දකුණු ආසියානු පාපන්දුවේ ‘ලෝක කුසලානය’ ලෙසින් සැලකෙන සාෆ් ශූරතාවලියට (SAAF Championship) සහභාගි වීම පිණිස 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් දැන් බංග්ලාදේශයේ ධකා අගනුවරට ගොස් සිටිනවා.
දෙවසරක් තිස්සේ පියවරෙන් පියවර ඉදිරියට තබමින් සාෆ් කුසලානය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඒකායන අරමුණ වී තිබෙන්නේ තරගයෙන් තරගය ඉදිරියට ගොස් මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමයි.
නොවැම්බර් 5 සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනෙන් පිටත්ව ගිය 30 දෙනෙකුගෙන් ශක්තිමත් නියෝජිත පිරිසට ක්‍රීඩකයින්, කණ්ඩායම් නිලධාරීන් හා සහාය කාර්ය මණ්ඩලය ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, භූතානය, මාල දිවයින් හා සත්කාරක බංග්ලාදේශය යන රටවල් හය ධකා නුවර ජාතික ක්‍රීඩාංගණයේදී දකුණු ආසියානු පාපන්දුවේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන අතර දශක තුනකට වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකාව සාෆ් කුසලානය දිනා ගැනීමේ ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන්ගේ ප්රාර්ථනාවන්ට THE LEADER ද සුභපැතුම් එක් කරනවා.
වසර 31කට පසු ශ්‍රී ලංකා බලාපොරොත්තුව
ශ්‍රී ලංකාව අවසන් වරට සාෆ් කුසලානය දිනා ගත්තේ 1995 වසරේ. ඒ, සම්පත් පෙරේරාගේ නායකත්වය යටතේ. ශ්‍රී ලංකාව එදා එම ඵෙතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේ අතිරේක කාලයේදී ගෝලයක් ලබා ගෙන ඉන්දියාව 1-0කින් පරදවමින්.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වල 184 වැනි ස්ථානයට පිවිස සිටින ශ්‍රී ලංකාව ධකා පාපන්දු තරග බිමේ පැවැත්වෙන 15 වැනි සාෆ් පාපන්දු ශූරතාවලියේ ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ කරන්නේ භූතානය ට එරෙහිව නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන තරගයෙන්.

ඉක්බිතිව ඔවුන් නොවැම්බර් 11 වැනිදා බංග්ලාදේශය සමග තරග කරමින් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පිවිසීමට බලාාපොරොත්තු වනවා. අවසාන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 17 වැනිදා.
සාෆ් පාපන්දු කිරුලේ හිමිකරුවෝ
ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය (මෙවර සහභාගි වන්නේ නැහැ) ද සාෆ් පාපන්දු කිරුළ දිනා ගෙන ඇත්තේ එක් වරක් පමණයි. මාල දිවයින් දෙවතාවක් ශූරතාව හිමි කරගත් අතර වර්තමාන ශූරයින් වන ඉන්දියාව මේ තරගාවලිය නව වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.
පෙර නොවූ පූර්ව සූදානමක්

පෙර සූදානමක් නැතිව මෙවර තරගාවලියට සහභාගි වනවා වෙනුවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්ගේ මඟ පෙන්වීමට යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් සාර්ථක මිත්‍ර තරග මෙහෙයුමක යෙදුණා.
සැප්තැම්බර් හා ඔක්තෝබරයේ පැවති එම ජාත්‍යන්තර තරගවලින් ශ්‍රී ලංකාව ට ඉතාමත් හොඳ තරග සූදානමක් ලැබුණේ ඒවායින් අත්කර ගත් සාර්ථකත්වයෙන්. එහිදී අප්‍රිකානු රටවල් වන සීචෙල්ස් ගෝල 3-0ක් හා 2-0කින් පරාජය කළ ශ්‍රී ලංකාව මොරිෂස් සමග තරගය ගෝල 3-2කින් ජය ගැනීමට සමත් වුණා.
ආසියානු පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුවේ සභාපති ජස්වර් උමාර් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව පාපන්දු නිවහනේදී මෙසේ අදහස් දැක්වුවා:




