The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තව ගෝල 15යි: රොනාල්ඩෝගේ ගෝල දහස නියතයක් වන ලකුණු!

Awara

Awara

November 2, 2026 • 5:56 PM

තව ගෝල 15යි: රොනාල්ඩෝගේ ගෝල දහස නියතයක් වන ලකුණු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියේ ගෝල 1,000ක් වාර්තා කිරීම නියතයක් වන ලකුණු දැන් පහළව තිබෙනවා.
  • සෞදි අරාබි වෘත්තීය ලීගයේ අල්-කොලූඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ මිනිත්තු 15ක් ඇතුළත ගෝලතුනක් (හැට්-ට්‍රික්) ලබා ගනිමින් රොනාල්ඩෝ ඔහුගේ අල්- නස්ර් කණ්ඩායම ගෝල 5-3ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූයේ ඔහුගේ ක්‍රීඩා දිවියේ ගෝල එකතුව 985 දක්වා ඉහළට ගෙන එමින්.
  • මෙසීට වඩා ගෝල 49ක් ඉදිරියෙන් රොනාල්ඩෝ මේ තරගයේ 66, 72 හා 81 වැනි මිනිත්තුවලදී ගෝල ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ ඔහුගේ ගෝල දහසේ ඉලක්කයට තවත් ගෝල 15ක් පමණක් අඩුවෙන් සිටිමින්.
  • දෙවැනි ස්ථානයේ පසුවන ලියොනල් මෙසීගේ ගෝල 936 ට වඩා ගෝල 49ක් ඉදිරියෙන් සිටිමින් පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින රොනාල්ඩෝ මේ තරග වාරයේ අල්-නස්ර් කණ්ඩායම හා පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරන තරගවලදි ඔහුගේ ගෝල සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියේ ගෝල 1,000ක් වාර්තා කිරීම නියතයක් වන ලකුණු දැන් පහළව තිබෙනවා.

සෞදි අරාබි වෘත්තීය ලීගයේ අල්-කොලූඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ මිනිත්තු 15ක් ඇතුළත ගෝලතුනක් (හැට්-ට්‍රික්) ලබා ගනිමින් රොනාල්ඩෝ ඔහුගේ අල්- නස්ර් කණ්ඩායම ගෝල 5-3ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූයේ ඔහුගේ ක්‍රීඩා දිවියේ ගෝල එකතුව 985 දක්වා ඉහළට ගෙන එමින්.

මෙසීට වඩා ගෝල 49ක් ඉදිරියෙන්

රොනාල්ඩෝ මේ තරගයේ 66, 72 හා 81 වැනි මිනිත්තුවලදී ගෝල ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ ඔහුගේ ගෝල දහසේ ඉලක්කයට තවත් ගෝල 15ක් පමණක් අඩුවෙන් සිටිමින්.

දෙවැනි ස්ථානයේ පසුවන ලියොනල් මෙසීගේ ගෝල 936 ට වඩා ගෝල 49ක් ඉදිරියෙන් සිටිමින් පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින රොනාල්ඩෝ මේ තරග වාරයේ අල්-නස්ර් කණ්ඩායම හා පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරන තරගවලදි ඔහුගේ ගෝල සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.


‘හැට්-ට්‍රික්’ 67ක්

අල්-කොලූඩ් ට එරෙහි තරගයේදී රොනාල්ඩෝ දැලට ආසන්නව සිට ගෝල දෙකක් ද, ඒ අතරමැද හිසෙන් පන්දුව දැල තුළට යවමින් ඔහුගේ තෙවැනි ගෝලය ද ලබා ගත්තේ 2023 වසරේදී සෙෘදි අරාබිය ට පැමිණීමෙන් පසුව අල්-නස්ර් කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ හත් වැනි ‘හැට්-ට්‍රික්’ ගෝල ලබා ගැනීම සටහන් කරමින්.

රොනාල්ඩෝ දැන් ඔහුගේ ක්‍රීඩා දිවියේදී ක්‍රීඩා සමාජ හා රට වෙනුවෙන් ‘හැට්-ට්‍රික්’ හපන්කම් 67ක් වාර්තා කර තිබෙනවා. ඒ රේආල් මෙඩ්රීඩ් වෙනුවෙන් 44ක්, පෘතුගාලය වෙනුවෙන් 10ක්, අල්-නස්ර් වෙනුවෙන් 7ක්, මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් 3ක් සහ යූවෙන්චස් වෙනුවෙන් 3ක් වශයෙන්.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...