මැඩපැවැත්වීමට දුෂ්කර විනාශකාරී ක්‍රීඩාවක නිරත වූ ඔස්ට්‍රේලියාව කාන්තා රග්බි ලීග් ලෝක කුසලාන තරගයකදී වේල්සය ලකුණු 124 – 6 කින් පරාජය කරමින් ජාත්‍යන්තර රග්බි ඉතිහාසයේ ලොකුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.
පිට පිට සිවු වැනි ලෝක කිරුළක් දඩයම් කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිඩ්නි හි පැවති පැත්තකට වඩා බරවූ මේ තරගයේදී ට්‍රයි 21ක් ලබා ගත්තා.
තරගයේ පළමු භාගය අවසානයේ පැවති ලකුණු සංඛ්‍යාව වූ 60 – 0 පිරිමි හෝ කාන්තා ඔ්නෑම ලෝක කුසලාන රග්බි තරගයක විශාලතම ලකුණු ප්‍රමාණය වූ අතර ඔස්ට්‍රේලියානුවන් තව තවත් ට්‍රයි ලබා ගනිමින් අවසානයේදී ලකුණු 124 – 6ක පහසු ජයග්‍රහණයක් සටහන් කළා.
අවසන් මිනිත්තුවේ වාර්තා වූ ජේමී චැප්මන්ගේ හය වැනි ට්‍රයි දිනුමෙන් ඔවුන් ඩෙන්මාර්කයේ පිරිමි කණ්ඩායමේ ලොකුම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව වන 2012 වසරේ ස්වීඩනය ට එරෙහි 122 – 8 අභිභවා ගියා.
වේල්සය ට එරෙහි ප්‍රතිඵලයේ ඇති ලකුණු 118ක ජයග්‍රාහී වෙනස ඔ්නෑම කාන්තා තරගයක ලොකුම ලකුණු අන්තරය වනවා. ප්‍රංශයේ පිරිමි කණ්ඩායම 2003 වසරේදී සර්බියාව අන්ත පරාජයට ලක් කරමින් ලකුණු 120 – 0ක ජයක් වාර්තා කළා.
එහෙත්, තරගයේ අසරණ තත්ත්වයට පත්ව ලකුණු 100 – 0කින් පිටුපසින් සිටියදී පේජ් ට්‍රැවිස් ට්‍රයි දිනුමක් (ගෝලයක් බවට පරිවර්තනය කෙරුණු) ලබා ගනිමින් මේ තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු ලබා ගත් පළමු කණ්ඩායම බවට වේල්සය පත් කිරීමත් සමග නැගුණු උන්මාදිත ප්‍රීති ඝෝෂාවෙන් ක්‍රීඩාංගණය දෙදරා ගියා.
ජිලරූස් (Jillaroos) නමින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා ජාතික රග්බි ලීග් කණ්ඩායම නොකඩවා තෙවැනි වතාවටත් ශූරියන්ව සිටින කණ්ඩායම වන අතර වේල්ස් කණ්ඩායම මේ තරගාවලියට සහභාගි වන්නේ ප්‍රථම වරට යි. ඔවුන් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2021 වසරේ.
මෙය වේල්ස කාන්තා කණ්ඩායමේ 16 වැනි තරගය හා ඔස්ට්‍රේලියාව ට එරෙහි පළමු තරගය වී තිබුණා. ඔවුන් දැනටමත් ලෝක කුසලානයේදී එංගලන්තය ට 70 – 6කින් ද, සමෝවා ට 76 – 0කින් ද පරාජය වී සිටිනවා.
මේ ජයග්රහණයේදී ජිලරූස් 2022 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රංශය ට එරෙහිව සටහන් කර තිබූ ඔවුන්ගේ ලකුණු 92 – 0ක වාර්තාව බිඳ දැමුවා.
කාන්තා රග්බි ලීග් ලෝක කුසලානය: ඔස්ට්‍රේලියාවට 124 – 6ක වාර්තාගත ජයග්‍රහණයක්!
Awara
November 2, 2026 • 5:39 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මැඩපැවැත්වීමට දුෂ්කර විනාශකාරී ක්‍රීඩාවක නිරත වූ ඔස්ට්‍රේලියාව කාන්තා රග්බි ලීග් ලෝක කුසලාන තරගයකදී වේල්සය ලකුණු 124 – 6 කින් පරාජය කරමින් ජාත්‍යන්තර රග්බි ඉතිහාසයේ ලොකුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.
- පිට පිට සිවු වැනි ලෝක කිරුළක් දඩයම් කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිඩ්නි හි පැවති පැත්තකට වඩා බරවූ මේ තරගයේදී ට්‍රයි 21ක් ලබා ගත්තා.
- තරගයේ පළමු භාගය අවසානයේ පැවති ලකුණු සංඛ්‍යාව වූ 60 – 0 පිරිමි හෝ කාන්තා ඔ්නෑම ලෝක කුසලාන රග්බි තරගයක විශාලතම ලකුණු ප්‍රමාණය වූ අතර ඔස්ට්‍රේලියානුවන් තව තවත් ට්‍රයි ලබා ගනිමින් අවසානයේදී ලකුණු 124 – 6ක පහසු ජයග්‍රහණයක් සටහන් කළා.
- අවසන් මිනිත්තුවේ වාර්තා වූ ජේමී චැප්මන්ගේ හය වැනි ට්‍රයි දිනුමෙන් ඔවුන් ඩෙන්මාර්කයේ පිරිමි කණ්ඩායමේ ලොකුම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව වන 2012 වසරේ ස්වීඩනය ට එරෙහි 122 – 8 අභිභවා ගියා.

ක්‍රීඩා සංස්කාරක
ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.
View all stories by වර්නන් ගුණසේකරඅපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


