●උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●ඩේවිඩ් බෝවීගේ අඩ සියවසක සැඟවුණු ප්‍රසංගය යළි කරළියට●කොස්ටාරිකාවෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීමට දැවැන්ත මෙගා බන්ධනාගාරයක්●නාවලපිටියේ ළිඳකින් හමුවූ කඳුකර කොටියා: අනතුරක්ද? ඝාතනයක්ද?●ඖෂධ මිල පාලනයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි පියවරක්●මෝස්තර ලෝකයේ මිනිස් රැකියා AI ක්ලෝනවලට බිලිවේද?●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!

Awara

Awara

October 28, 2026 • 5:41 PM

ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දුව ඉදිරි සිවු වසර ඇතුළත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව බවට පත්කිරීම ඉලක්ක කරගත් පරිපූර්ණ සංවර්ධන සැලැස්මක මේ ප්‍රධාන කාරණා පිළිබඳව ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අතර සාකච්ඡා පැවැත්වුණි.
  • විශේෂයෙන් අවධාරණය කෙරුනු අති නවීන තත්ත්වයේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමේ කාරණය ඇතුළු අත්‍යාවශ්‍ය යටිතල සංවර්ධනය ‌සම්බන්ධයෙන් වන කාරණා මේ සාකච්ඡාවට ඇතුළත්ව තිබුණා.
  • සෑම දිස්ත්‍රික්කයකටම පාපන්දු පිටියක් රට පුරා පාපන්දු යටිතලය වර්ධනය කිරීමේ ප්‍රධාන මුල පිරීමක් ලෙස දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම පාපන්දු පිටියක් ඉදිකිරීමේ කටයුතු ලබන වස‌රේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
  • මේ සංකල්පයට අනුව 2031 වසර අවසන් වන විට FFSL හි සාමාජික ලීග හරහා පාපන්දු පිටි 40කට ආසන්න ප්‍රමාණයක් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන්නේ දරුවන්ට, තරුණ පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට පාපන්දු ක්‍රීඩාවට සහභාගි වීම සඳහා වැඩියෙන් අවස්ථාවන් ලබා දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දුව ඉදිරි සිවු වසර ඇතුළත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව බවට පත්කිරීම ඉලක්ක කරගත් පරිපූර්ණ සංවර්ධන සැලැස්මක මේ ප්‍රධාන කාරණා පිළිබඳව ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අතර සාකච්ඡා පැවැත්වුණි.

ඒ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් අසර්බයිජානයේ බාකූ අගනුවරදී ගෝලීය පාපන්දු ප්‍රධානී ජියානි ඉන්ෆන්ටීනෝ හමුවූ අවස්ථාවේ.

මෙහිදී, ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම හා යොවුන් කණ්ඩායම් දියුණු කිරීම සඳහා FIFA ලබා දෙන පුළුල් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කර සිටියා.

ඉන්ෆන්ටීනෝගෙන් යළි ප්‍රතිඥාවක්


පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකා පාපන්දුව අත් කරගෙන තිබෙන සැලකිය යුතු ප්‍රගතිය මේ හමුවේදී මතුකර දැක්වූ ක්‍රීඩා ඇමතිවරයා, රට පුරා පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය වේගවත් කිරීම පිණිස FIFA හා FFSL සමග සමීපව කටයුතු කිරීමේ ශ්‍රී ලංකා රජයේ වගකීම පිළිබඳව යළි සහතික වුණා.

ශ්‍රී ලාංකික පාපන්දුව ඊළඟ මට්ටමට ගෙන යාමේ FIFA කැපවීම පිළිබඳව ඉන්ෆන්ටීනෝ මෙහිදී යළි ප්‍රතිඥා දුන්නා. විශේෂයෙන් අවධාරණය කෙරුනු අති නවීන තත්ත්වයේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමේ කාරණය ඇතුළු අත්‍යාවශ්‍ය යටිතල සංවර්ධනය ‌සම්බන්ධයෙන් වන කාරණා මේ සාකච්ඡාවට ඇතුළත්ව තිබුණා.

යෝජිත සංවර්ධන වැඩසටහනේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම, යොවුන් කණ්ඩායම්, කාන්තා පාපන්දු ක්‍රීඩාව, පුහුණුකරුවන් හා තරග විනිසුරුවන්ගේ සංවර්ධනයට සහය වීම පිණිස FIFA විසින් අමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් මීළඟ සිවු වසරක චක්‍රයේදී ශ්‍රී ලංකාව ට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සෑම දිස්ත්‍රික්කයකටම පාපන්දු පිටියක්

රට පුරා පාපන්දු යටිතලය වර්ධනය කිරීමේ ප්‍රධාන මුල පිරීමක් ලෙස දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම පාපන්දු පිටියක් ඉදිකිරීමේ කටයුතු ලබන වස‌රේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ සංකල්පයට අනුව 2031 වසර අවසන් වන විට FFSL හි සාමාජික ලීග හරහා පාපන්දු පිටි 40කට ආසන්න ප්‍රමාණයක් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන්නේ දරුවන්ට, තරුණ පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට පාපන්දු ක්‍රීඩාවට සහභාගි වීම සඳහා වැඩියෙන් අවස්ථාවන් ලබා දෙමින්.

ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයක්

FIFA සහ FFSL සභාපතිවරුන් හා ක්‍රීඩා ඇමතිවරයා අතර පෙරේදා (26) බාකූ නුවර පැවති හමුවේදී සාකච්ඡා වූ තවත් ප්‍රධාන මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය යි.

මේ කාර්යයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග හවුල්කාරිත්වයෙන් යුතුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යෝජිත මධ්‍යස්ථානය සඳහා තාක්ෂණික විශේෂඥ ඥානය සහ යටිතල සහාය ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍යංශයට උපකාර කිරීමට නියමිතයි.

ක්‍රීඩක සංවර්ධනය වැඩි දියුණු කිරීම, පුහුණුකරුවන්ගේ ප්‍රමිතිය ශක්තිමත් කිරීම හා සියලු ක්‍රීඩාවන් හි සහජ කුසලතා තිබෙන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළම මට්ටමෙන් තරග කිරීම සඳහා වෘත්තීය ගමන් මඟක් නිර්මාණය කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් මේ මධ්‍යස්ථානයේ ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්

පාපන්දු ක්‍රිඩාවේ සහභාගිත්වය වැඩි කිරීම, යටිතලය ශක්තිමත් කිරීම හා ක්‍රීඩාවේ සමස්ත තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, FIFA සහ FFSL සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ ජාතික ප්‍රයත්නයක් කරා තබන වැදගත් පියවරක් මේ සාකච්ඡාවන් නිරූපණය කරනවා.

ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට හා රටේ සියලු ප්‍රදේශවල පාපන්දු ප්‍රජාවන්ට වඩාත් හොඳ අවස්ථාවන් නිර්මාණය කරන අතරතුර සෑම කෙනෙකුට ම හැමතැනකින් ම පාපන්දු ක්‍රීඩාවට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවන පරිදි සංවර්ධන කටයුතු මාලාවක් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ අනාගතය කේන්ද්‍ර කරගත් අසර්බයිජාන් සාකච්ඡා අවසන් වුණේ FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ආචාරශීලී කතාබහක නිරත වෙමින්.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...